(මනෝප්රිය ගුණසේකර සහ හර් ෂණ තුෂාර සිල්වා)
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් කල්මුණේ පොලිස්ථානය තුලදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (19) පැවසීය.
කල්මුණේ පොලිස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලය තුළදී ඊයේ සවස 5.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.
වෙඩි තබාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරි කළ යාපනේ පදිංචි 21 හැවරිදි පොලිස් නිලධාරියෙක් බවඑම කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! පව් ... පුදුම දේ තමයි මේ කාලේ අසන්නට දකින්නට ලැබෙන්නේ ... හේතුව කුමක් වුවත්, මෙහෙම වෙඩි තබාගන්න මොනතරම් විශාල මානසික පීඩනයක් ඔහුට තියෙන්නට ඇතිද ? .... සියදිවි නසා ගත් අයෙකුට රක්ෂණ හිමිකමක් හෝ ලබාගන්නට බැහැ ... මෙහිදී බලධාරීන් කල්පනා කළයුතු දෙයක් තිබෙනවා. මොවුන්ව පොලිස් විරුවන්, රණ විරුවන් ආදී වශයෙන් උඩ දමනවාට වඩා ඔවුන්ගේ දිවියේ දුක්ඛ දෝමනස්ස වලට සැබෑ පිළියම් යොදනවානම් එය වඩා අගනා ක්‍රියාවක් නොවන්නේද ? සත්තකින්ම වියයුත්තේ එයයි. අශ්වයා මතුපිටින් පිසදමමින් පොලිෂ් කරනවාට වඩා එම සතා කවා පොවා නාහවා පෝෂණය කිරීම වඩා වැදගත් වන්නේය ...
පුදුම සහගතයි... මීට හේතුව සොයාබැලිය යුතුයි.