IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය බැංකු දෙකක් ලාභ පෙන්වයි

(අංජුල මහික වීරරත්න)

ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) සිදු විය. 

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා  සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහත්වරු අදාළ වාර්තා  ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළේය. 

මෙම ලාභය බදු පැනවීමට පෙර ලබා ගත් ලාභය බව පෙන්වා දුන් සභාපතිවරයා ව්‍යාපාර සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ මූල්‍ය ආයතනයක් ලෙස ලංකා බැංකුව ප්‍රමුඛත්වය ගෙන තිබෙන බවද  පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේ, 2023 වසරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැබු රුපියල් බිලියන 4.2ක ලාභය 2024 වසර වන විට රුපියල් බිලියන 26.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවයි. 

ජාතික ඉතිරි බැංකුවට මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට රට තුළ පවතින ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ඉවහල් වු බව පෙන්වා දුන් හර්ෂ කබ්රාල් මහතා, රාජ්‍ය ආයතන රජයට හෝ මහා භාණ්ඩාගාරයට බරක් නොවී විධිමත් කළමනාකරණයක් තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවට මෙය කදිම නිදසුනක් බවද සඳහන් කළේය. 

2025 වසරේදී මින් ඔබ්බට ගිය සාර්ථකත්වය ලබා ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය බැංකු දෙකක් ලෙස ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව කෙටි කලකදී ලබා ගෙන ඇති මෙම ජයග්‍රහණය ඇගයිමට ලක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපායමාර්ගික නායකත්වය, කැපවීම සහ විධිමත් කළමනාකරණය තුළින් රාජ්‍ය ආයතන මෙරට ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක කර ගත හැකි බවත්, මෙම බැංකු දෙක ලබා ඇති ප්‍රගතිය තුළින් එය මැනවින් පිළිබිඹු වන බවත් සඳහන් කළේය.

2025 වසරේදී ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තම ඩිජිටල් යටිතල පහසුකම් හා පරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී සභාපතිවරු වැඩිදුරටත් සඳහන් කළහ.



අදහස් (6)

රාජ්‍ය බැංකු දෙකක් ලාභ පෙන්වයි

idr tharanga Thursday, 22 May 2025 03:51 PM

බැංකු එකවර ලාභ වැඩි උනේ ණය වල ප්‍රතිශතය වැඩි කරපු නිසා. තැන්පතු වලට ඉතා අඩු පොලියක්, ණය සඳහා ඉතා වැඩි පොලියක්. රටේ සෑම මිනිසෙක්ම අසීමිත ලෙස ණය වෙලා කියලා ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක් තිබුණා. ඒවා බොරු නෙමෙයි.

:       1       15

Mahajanathawa Thursday, 22 May 2025 07:08 PM

මට අත්දැකීමක් තියෙනවා, NSB එක දැන් එයාලගේ අලුත් ණය වලට අඩු පොලියක් දෙනවා, තියෙන ණය වලට වැඩි පොලියක් අය කරනවා. එයාලා අපේ ලේ මස් උරා බොනවා.

:       0       1

prasanna Thursday, 22 May 2025 07:09 PM

මේවා වේදිකා නාට්‍ය මිසක් යතාර්ථය නෙවේ, ජනතාවගේ රත්තරන් බඩුත් බැංකුවලට සින්න වෙලා ණය බරින් පීඩිත වෙලා ඉන්නේ, 76 අවුරුද්දක් පාඩුවට දුවලා තියෙන්නේ.

:       0       1

රුවන් Thursday, 22 May 2025 07:40 PM

ගෝටා ධම්මික පෙරේරාට විකුණලා දාන්න ගිය ජාතික ඉතිරිකිරීමේ බැංකුව. වෙලාවකට අරගලය ආවේ.

:       0       1

Athula Friday, 23 May 2025 12:34 AM

දූෂණය නාස්තිය නැති කලහම ලැබෙන ප්‍රතිලාබ මේ.. වෙනද ජනාධිපතිගේ සිට උන්ගේ ලේඛම් ගේ සිට ආණ්ඩුවේ කියලා ඉන්න තක්කඩි සේරම උන්ගේ පව් යවන්නේ අපේ බැංකු වලින්.. මේවා තමයි වෙනස කියන්නේ

:       1       0

SL Friday, 23 May 2025 02:15 PM

NSB ඔහොම තියෙනවා ඇති. කම්මැලි ලෝකයක් පුදුම ආඩම්බරකමක් තියෙන්නේ වැඩක් කරන්න ගියහම. දවසේ වැඩේට මාසයකට වැඩි කාලයක් ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site