(සුජිත් හේවාජූලිගේ)
රජය විසින් මෑතකදී පත්කරන ලද තවත් ප‍්‍රධානීන් තිදෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වශයෙන් පත්කෙරුණු බී.ජී.එස්. ගුණතිලක, පාකිස්ථාන් ශ‍්‍රී ලංකා මහ කොමසාරිවරයා ලෙස පත්කෙරුණු නුර්ධීස් මොහොමඩ් ෂහීඩ් හා ඇල්කඩුව ප්ලාස්ටේෂන් ලිමිටඩ්හි සභාපති වශයෙන් පත්කෙරුණු නාලක යන මහත්ම මහත්මීන්ගේ සුදුසුකම් මෙසේ පරීක්ෂා කර බැලෙන බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයෙක් පැවසීය.
මේ නිලධාරීන්ගේ පත්කිරීම් සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ සංවිධානයකට විරුද්ධත්වයක් ඇත්නම් ඒ විරෝධතා ලබන 31 වැනි දා ට පෙර පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ඒ කාරක සභාව ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරලා වැඩක් නැහැ. නුසුදුසු අයව පත් කළොත් තමයි, සංවර්ධනය වේගවත් වෙන්නේ!
නොදන්නා කමට අහන්නේ කවුරු හරි දන්නවද අර ඒ එස් පි ලියනගේ කියන කටාර් තානාපතිගේ සුදුසුකම්??
තනතුරට පත්කරලා පසුවයි සුදුසුකම් සොයන්නේ. අනේ හොඳා
ගත්තත් තනතුරක් ටොම් පච කියල... තැන තැන දුවනවා තනතුරේ ලොකු කියල... මුට්ටිය නිසා තවමත් තනතුරේ රැදිල..... අනේ අපේ ලොක්කට නම් මල පැනල....
එකම සුදුසුකම දේශපාලකයන්ට පන්දම් ඇල්ලීම පමණි
බොරු වැඩක්, පෙත්සම් සලකල බලල කොමිටිය දයාන් රුසියාවෙ තානාපති හැටියට පත් කිරීම නුසුදුසුයි කිව්වත් ජනාධිපති එයාව පත් කළා. ඉතින් මොකට සුදුසුකම් බලනවද ?