රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2016 කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතයේදී අද පැවති අතර මෙවර එය පැවැත්වුණේ කලාකරුවන්ගේ නිහඩ විරෝධතා මධ්‍යයේය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නිසි පරිදි නොලැබුණු බව කියමින් ඊට සහභාගී වූ කලාකරුවන් සම්මාන උළෙළ අතරතුර වේදිකාවට ගොඩවී විරෝධතා පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවන්හි නිරත වනු දක්නට ලැබිණි.
රාජ්‍ය නාට්‍ය උළෙලක මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බව වාර්තා වේ.
පසුගිය වසරවලදී සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර අධ්‍යාපනයට අමාත්‍යාංශයට පැවරී තිබූ අතර එයට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බව පවසමින් එම කලාකරුවෝ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයේ නිරත වූහ.
‘රාජ්‍ය මෙච්චර පීචං ද මචං‘, ‘ ජනාධිපතිතුමනි සංස්කෘතික ජීවිතේ කියලා දේකුත් තියනවා‘, ‘අධ්‍යාපන ඇමතිතුමනි, නාට්‍ය අදාළ නැහැනේ‘ ආදී සටන්පාඨ එම පුවරුවල සදහන්ව තිබිණි.
රංගන ශිල්පීන් වන නාමල් ජයසිංහ, ජගත් මනුවර්ණ සහ ජෙහාන් ශ්‍රී කාන්තන් යන මහත්වරු සම්මාන උළෙලේ නිවේදක දෙපල පසකට කර තම විරෝධතාවට හේතු වන කරුණු ගැන සභාව දැනුවත් කළහ.
මෙයට සහභාගී වූ බොහෝ කලාකරුවන් ඇතුළු පිරිස් සම්මාන උළෙලට පැමිණියේ ද අත්වල කළු පටි බැඳගෙනය.
රාජ්‍ය නාට්‍ය උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව සිටි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උළෙලට පැමිණ නොසිටි අතර සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය හා ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම විරෝධතා දැක්වූ කලාකරුවන් අතර සිටි බොහොමයක් දෙනා වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ‘අලූත් පරපුර‘ සංවිධානය නියෝජනය කළ කලාකරුවන්වීම විශේෂත්වයකි.
මේ වසරේ මුලදී රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබුණද පසුව එය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරිණි.
රාජ්‍ය නාට්‍ය උළෙල මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත්වුණු අතර අද (1) දිනයේදී එය පැවැත්වූයේ නාට්‍යකරුවන්ගේ දැඩි වුවමනාව මත බව වාර්තා විය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළලේදී හොඳම නාට්‍යයට හිමි සම්මානය ‘රජා මං වහලා‘ නාට්‍යයට හිමි වූ අතර එහි අධ්‍යක්ෂ චාමික හත්ලහාවත්ත හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේය.
හොඳම නළුවාට හිමි සම්මානය සරත් කරුණාරත්නට හා සනත් විමලසිරි ට හිමිවිය. හොඳම නිළියට හිමි සම්මානය තෙරු‚ අශංසා හා උමයංගනා වික්‍රමසිංහට හිමි විය. ඔවුන් සිව් දෙනාම මෙම සම්මාන ලැබූයේ ‘රජා මං වහලා‘ නාට්‍යයේ කළ රංගනයන් වෙනුවෙන්වීම විශේෂත්වයකි. ප්‍රධාන සම්මාන සියල්ලම පාහේ මෙම නාට්‍යයට හිමිවීම විශේෂත්වයකි.
මෙහිදී විරෝධතා දක්වමින් අදහස් දැක්වූ රංගන ශිල්පී ජෙහාන් ›කාන්තන් මහතා මෙසේ අදහස් දැක්වීය.
්ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අපට ඇත්තේ වේදනාවක්. අප ගැන තීන්දු තීරණ ගැනීමට ඔබව පත් කළ අපට දැන් ඒ ගැන ඇත්තේ කණගාටුවක්, දුකක් හා වේදනාවකි. අපට අප ගැන තරහක් වේදනාවක් උපදිනවා. බොරු පොරොන්දු දුන් අය පිළිබඳ අපට ඇත්තේ අනුකම්පාවක්.
වෙනදාට රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින ජාතික කලා මණ්ඩලයක් හා නාට්‍ය අනු මණ්ඩලයයි. මේ රජය පත්වීමත් සමඟ නාට්‍ය අනු මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙනවා. එතකොට රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය වගකීම අධ්‍යාපනය අමාත්‍යාංශයට පැවරෙනවා. ඒත් සමඟ හුණුවටයේ කතාවේ වගේ අම්මලා දෙන්නෙක් මතු වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් අතර කඹ ඇදිල්ලක් මතු වෙනවා.
මේ කිසිදු තීරණයක් ගත්තේ අපි නෙමෙයි. මේ තීරණ අපෙන් අහලා ගත්තු තීරණ නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ ගෞරවාන්විත රාජ්‍ය නාට්‍ය උළෙලක් පමණයි. ඒ දේ වෙනවානම් අපට කවුරු සංවිධානය කළත් කමක් නැහැ.් යැයි ද ඔහු ස`දහන් කළේය.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පැවැත්වුණත් වලි. නොපැවැත්වුණත් වලි. අපේ රටේ කලාකාරයෝ හිටියේ අතීතයේ විතරයි. (නි)
දැන් ඔබට සතුටුද.? (ර)
කාටවත් කරදරයක් නැති, ඉහල මට්ටමේ විරෝධතාවක් කියලයි මම නම් හිතන්නේ? (ර)
කලාකරුවන්ද මධ්‍යස්ථ මතධාරීන් වියයුතුයි. බොහෝ කලාකාරයෝ තමන්ගේ මඩිය තර කරගන්නටත් නම්බු නාම ගන්නටත් මීට කලින් බලයේ හිටිය හැම දේශපාලුවන්ටම ප්‍රශස්ති ගීත ගායනා කළා. කලා ක්ෂේත්‍රයේද ඉන්නේ අපි වගේම පෘතග්ජන ජන කොටසක්. මේ සිදුවී ඇත්තේ කලාකරුවන්ට විශේෂයෙන් සිද්ධවූ දෙයක් නොවෙයි. සකල මහජනයාටම සිද්ධවූ සිද්ධියේ තවත් අංශු මාත්‍රයක් පමණයි. (නි)
ඉල්ලපු වෙනසයි හැමෝටම ලැබිලා තියෙන්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
මටනම් පෙන්නේ මහා විකාරයක් වගේ... (ර)
නිමල් හරියට හරි. (ර)
මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න එපා. (ර)
ඔබට සතුටුයිද දැන්. (ර)
අද රටේ කඩා නොවැටුන අංශයක් තියෙනවා නම් කියන්නකෝ කව්රු හරි... (ර)
ඇමති කෙනෙක් ගේ අතින් ජනතා සම්මානයක් ගන්න අපේ රටේ සමහර කලාකරුවන් මේ තරම් කැමති බව මන් දැනතතේ මේ සිද්ධියෙන් තමයි..(බ)
මේක යහපාලන රජය නිර්මාණය කරන්න දායක වූ කලාකරුවන් කිහිප දෙනෙක් සහ වත්මන් සම්මුතිවාදී රජය සමග ඇති ප්‍රශ්නයක්.. ඉතිං මේ ප්‍රශ්නය හොරුන්ට කඩේ යන අයට අදාළම නැහැ. (බ)
අලුත් පරපුර, යහපාලනයට කඩේ ගිහින් දැන් සනීපද? (නි)
අලුත් පරපුර අහුවුණා, කඩේ ගියා, පරණ (පරපුරේ) විදියටම මේ පාරත් වැඩ සිදුවුණා, දුක්වුණා. වයසේ වැරැද්දවද්ද? (නි)
මෙන්න සැබෑ වෙනසක්! (නි)
හැමදෙයටම රජය ඇඟිලි ගහන්නේ ඇයි? ඒවා සම්බන්ධව දන්නා අයට සංවිධානය කරන්න පුළුවන්නේ. සාමාන්‍ය ජනතාව රැවටෙන එක තමයි හැමදාම වෙන්නේ (නි)
ඔන්න ඉල්ලපු වෙනස ලැබෙමින් පවතිනවා. අපි හැමෝම සතුටුවෙමු (නි)
දැන් ලැම්බෝගිනි සිහිනය සැබෑවෙලාද දන්නේ නැහැ මෙතන සමහරුන්ගේ? (නි)
අනේ රටකට ගිය කලක්! (නි)
සැබෑ වෙනසට මුලපිරූ යහපාලනය ගැන ලැජ්ජයි (නි)
මහජන විරෝධයට ජය වේවා! (නි)
ඉතාමත් සංවේදී සහ අහිංසක විරෝධතාවක්. මෙවැනි පණිවිඩයක් තේරුම් ගන්න තරම් බුද්ධිමත් අය රජයේ ඉන්නවද යන්න අපිට බලාගන්න හොඳ අවස්ථාවක්. ඔබට "ජය වේවා!" (නි)
රටත් ඉවරෙටම ඉවර එකේ කලාව හා සංස්කෘතිය ගැන කවර කථාද? (නි)
නාට්‍යයේ නමින්ම හිතාගන්න පුළුවන් සෑහෙන අපක්ෂපාතිව තෝරලා තියන බව! (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
කාරණය පැහැදිලියි. රට ජාතිය, ආරක්ෂාව, හමුදාව පොලිසිය, නිදහස් සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය ක්‍රියාවලිය, ආදී හැම පැත්තක්ම කඩා බිඳ දමා අසාර්ථක රාජ්‍යයක් බවට ලංකාව පත්වෙමින් පවතී. යහපාලනය නමින් කෙරෙමින් තියෙන්නේ එපමණයි. එය දැන/නොදැන අනුමත කරමින් වැඩි ජන කැමැත්ත ගොඩ නඟන්න ඡන්දය දුන් බහුතරයට විඳවන්න කාලයයි මේ (නි)
අන්තෝ ජටා බහි ජටා.!! (නි)
කිසි ප්‍රශ්නයක් නැහැ. කලාවට ආණ්ඩුව අත නොතබන එක නොවේද හොඳ. මෙතන ඉන්න හුඟ දෙනකුට නොතේරෙන කාරණයක් තමයි සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක කලාව ස්වාධීනයි. හැකිනම් පෞද්ගලික අනුග්‍රාහකයෙක් හොයා ගන්න (නි)
ඌන පෝෂණයෙන් බහුතර ජනතාවක් පෙළෙන රටක කලාවට 3% ක් වෙන්කළේ ඇයි. මේ මුදල් පොහොර, බීජ ගොවීන්ට නොමිලේ ලබාදීමටත් , නොමිලේ ගොවි උපකරණ සංචිතයක් පවත්වාගෙන යාමටත් ආයෝජනය කරන්න. එවිට ආහාර මිල අඩු වී ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ යනු ඇත. ඒ වගේම චිත්‍රපටවලින් අධික ලෙස මුදල් සොයන පිරිස් වලට ඉහළ බදු පැනවීමත් මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අහෝසි කිරීමත්, විදේශ සවාරි නැවැත්වීමත් රටේ ආර්ථිකය තුලනය කිරීමට හේතු වෙනු ඇත. (නි)
ඔහොම වෙලා මදි. ලක්ෂ 200ක ජනතාව මේවට ශාප කරනවා. (නි)
ජනාධිපතිතුමනි, අපට මඩු වලිගෙන් තලන්න (නි)
ඔය ලැබිලා තියෙන්නේ අපමණ අගයක් සහ බලාපොරොත්තු වූ වෙනස... (නි)
මෙහෙම දේවල් වෙන එක ගැන අපි නම් පුදුමවෙන්නේ නැහැ (නි)