මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් වෙළෙඳ අමාත්‍යංශය අද දඹුල්ලේ එළවළු මිලට ගැනීම ඇරැඹීය.
කිලෝව රුපියල් පහට විකිණීමට ගෙන ආ කැකිරි කිලෝවට රුපියල් 10-15 අතර මිලකට ද, රුපියල් පහළොවට විකිණීමට ගෙනා මලයාසියා වට්ටක්කා රුපියල් 25 ට ද, රුපියල් 10-15 අතර මිලකට වික්‍ණීමට ගෙන වම්බටු කිලෝවකට රුපියල් 30ක් ද අමාත්‍යංශයෙන් ගොවියාට ලැබිණි.
මේ ක්‍රමය ගැන සතුට පළ කරන ගොවියෝ එළවළු විකුණා ගැනීමට නොහැකිව තොග පිටින කුණු ගොඩට දැමීමේ කතාව ජනපතිගේ අවධානයට යොමු කිරීම ගැන ලංකාදීපයට පිං දෙති.
විකුණාගත නොහැකිව සිතුරාදා සිට අද උදේ වන විට එළවළු කිලෝ එක්ලක්ෂ විසිපන් දහසක් කුණු ගොඩට විසි කර දැමිණි.
සිකුරාදා කිලෝ හතලිස් දහසක් ද, පසුදින පනස් දහසක් ද, අද උදේ තිස්පන් දහසක් දකසල ගොඩට දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මේවා අරගෙන මොනවා කරන්නද දන්නේ නැහැ හදන්නේ. මේ සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍යයි.(නදී)
ඒ අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න (දී)
ඒ අසරණ ජනතාව තවත් අසරණ නොකර මේ කල වැඩේ හොදයි (දී)
අපොන්සු, ගොවියන්ට මේ ප්‍රශ්න එන්නේ වැඩිපුර අස්වැන්න නෙලන කාලයටයි. අනිත් කාලවලට මේ ප්‍රශ්ණ නැහැ.(නදී)
විසිකරපුවට වන්දියක් නැතිද? දඹුල්ලේ ඉන්න අතරමැදි ගැනුම්කාර චන්ඩි නහර ගණන් කාරයින්ගේ න් ගොවියා බේරා දෙන්න .දිගටම මේ වැඩපිළිවෙල ගෙනියන්න .ඔබට පින් සිද්ධ වෙනවා .(නදී)
අඩන්නම ඕනෑලු කිරි එරෙන්න. (නි)
හැමදේකටම අද ජනාධිපතිතුමාට මැදිහත්වෙලා ප්‍රශ්න විසදන්න වෙලා. රජයේ මුදල් කෝටි ගානක් වියදමි කරලා අමාත්‍යංශ පවත්වාගෙන යාම විහිළුවක්. (නදී)
මේ වැඩපිලිවෙල දිගටම කරගෙන යනවා නමි හොදයි.(නදී)
ෙම් වැඩේ සතියක් කරයි. පස්සේ නවත්තයි. අන්තිමට ඉතින් අහිංසක මිනිස්සුන්ට වේනනේ අතරමැදියෝ නිසා වැඩිගානට විකුනන්නයි.(නදී)
මෙහෙම අරගෙන මොකද කරන්නේ? කොළඹට අඩුවට දෙනවද? නැත්නම් කුනුවෙන්න අරිනවද?(නදී)
ඉතා වැදගත් (දී)
ඇමතිවරුන් නොදන්නා කමද? තේරුම් ගන්න බැරි නිසාද ජනාධිපතිතුමා නියම කරනකම් බලාගෙන හිටියේ.(නදී)
රජය ලකුනු දාගන්න වැඩ නොකර ඉදිරියේදීවත් මෙවැනි දේවල් නොවීමට සුදුසු වැඩ පිලිවෙලක් සකස් කරන්න. අද රටේ මිනිසුන් කොතරමි අසීරුතාවයකින්ද ජීවත් වෙන්නේ.(නදී)
අනේ මේ එළවළු අපිට කොළඹට ගෙනත් දෙන්න.(නදී)
දැයට කිරුළ වැඩක් නැහැ. අහිංසක මිනිස්සුන්ට පිහිටවෙන්න.(නදී)
විනාශ කරන්න එපා
මේ මිනිස්සු මේ දේවල් වගා කරන්න කොයිතරම් ලොකු දුකක් විදින්න ඇත්ද? අවසානයේ අස්වැන්න දිහා බලාගෙන හූල්ලන්න වෙලා. කරපු වියදම කොයිතරම් අපරාදෙයක්ද. මේ රටට මේ දේවල වටිනාකමක් නැද්ද? ජනාධිපතිම මේ දේවල් වලට මැදිහත් වෙන්න අවශ්‍ය නම් ඇමතිලා මොකටද? අපේ රට මුල ඉදන්ම ප්‍රතිසංස්කරණය විය යුතුයි.(නදී)
පිටරටවල ඕනෑතරම් ඉල්ලුම තියෙනවා හොඳ එළවළු වලට. එම්බසි වලට පුළුවන් යමක් කරන්න. (නි)
විසි කරන්න පෙර ජනාධිපතිතුමාව දැනුම්වත් කරන්න තිබුනා.(නදී)
මෙවැනි තීන්දුවක් විෂය බාර ඇමතිතුමාට ගන්න බැරි වුනේ ඇයි. මින් ඉදිරියටත් මේ ක්‍රමය අනුගමනය කිරීම ඉතා වැදගත්.(නදී)
මම නිකම්ද කියන්නේ ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කියලා.(නදී)
අර මධ්‍යසාර කන්ටේනර් එක ගැන දැනගෙන නැතුවෙයි. (ස)
අපි වවමු. අපි වැනසෙමු.(නදී)
දැන් ඉතින් බුදු බව පතලා ප්‍රතිචාර දායි (අ)
රජය එළවලු මිළයට අරන් පන්සල් වලට බෙදා දෙන්න අදහස් කරනවා වෙන්නත් පුළුවන්. (නි)
අනේ හොදයි (දී)
ජනපතිතුමාගේ තවත් හොද වැඩක්. (නි)
කිලෝ ලක්ෂයක් විසිකෙරුවට පස්සේ විසදුම් හොයන්න ඇමති කෙනෙකුයි අමාත්‍යංශයකුයි අවශ්‍ය නැහැ.(නදී)
ගොවියට මේ ගමන අවුරුදු නැතිවුණත් ණය බරින් මදක් හෝ නිදහස් වීමට මේ කළ උපකාරය බොහෝ වටිනවා. (නි)
මේ සදහා නිත්‍ය ක්‍රමවේදයක් යොදන්න. (නි)
මම කියන්නද තවත් විසදුමක් , දුර බලන්නේ නැතුව ගෙන්න කොළඹ, ගෙනල්ලා කොහේ හරි ඉදගෙන විකුනන්න, මාව විහිලුවකට ගන්න එපා (දී)
කීයකට හරි විකුණන එකනම් වටිනවා (දී)
මේක තාවකාලික පැලැස්තරයක් නේද?
අපේ ගොවියො තවමත් මට්ටු වෙලා නැහැ. (නි)
මිට වඩා වැඩියෙන් විකුනන්න බැරිද (දී)