‘අතුරුදන්වූවන් පිළිබඳ සොයන පනත් කෙටුම්පත සදාචාරාත්මක නොවන අයුරින් සම්මත කරගත්තා. ධනවාදය හා සමාජවාදය දෙකම එකතු කරගෙන ඉදිරිපත් කළ පනතට සුදු හුණු ගාන්න රජය උත්සාහ කරනවා‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (16) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මේ පනත හරහා සමාජයේ දැඩි විරෝධයක් ඇවිත්. අපේ ජයග්‍රහණ නැවත ආපසු හරවන්න උත්සාහ කරනවා. මේ පිටුපස ඉන්නේ විදේශ රටවල් කිහිපයක්. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා කරපු වැඩක්‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කතාව නම් සහතිකම ඇත්ත. (නි)
ධනවාදය හා සමාජවාදය සම්මත කරගත්, ජාතිවාදය විකුණාගෙන කන සමහරු කෑගහනවා. අධිකරණයක් දිහා බලන්න දෙයක් නැහැ (නි)
මොන පනත ගෙනාවත් තමන් නිවැරදි නම් මොකට බය වෙනවද මුලින් මම දෙවනුව අපි තෙවනුව රට ඕක අග ඉදන් මුලට කරන්න ගියාම තමයි පැටලෙන්නේ (හේ)
එළියට ඇවිල්ලා බයිලා කියලා වැඩක් නැහැ. ඔබට ඇති චෝදනා වලට නිවැරදිකරුද වැරදිකරුද කියලා විතරක් කියන්න. (නි)
කකුළුවෝ වතුර හැළියට දැමුවිට හිතන්නේ, හරිම හොඳයි අපිට දැන් නිදහසේ ජීවත්වෙන්න පුළුවන්, ඒවගේම අපේ ජීවිතේ බේරුනා කියලලු. ටිකෙන් ටික වතුර රත්වෙනකොටලු දන්නේ අනේ අපේ ජීවිතේ අනතුරේ කියලා. වතුර නටනකොට ප්‍රමාද වැඩිලු ජීවිතේ බේරාගන්න. මෙය පැහැදිලි කරන්න මීටවඩා සුදුසු උදාහරණයක් නොමැත. (නි)
ඔබතුමා භාෂාව ඉතා අගනා ලෙස භාවිතා කරනවා. ඔබ ගැන ආඩම්බර වෙමි. පවසන හැමදේම ඇත්ත. (නි)
මේගොල්ලෝ දැන් හොඳටම බයවෙලා වගෙයි. ඔය ටික ටික අහුවෙන්නේ හිටපු කට්ටියගේ හොරකම්. (නි)
වැලි නෙමෙයි මිරිස් කුඩු ගහලා වගේ මට දැනෙන්නේ (නි)