
(අංජුල මහික වීරරත්න)
රජයේ ආයතන වල ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ ආයතන වල ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමේදී පොදු ගොඩනැගිලි ගාස්තු උපලේඛනයක් පදනම් කර ගැනීම මඟින් මුළු පිරිවැය ඇස්තමේන්තුවල ඒකමිතිකභාවයක් පවත්වා ගැනීමට හැකියාව පවතින බව නිරීක්ෂණය කර ඇති අතර, 2024-07-23 දින පැවති රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමේදී ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ 'ගොඩනැගිලි ගාස්තු උපලේඛනය' ඒ සඳහා පදනම වශයෙන් භාවිත කිරීමට හැකි වන පරිදි නෛතික වලංගුභාවයක් ලබා දීම යෝග්‍ය බවට නිර්දේශ කර ඇත.
ඒ අනුව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන 'ගොඩනැගිලි ගාස්තු උපලේඛනය' මධ්‍යම රජයට අයත් සියලු ආයතන විසින් ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීමේදී පදනම ලෙස භාවිත කිරීම පිණිස අවශ්‍ය චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd