
( සුමිත් පොතුපිටිය )
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් "වංචාවක්" සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙකු පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා නියෝග කලේය.
මෙසේ නිදහස් කරනු ලැබුවේ ඇල්ලකන්ද පාර, ඇල්ලගාව පදිංචි මහේෂ් මොන්ගොමරි උඩවත්ත නමැති අයෙකි.
රත්නපුර, ඇහැලියගොඩ මැතිවරණ යටිපහුව ගමේ පිහිටී අක්කර 26 යි , රූඩ් 01 යි ,පර්චස් 10 ක් විශාල ඉඩමක් වංචාකාරී ලෙස විකිණී බවට චෝදනා නගා විත්තිකරුට එරෙහිව මහාධිකරණ හමුවේ නඩු පවරා තිබුණි .
පැමිනිල්ල වෙනුවෙන් වෛද්‍ය ලීලාරත්න විජේසිංහ ,සුභසේන ගොපල්ලගේ, නීතිඥ රංජිත් සෝමසිංහ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අසංක රංජිත් හා සාලිකා විජේගුනවර්ධන, පොලිස් සැරයන් ලක්ෂ්මන් රාමනායක යන අයව සාක්ෂියට කැදවා තිබුණි.
පැමිනිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ ෂයිනි වීරසූරිය මහත්මිය ද විත්තිකරු වෙනුවෙන් නීතිඥ අයෝධ්‍යා ගමගේ මෙනවිය සමග නීතිඥ සුමේධ වි. පෙරේරා මහතා ද පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ඉඩමක් හොරෙන් වික්කලු. නිකම්ම නිදහස් කරලා යව්වාලු. නිදහස් කරලා යවපු හේතුව අපි අහන්න උසවියට යන්න ඔනෙද?
ජනතා දේපලක ඉඩම් අක්කර 26 කට වැඩි ඉඩමක් විකුණා තියෙන්නෙ රුපියල් ලක්ෂ 40 කට නම් අක්කරයක වටිනාකම රුපියල් 153847/= පමණක් වෙන්නෙ වර්තමානයේ පර්චස් එකක් ගන්න පුළුවන් මිලකට තමයි නියමිත වටිනාකම ඇතුළත් කලානම් රජයට විශාල ආදායමක් ගන්න තිබුනා මේ ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුව කිසිවක් කලේ නැද්ද
විත්තියෙන් නොඅසාම නිදහස් කළා කියන්නේ පැමිණිල්ල අසාර්ථක විදිහට ගොනු කළ බවයි. මෙතන ලොකු සැකයක් ඇති වෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමෙන් හෝ පොලිසියෙන් හෝ නීතිපති අංශයෙන් හෝ හිතාමතාම දුර්වල පැමිණිල්ලක් ගොනු කළ බවට. අල්ලස් කොමිසමෙන් මේ ගැන පරීක්ෂණයක් පවත්වා දූෂිතයන්ට දඬුවම් දිය යුතුයි.