IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රජයේ ඉඩමක් ලක්ෂ 40 ට විකුණූ බව කියන විත්තිකරු නිදොස් කර නිදහස්

( සුමිත් පොතුපිටිය ) 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් "වංචාවක්" සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙකු පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා  නියෝග කලේය.

මෙසේ නිදහස් කරනු ලැබුවේ ඇල්ලකන්ද පාර, ඇල්ලගාව පදිංචි  මහේෂ් මොන්ගොමරි උඩවත්ත නමැති අයෙකි.

රත්නපුර, ඇහැලියගොඩ මැතිවරණ යටිපහුව ගමේ පිහිටී අක්කර 26 යි , රූඩ් 01 යි ,පර්චස් 10 ක් විශාල ඉඩමක් වංචාකාරී ලෙස විකිණී බවට චෝදනා නගා විත්තිකරුට එරෙහිව මහාධිකරණ හමුවේ නඩු පවරා තිබුණි .

පැමිනිල්ල වෙනුවෙන් වෛද්‍ය ලීලාරත්න විජේසිංහ ,සුභසේන ගොපල්ලගේ, නීතිඥ රංජිත් සෝමසිංහ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අසංක රංජිත් හා සාලිකා විජේගුනවර්ධන, පොලිස් සැරයන් ලක්ෂ්මන් රාමනායක යන අයව සාක්ෂියට කැදවා තිබුණි. 

පැමිනිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ ෂයිනි වීරසූරිය මහත්මිය ද විත්තිකරු වෙනුවෙන් නීතිඥ අයෝධ්‍යා ගමගේ මෙනවිය සමග නීතිඥ සුමේධ වි. පෙරේරා මහතා ද පෙනී සිටියේය.

 



අදහස් (3)

රජයේ ඉඩමක් ලක්ෂ 40 ට විකුණූ බව කියන විත්තිකරු නිදොස් කර නිදහස්

Chamara Tuesday, 10 September 2024 08:03 AM

රජයේ ඉඩමක් හොරෙන් වික්කලු. නිකම්ම නිදහස් කරලා යව්වාලු. නිදහස් කරලා යවපු හේතුව අපි අහන්න උසවියට යන්න ඔනෙද?

:       0       0

Lekamge Tuesday, 10 September 2024 10:24 AM

ජනතා දේපලක ඉඩම් අක්කර 26 කට වැඩි ඉඩමක් විකුණා තියෙන්නෙ රුපියල් ලක්ෂ 40 කට නම් අක්කරයක වටිනාකම රුපියල් 153847/= පමණක් වෙන්නෙ වර්තමානයේ පර්චස් එකක් ගන්න පුළුවන් මිලකට තමයි නියමිත වටිනාකම ඇතුළත් කලානම් රජයට විශාල ආදායමක් ගන්න තිබුනා මේ ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුව කිසිවක් කලේ නැද්ද

:       1       6

සිසිල් සුදේශ් Tuesday, 10 September 2024 01:50 PM

විත්තියෙන් නොඅසාම නිදහස් කළා කියන්නේ පැමිණිල්ල අසාර්ථක විදිහට ගොනු කළ බවයි. මෙතන ලොකු සැකයක් ඇති වෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමෙන් හෝ පොලිසියෙන් හෝ නීතිපති අංශයෙන් හෝ හිතාමතාම දුර්වල පැමිණිල්ලක් ගොනු කළ බවට. අල්ලස් කොමිසමෙන් මේ ගැන පරීක්ෂණයක් පවත්වා දූෂිතයන්ට දඬුවම් දිය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site