(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම මහකුඹුක්කඩවල වල්පාලුවේ පිහිටි රජයට අයත් අක්කර දෙසීයක ඉඩමක් විදේශිකයකුට බදු දී රුපියල් මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන පොදුජන පෙරමුණේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පුත්තලම පොලිස් වසමේ පදිංචිව සිටි පනස් හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකි.
පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක 3 ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසිනි
රජයට අයත් අක්කර 200 ක ඉඩම විදේශිකයකුට බද්දට ලබා දී මිලියන 24 ක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද රහස් පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය කටයුතු යොදා ගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ තානායමත් බදු දීල තියෙන්නෙ ඔන්න ඔහොම තමයි. 2013 වර්ෂයේ සිට 2063 දක්වා.හෝටලයක් හදනව කියල.ඒ්ත් තාම වැසිකිලි පෝ්ච්චියක් වත් ඒකෙ නැහැ.තානායනම බදු දෙන්න අත උස්සපු අය ලක්ෂ තිහ හතලිස ගත්ත කියලත් දැන ගන්නට තියෙනවා. මේ ඉඩමෙ වටිනාකම කෝටි 1000 කටවත් මිල කරන්න බැහැ.මේගොල්ලොක් පුංචි ආණ්ඩුවේ මිනිස්සු තමයි.
පොහොට්ටුවෙ නායකයන් ආදර්ශවත් නොවීම නිසා බිම් මට්ටමේ උනුත් මහාපාරිමාන දූෂණ වල යෙදනෙවා.
මෙයාගේ දුවාදරුවන් පාරතොටේ යනවද?
ලබන ආත්මේ කුම්භාණ්ඩයෙක් වෙන්න ලෑස්ති වෙන්න..
හොරෙක් අහු වුණොත් එතැන ඉන්නේ පොහොට්ටු කාරයෙක්...!
අනිවාර්යයෙන්ම කපුටාස් සහ උගේ සාටක ඇම්බැට්ටයෝ ඔක පිටිපස්සේ ඇති.