කොස්ගම යුද හමුදා කඳවුරේ සිදුවීම සොයා බැලීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (6) එහි ගියේය.
පිපිරීමට හේතු සොයන පරීක්ෂණ කණ්ඩායම් හමුවූ විජයවර්ධන මහතා පරීක්ෂණ කඩිනම් කරන ලෙසද උපදෙස් දුන්නේය. කඳවුරට හා පළාතේ ජනතාවට සිදුවූ අලාභ හානි ගැනද ඇමැතිවරයා දීර්ඝ වශයෙන් සොයා බැලීය.
හානිවූ නිවාස හා ගොඩනැගිලි යුද හමුදාවෙන් පිළිසකර කරදීමටද විජයවර්ධන මහතා උපදෙස් දුන්නේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු කණිෂ්ඨ නිලධරයෝ ඇමැති සමග මේ ගමනට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් නොයිවසිල්ලෙන් සිටින්නේ පිපිරීමට හේතුව දැනගන්න (නි)
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි කියා වහාම පරීක්ෂණ කර රටේ ජනයාට ඇත්ත දැනගන්න පවසන්න (නි)