පැලවත්ත අකුරේගොඩ ආරක්ෂක හමුදා මුලස්ථානයේ ඉදි කිරීම් පිරික්සීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ද සමඟ අද (05) ගියේය.
යුද ,නාවික හා ගුවන් හමුදා මුලස්ථානය සඳහා වන මෙම සංකීර්ණය මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇරැඹිණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්, වෙන්කරන්න කියන්න කාටත් පුළුවන්. හැබැයි මොකුත් කළේ නැහැනේ. රට සහ සිංහල ජාතියේ සුරක්ෂිතභාවය ගැන දැඩිව සිතූ ගෝඨාභය වැනි දැවැන්ත චරිත වල අගය සිංහලයාට තේරුම් යනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)
ශක්තිමත් ආරක්ෂක මධ්‍යස්ථානයක් රටකට තිබිය යුතුය. ගෝඨාභය මහතාගේ ඉතා වටිනා තීන්දුවක් (නි)
ඩයස්ගේ මොළය මොන පැත්තටද වැඩ කරන්නේ? (නි)
හිටපු ආරක්ෂක ලේකම්තුමා කළ හැමදෙයක්ම සාර්ථකයි.රටේ ආරක්ෂාව ගැන එතුමාට හොඳ අවබෝධයක් තිබුනා.එතුමන්ලා ඡන්ද බලා වැඩකළ අය නොවෙයි. (නි)
ඩයස්ගේ මොළය තියෙනවද දන්නේ නැහැ? නදීෂා, මම ඔබගේ වටිනා අදහස අගය කරනවා. ඒ වගේම සම්පත් වික්‍රම ආරච්චි, ඔබගේ අදහස් වලට මාගේ අවංක ස්තූතිය! (නි)
ඩයස්ගේ නමේ ඉතුරු ටිකත් දැනගන්න තිබුණා නම් තමයි හොඳ (නි)
ආරක්ෂක මුලස්තානයක් මාධ්‍ය ගෙනගොස් පෙන්විය යුතුද ?(හේ)
ඇයි සුනිල් මුලස්ථානය පොල් කට්ටකින් වහන්න පුළුවන් කියලද හිතන්නේ.මහින්ද මහත්තය පටන් ගත්ත කිව්වම කට්ටිය පොඩ්ඩක් අප්සෙට්. (හේ)
මේ වගේ දෙයක් රටට උවමනා ඇයි කියලා "ඩයස්" ලාට තේරුම් ගන්න අමාරුයි වගෙයි. මන්දබුද්ධික නොවන්න. ඉදිරි පරම්පරාව ගැන හිතන්න. අපි අද ඉඳලා හෙට මැරිලා යයි. ඒත් අපේ දරුවන්ට නිදහසේ ජීවත්වෙන්න රටක් තිබිය යුතුයි. (නි)
කවුරු මොනවා කීවත් මේ ව්‍යාපෘතිය පිළිබඳ හිටපු ආරක්ෂක ලේකම් තුමාට ස්තුති කළ යුතුයි. යුධහමුදා ඉංජිනේරු බලකාය මගින් ඉදි කරන මෙය අපේ රටේ අත්‍යාවශ්‍ය ඉදි කිරීමක්. ත්‍රිවිධ හමුදාව එකම තැනක තබා මෙහෙයුම් කිරීම තමයි සාර්ථක යුධ නියමුවෙකුගේ අභිප්‍රායන් ඉටුකර ගත හැකි විධිය. 2009 යුධ ජයග්‍රහනයේ පදනම වූයේ ත්‍රිවිධ හමුදාවම කළමනාකරණය කළ ආරක්ෂක ලේකම්ගේ භූමිකාවයි.(හේ)
දැන් ඔය බොරුද අච්චර ගැහුවා මෙච්චර ගැහුවා, බලනකොට ගහලා තියෙන්නේ හොද බිල්ඩිමක්නේ, ඔන්න ගැහිල්ල.(හේ)
ඇත්තටම ඒ දේවල් බලලා නිරීක්ෂණය කරලා.ඒ ගැන හොයා බලන්න ඕනේ.ඒක වගකීමක්.(හේ)
හිටපු ආරක්ෂක ලේකම්තුමා පටන් ගත්තු දෙයක් නිසා මේක හදන එක නවත්තලා දාන එකක් නෑ නේද? (දිල්)
ඩයස්, සමන්ජය වගේ අයත් සමග ශ්‍රී ලංකාවට අබ සරණයි! (නදී)
එහෙනම් ඇයි යුද්දේ ඉවරවෙලා කේක් එක කපන්න යුද හමුදාපති තුමාට ඇරයුම් කළේ. ආරක්ෂක ලේකම් කළමනාකරණය කලා නම්?(දිල්)
අපිත් ගිහින් සීගිරිය නරඹනවා ඒක අනුන් හැදුවා වුණාට. එහෙත් ඒ බලන්න යන විදියේ වෙනසක් තියෙනවා (නි)
සියල්ල බැලිය යුතුයි වැඩ නැවැත්විම නොකල යුතුයි. නැතිනම් එය කැකිල්ලේ නඩු තින්දුව වෙයි.(හේ)
ඒක එතුමාගේ වගකීම.(හේ)
මට මතක විදියට කොලඹ තිබුන හමුදා මුලස්ථානය සහ රෝහල තිබුන විශාල ඉඩම හෝටලයක් හදන්න විකුනපු නිසා තමයි මෙතන මේක හදන්නේ. විකුණලා හම්බුන සල්ලි වලින්ම මේක හදනවා නම් හොදයි නය ගන්නේ නැතුව. (නදී)
" සම්පත් වික්‍රමආරච්චි", ඔබගේ අදහස් වලට මාගේ අවංක ස්තූතිය, අපේ රටේ බහුතරය මෙසේ සිතන්නට පටන් ගත් දාට අප යලිත් නිදහස් දේශයක් වනු ඇත.(හේ)
ගෝඨාභය මහතා නැති අඩුව පුරවනු හැකිද කවරෙකුට? (නි)
මේවා අපේ සල්ලි නේද? (නි)
සුදු පැහැති ආරක්ෂක හෙල්මටය ඔබගේ අරක්ෂකයන්ට අවශ්‍ය නැද්ද.(හේ)
ඩයස්, තමුන් හරියට උතුරේ තත්වය දන්නේ නැහැ වගෙයි. ගිය රජයෙන් කළ සංවර්ධන වැඩ මුළු ලාංකීය ඉතිහාසයේ එකම ආණ්ඩුවකින්වත් කර නැහැ. (නි)
මේවා දැක්කහම මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන ආඩම්බර හිතෙනවා (නි)
ප්‍රසන්න ඒ මුදල්වලින් තමයි මේ ගොඩනැගිලි සංකීර්ණය හදන්නේ. ඒ සඳහා කොහෙන්වත් ණය හෝ උපදෙස් අරගෙන නෑ. ශ්‍රී ලංකා යුදහමුදා ඉංජිනේරු බලකායේ අධීක්ෂණය යටතේ මෙහි ඉදිකිරීම් කෙරෙනවා. දැනට විශ්‍රාමික සුප්‍රසිද්ධ මේජර් ජනරාල්වරයෙක් එහි කටයුතු සම්බන්ධීකරණය කරනවා. (නදී)
ප්‍රියන්ත, ඔලුව එයාගෙ නම් ඔයා මොකටද වදවෙන්නේ? ඔයා ඔයාගේ ඔලුව පරිස්සම් කරගන්නකෝ. (නි)
හොඳදේට හොඳයි, නරකදේට නරකයි කියන්න බැරි මිනිසුන්ගෙන් වැඩක් තිබේද? (නි)
ඉදිකිරීම් පරිශ්‍රයකට පිවිසෙන විට උස් පහත් බේදයකින් තොරව ආරක්ෂක මෙවලම් පැලදීම අනිවාර්යයි. නමුත් මෙතන 7 වන ඡායාරුපයේ ඇමති තුමා ළඟම යන කෙනා, ඡායාරුප සිල්පියා. ඇමති ආරක්ෂක නිලදාරියා ඇතුළු තවත් පිරිසක් ප්‍රමාණවත් මෙවලම් නොමැතිකම නිසාදෝ තමන්ගේ ආරක්ෂාව ගැන නොතකා අනාරක්ෂිත ලෙස එහි සංචාරය කර ඇති බව පේනවා. (නදී)
ඉදිකිරීම් පරිශ්‍රයකට පිවිසෙනවිට උස්පහත් බේදයකින් තොරව ආරක්ෂක මෙවලම් පැළඳීම අනිවාර්යයි. (නි)
මාධ්‍ය සංදර්ශන නැතුව දුෂණ හොයන්නම බැරිද? (නි)
කරපු වැඩ බල බලා ඉන්න තමයි දැන් මේ කාටත් තියෙන්නේ.(හේ)
මෙය ඉතා හොඳ උදාහරණයක් සැබෑ වෙනස මොන විදියටද වී ඇත්තේ කියා මැන බැලීමට. විශේෂයෙන්ම අපේ තරුණ පරපුරට. ගූගල් සිතියමෙන් මේ තැන පැහැදිලිව බලාගන්න පුළුවන්. මේවා කරන්න වෙරදැරූ මිනිසුන්ට නේද මේ අවලාද නැඟුවේ කියලා පසුතැවෙනවා හැර වෙන කුමක් කරන්නද? (නි)
රටේ ආරක්ෂක අංශයට මෙවැනි සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයක් තිබීම හා ක්‍රමානුකුල පරිහරණය රටකට වැදගත්.(හේ)
මෙය සුවිශාල ජයග්‍රහණයක්. අපිටත් සතුටක් දැනුනා එය මුදල් අපතේයාමක් නොවුණ වග පෙනුන නිසා. ලංකාදීපයට ස්තූති කරනවා අපේ සිත් නිරවුල් කළාට (නි)
ඔය ගොඩනැගිලි මාළිගා හදපුවා බලන්න ඩුබායි එන්න. ආඩම්බර හිතෙනවා ලාංකිකයන් සතු හෝටල් දැක්කහම. වැඩ අවසන් කරගන්න බැරි ඒවාත් තිබෙනවා. (නි)
සම්පත්, ඩුබායි එන්න පුලුවන් නම්. ආරක්ෂක මුලස්ථානය මෙහෙ තියෙන්නේ තට්ටු 54 මාළිගාවක් වගේ (නි)
හිටපු ආරක්ෂක ලේකම් නොහිටින්නට මෙවැනි විධිමත් ආරක්ෂක පද්ධතියක් සකස් වන්නේ නැත (නදී)
හරිම වටිනා දෙයක්නේ පසුගිය ආණ්ඩුවට නැතිවෙලා තියෙන්නේ. (නි)
කවුරු මොනවා කිවුවත් ඉතාමත් හොඳ වැඩක්.පුලුවන් නම් රජයේ අනෙකුත් ආයතනත් ඔය වගේ එක තැනකට ගෙනියන්න.එතකොට රටේ දුෂණයත් අඩුවෙන්න පුළුවන්. කොළඹ වාහන තදබදයත් අඩුවෙන්න පුළුවන්. (නි)
ඩයස් කියන්නේ සම්පුර්ණ ඇත්ත. යුද්ධයක් නැතිකොට මෙවැනි ප්‍රකෝටි ගණන් අනවශ්‍ය වියදම් මොකටද ? මෙතන ඩයස්ට විරුද්ධ වෙන උදවිය කෝටි සියයකට කිට්ටු ගානක් වියදම් කරලා හදපු භාවනා මධ්‍යස්තානය ගැන කිසිම සද්දයක් නැහැ. (නදී)
මෛත්‍රී ජනපති කී ලෙසට යෝධ භෞතික සංවර්ධනය 2005 සිට ආරම්භව ඇති බවට තවත් සාක්කියක්. නමුත් එය පමණක් රටක ඉදිරි ගමනට ප්‍රමාණවත් නැහැ නේද? (නි)
හොඳ වැඩ වලට ගරහන්න ඇයි .(හේ)
උතුරේ යුද්ධයක් නැතිකොට, නැවත අරගල ඇති නොවනවිට මෙතරම් විශාල ආරක්ෂක හමුදාවක් සහ ගොඩනැගිලි කුමටද? (නි)
මේ සඳහා යෝජනාව ගෙනවිත් ඉඩම වෙන්කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ නේද? (නි)
මේවා දැක්කාම හිනත් යනවා වෙන දෙයක් නම් වෙන්නේ නෑ. (හේ)