ධීවර සංස්ථාවේ සියලු අර්බුද විසඳා ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සඳහා මූල්‍ය ආයෝජනයක් සිදු කර කළමනාකාරීත්වය බාර ගැනීමට පුද්ගලික අංශයට ආරාධනා කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) පැවැසීය.
ධීවර සංස්ථාව හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ පුද්ගලික අංශයට විකිණීමේ ප්‍රතිපත්තියකට වත්මන් ආණ්ඩුව පිවිස නැති බව කී අමරවීර මහතා ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීම සඳහා කටයුතු යොදා ඇතැයි ද ඒ සඳහා නෝර්වේ රාජ්‍යයේ සහාය හිමිවන බව ද ප්‍රකාශ කළේය.
ධීවර සංස්ථාව ආරම්භ කරන ලද්දේ 1964 වුවද සංස්ථාව ලාභ ලබා ඇත්තේ සිව් වතාවක් පමණක් යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක යු.එන්.පී. පළාත් සභා මන්ත්‍රීතුමෙක් කිව්වා නම් අන්න අපි පිළිගන්නවා. (නි)
හරිම සුන්දර කතාවක්...කළමනාකාරිත්වය පැවරීම , කොටස් විකිණීමක් නෙවෙයි...මුල්‍ය ආයෝජනය කරන්නේ ණයක් විදිහටද? නැත්නම් කොටස් විදිහටද? ණයක් නම් පොලිය කීයද? පුද්ගලික කරණයේ අලුත් මුහුණුවරක් විදියට තම මට නම් පෙන්නේ...(ම)
මාළු මුදලාලිලා දිහා දැක්කම රත්තරන් පෙරවාගෙන ඉන්නේ. හැබැයි ධීවර සංස්ථාව පාඩු ලබනවා. (බ)
අපේ රට වටේම මුහුද තිබියදී හා ඕනෑතරමට මත්ස්‍ය සම්පත අපට තිබියදී ධීවර සංස්ථාව කොහොමද පාඩු ලබන්නේ කියන ගැටලුව අපට තියනවා. අනික මාලු වල ගණන් දැක්කම ඇඟේ මාලු නටනවා. මොකද මේ ආයතනයත් කන්නේ අපේ මාලුනේ. ඉතින් ජනතාව කොහොමද මාලු කන්නේ (නි)
පාඩු ලබන රජයේ ආයතන පෞද්ගලිකරණය කළයුතුයි. එසේ නොකළහොත් ලබන පාඩුව මහජනයාගේ බදුබර මත පටවා පියවා ගැනීමට සිදුවේ. එමනිසා, පාඩු ලබන රජයේ ආයතන පෞද්ගලිකරණය කිරීමෙන් මහජනයාට සෙතක් සැළසේ. (නි)