ජාත්‍යන්තර බේරුම්කරණ ආයතනය ආරම්භ කිරීමේදී අධිකරණ අමාත්‍යංශයේ මහාපරිමාණයෙන් වංචා සහ දුෂණ සිදු වී ඇති බව බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.
එම ආයතනය ආරම්භ කිරීමේදී එම ආයතනයට අවශ්‍ය භාණ්ඩ හා කාර්යාලීය උපකරණ මිලදී ගැනීමේදී මෙලෙස වංචා සහ දුෂණ සිදු කොට ඇති බව හෙළි වී ඇතැයි වාර්තා වේ.
ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීනී එල්. එම්. එෆ්. පෙරේරා මහත්මිය කොමිසම හමුවට ගෙන්වා කළ ප‍්‍රශ්න කිරීම් වලදී අධිකරණ අමාත්‍යංශයේ සිදු වී ඇති මහාපරිමාණ වංචා සහ දුෂණ පිළිබඳව තොරතුරුද හෙළි වු බව බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරවශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සිදු වී ඇති මහාපරිමාණ වංචා සහ දුෂණ පිළිබඳවද ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීනී එල්. එම්. එෆ්. පෙරේරා මහත්මිය හෙළි කර ඇතැයිද එම තොරතුරුවල සත්‍යාසත්‍ය භාවය හෙළි කර ගැනීම සඳහාද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද කොමිසමේ ආරංචි කියයි.
මේ සම්බන්ධයෙන් පැමිණිලි ඇතොත් ලේකම්, බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම, බ්ලොග් අංක 05, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත කොළඹ 07. ලිපිනයෙන්ද, දුරකථන අංක 0112669135, ෆැක්ස් 0112697420 හෝ ඊමේල් [email protected] මඟින් දැනුම් දෙන ලෙස ලැසිල් ද සිල්වා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසි කරපියෝ කියල කියමනක් තියෙනවා , කුසගින්න නිවා ගන්න කොස් ගෙඩියක් කැඩුවට පාසල් දරුවෙක් අධිකරනෙට ගෙනිච්ච රටේ , මේ අවනඩු ගලේ බණ්ඩාර දෙවියන්ටවත් කියල බලමු ඉතින් (බ)
අනේ! දෙවියනේ මට වුන වියෝයා , පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා. (ස)
රජයේ ආයතන , මණ්ඩල, සංස්ථා ඇතුළු බොහෝ ආයතන වල දුෂණ ලබාගැනීම සදහා ක්‍රමවත් හා විශ්වාසදායි රහස්‍ය වැඩපිළිවෙලක් කඩිනමින් කළ යුතුව ඇත. (බ)
මට හිතෙන්නේ ඉස්තාලේ වැහුවට වැඩක් නැතිවෙයි . අස්සයා පැනලා ගොහින්..! (බ)