
(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය.
මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිනුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග හේතුවෙන් වසා තැබීමෙන් ආර්ථිකයට සිදුවිය හැකි අගතිදායි තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
රාජ්‍ය බැංකු වසා තැබීමෙන් ඛනිජ තෙල් සංස්ථාවට, ගෑස් සමාගම, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි අමාත්‍යංශවලට සිය මිලදී ගැනීම් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට පවා අවස්ථාව නොලැබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ පියවරක්....
පෞද්ගලික බැංකු හිමියනි, ජනතාව ලෙස අප ඔබ ගැන විශ්වාස තබා සිටින්නෙ ආණ්ඩුවේ හිගන ඇමතිලාට හා නිලධාරීන් පොහොසත් කරමින් බොල් ණය ලෙස කිසිවක් හිලව් කර නොගෙන උන්ගෙ අත්තල මුත්තල තියලා ගිහින් වාගේ රාජ්‍ය බැංකුවලින් ණය දෙනවා වගේ මේ විශ්වාසය නිරතුරු කඩන ආයතනවලට ණය දෙන්න එපා කියායි. රජයේ බොහෝ ආයතනවල ලොකු ඇත්තන් නිකං කෑමට පුරුදු වී ඇත. මේ පිං බත් ගිලින එවුන්ට අපි තැන්පත් කළ මුදල් ඇප නැතුව කිසි විටක නොදෙන්න කියා අපි ඉල්ලමු.
මගෙ අම්මෝ ඇක්ෂන් ගන්න ඉක්මන, රාජ්‍ය බැංකු වැහුවෙ එක දවසයි , මෙන්න රාජ්‍ය ගිණුම් පෞද්ගලික අංශයට දෙන්න තීරණය කරල, අඩන්න තිබුන ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ. අනේ ඉස්පිරිතාලෙ බෙහෙත් නැතිවටත් ඔය වගේ ක්ෂණික තීරණයක් අරගෙන අර මැරෙන මිනිස්සු ගොඩදාන්න.
මහජන බැංකුව වගේ ආයතන වල නිදිමතේ ඉඳගෙන ගනුදෙනුකරුවන් පෝලිම්වල රස්තියාදුකරන කුජීත නිලධාරීන්ට දැන්වත් ඇස් ඇරේවිද බලමුද?
ඔන්න එහෙනම වර්ජනය නිසා පැය 24න් පොරොන්දුව ඉටු වුනා නේද? ඔය වර්ජන තර්ජනවල තව හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.