(යොහාන් භාසුර)
පෞද්ගලික අංශය ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
රාජ්‍ය සමාගමක් වන රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සමාගම හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබුණු වාහාම ආනයනය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා පැවසීය.
පෞද්ගලික අංශය ආනයන කරන සීනි, පොල්තෙල්, පරිප්පු, ලූණු, අල සහ කුකුල් මස් යන ආහාර ද්‍රව්‍ය මිල රජයට පාලනය කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව කී එම නිලධාරියා පැවසුවේ ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ආහාර ද්‍රව්‍ය රජයේ මැදිහත්වීමේ ආනයනය කිරීමට පියවර ගන්නා බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්.. ඉක්මණින් ක්‍රියාත්මක කරන්න වෙලාද? ඒකාධිකාරයට යට නොවන්න...
තවත් විහිලු සපයන්න එපා... ආනයනය කරන භාණ්ඩවලට ගෙවන්නට ඩොලරුත් ආනයනය කරනවද?
මොකද්ද හොරේ මේ වෙලාවේ ?