(නිමන්ති රණසිංහ)
ජනතාව හොඳටම කලකිරී සිටින හෙයින් රාජපක්ෂවරුන්ට යළි නැගිටීම අමාරු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
මහජනතාව රාජපක්ෂලා පිළිනොගන්නා බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආධාර තවමත් ලැබී නොමැති හෙයින් ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව පැවසූ මන්ත්‍රීවරයා අර්බුදයෙන් රට ගොඩගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව පැවතියත් එය ඉටු කිරීමට රාජපක්ෂවරුන් ඔහුට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය ගොඩනැගීම කළ හැකි වුවත් ඔහුට ඒ සඳහා ඉඩ නොදෙන්නේ රාජපක්ෂවරුන් බවත් රාජපක්ෂවරුන් කිට්ටු කර ගතහොත් වික්‍රමසිංහ මහතාට කොයි මොහොතක හෝ පස්ස බිම ඇන ගැනීමට සිදුවන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි එත් ඇත්තයි. මෙරට මිනිසුන් රෑ වැටුනුවලේ දවලුත් වටෙනවා.
මේක විහිළු කතා... රාජපක්ෂලා රනිල්ගේ කකුලෙන් අදින්නේ 22 වැනි සංශෝධනයට එරෙහිව සහ ඇමැතිකම් ලබාගන්නට මිස ආර්ථිකය ගොඩනැගීමට එරෙහිව නොවේ. රනිල්ට වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක් හෝ හැකියාවක් හෝ දැනුමක් හෝ නැත. රාජපක්ෂලාත් දන්නවා රනිල්ටත් ආර්ථිකය ගොඩදාන්න බැරිබව... හැබැයි රාජපක්ෂලාට ඉන්න හොඳම රැකවරණය රනිල් බව කවුරුත් දන්න කතාවක්...
ඒක කියන්න බෑ... බයි වහල්ලු සෙට් එකක් තාම ඉන්නවා.
විපක්ෂයේ අය රට ගැන හිතන්නේ නැතුව බලයට එන්න පොරකනකොට රාජපක්ෂලා කකුල් දෙකෙන් නෙවෙයි ඔලුවෙන් හිටගන්නේ...!
රාජපක්ෂවරු ඔහේ හිටපුවාවේ.. තමුන් නැගිටලා පෙන්නන්නකෝ... අර FAIROOS නම් වහලා දැනටමත් බයවෙලා ඉන්නේ... එලොවටත් නැති මෙලොවටත් නැති ජෙප්පෙක්...
එල්ලෙන්න වැල් නැතුව දුන්කොලයක නැට්ටක එල්ලුන මිනිහා අනික් මිනිස්සුගන පේන කියනවා. රනිල් ගැන හිතුවෙත් එහෙම නේද?