වැට් බද්ද ගැන අධිකරණය තීරණයක් දෙනකොට අධිකරණය හොඳයි යැයිද නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න කොට අධිකරණය දේශපාලනිකයි යැයි ඇතැමුන් කියන බවත් විදේශ රැකියා අමැතිනි තලතා අතුකෝරළ අද (13) කීවාය.
“රාජපක්‍ෂ පවුලේ අය මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරපු හැටි අයථා විදිහට මුදල් නාස්ති කරපු හැටි අයථා විදිහට රාජ්‍ය දේපල නාස්ති කරපු හැටි මේ හැමදේම ගැනම රටේ මිනිස්සු හොඳට දන්නවා.“ යැයිද ඇය කීවාය.

COMMENTS
ඔක්කොම බොරු චෝදනා .කෝ තාම චෝදනා ඔප්පු කරගන්න බැරුව දගලනවා. දැන් මාස 16 ක් තිස්සේ රටේ සංවර්ධනයට මොනවද කළේ (බ)
සියලු රාජ්‍ය ආයතන වල නිලධාරින් පාවිච්චි කරන රජයේ වියදමින් නඩත්තු කරන වාහන වලට රනින් චාට් එකක් අනිවාර්ය කරන්න. නැත්නම් අපේ සල්ලි වලින් තමයි මේ අය පුද්ගලික ගමන් යන්නෙත්. සෑහෙන ගාණක් ඉතිරිකරගත හැකියි අදාළ ආයතන වලට. (බ)
අනේ නෝනා, ඔයාලගේ ආණ්ඩුවේ හැටිත් මොළය තිබෙන අය දන්නවා. (නි)
ඔබතුමිය කොහොමද දන්නේ.(හේ)
අපි නම් මෙයාලගේ හැටිත් දන්නවා (නි)
මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් නාස්ති කරපු තක්කඩි තවම ඉහළ තනතුරු දරමින් සිටියි. මේ ගැනත් සාදාරණය රටට ඉටුකර පෙන්වන්න. (ම)
කාර්යාංශයේ වුණු දූෂණ වලට සම්බන්ධ අය ගෙදර යැව්වද? උසස් විම් දුන්නාද? මාරු කළාද? (ම)
එකල ඇමතිවරුන්ට පන්දම් අල්ලා තනතුරු, ලාභ පුයෝජන ගත් නිලධාරින් අද කියන්නේ අනේ අපි මුකුත් කළේ නැහැ කියන දේ කලා විතරයි ඒක නොකර බැහැනේ කියලා. (ම)
අනේ මන්දා දැන් කාලේ ඉන්න මිනිසුන්ට හැමදේම ඉක්මණට අමතකවෙන හැටි? (නි)
මැයි දින කෑමට, සම්මන්ත්‍රණ පවත්වන්න කෝටි ගණන් නිකරුනේ වියදම් කළ අය ගැන පරීක්ෂණ වලට මොකද වුණේ? (නි)
විදේසගත ශ්‍රමිකයන්ට අපහාස වන ලෙස කතා කරන ක්‍රියා කරන අය ගැන වහාම විනය පරීක්ෂණ පවත්වා, දහදුක් විදලා රටට බිලියන 8 ක් ගෙනත් දෙන අහිංසක ශ්‍රමිකයාට ඇති ගරුත්වය ලොවට පෙන්වා දෙන්න.(ම)
අනේ මන්දා කාගෙ කාගෙත් වැඩ කටින් තමා. (නි)
අපි දැන්නම් හැමෝම ගැන හොඳට දන්නවා. ඔක්කොටම හොඳට සළකන්නම් (නි)
අහිංසක මිනිසුන්ගේ මුදල් නාස්ති කර, අයථා විදිහට බලය පාවිච්චි කරමින් රාජ්‍ය දේපල නාස්ති කළ ඔතන සිටි සහ දැනටත් සිටින අය ගැන ඔබතුමිය දැනුවත් යැයි සිතමු. (නි)
පසුගිය සමයේ කොරියන් විභාගයෙන් සමත් වුණත් කාර්යංශ නිලධාරින්ගේ නොසැළකිල්ල නිසාම රැකියා අවස්ථා නොලැබුනු පිරිසක් සිටින බව පළවුණා. එයට වගකිවයුතු අය ගැන නීතිය ක්‍රියාත්මක කළාද? අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේවට එන්නේ. (නි)
ඉස්සර වගේ අපිට ස්ටාර් තරඟ, රටවිරු පට්ටම් නම් නැතිවුණාට කමක් නැහැ. අපිට ගරුකරන, ඇත්තටම ශ්‍රමිකයාගේ පැත්තට සේවය කරන අවංක නිලධාරින් පමණක් අපේ ප්‍රශ්න විසඳන්න යොදවනවා නම් ඒ ඇති. (නි)
රත්නායක හරි. ඔන්න අපේ සල්ලි වලින් වැටුප් ගන්න අය අපි ගැන තියෙන සැළකිල්ල. අපි පොළියට සල්ලි අරගෙනයි පන්ති ගිහින් විභාග සමත් වෙන්නේ (නි)
නාස්තිය කවුරු කළත් වැරදියි. එයට නිසි දඬුවම් දියයුතුයි. හැකිනම් නැවත අයකර ගතයුතුයි. නැතුව මේ රට කවදාවත් හදන්න බැහැ. පොඩියට කළත් මහා පරිමාණව කළත් හොරකම හොරකමමයි. (නි)
මැද පෙරදිග ඉන්න ලංකාවට විදේශ විනිමය සපයන අයට තීරුබදු රහිත වාහනයක් ගෙනෙන්න ඉඩ සළස්වන්නේ කවදාද? (නි)
සිරි, අපිට නැතිවුණාට අපේ සල්ලි වලින් පඩි ගන්න ඔතන ඉන්න අයට නම් වාහන ඉන්ධන වෙනත් දීමනා සේරම දෙනවා. ඒ අපිට සේවය කරන්නලු. දහදුක් විඳලා බිලියන 8 ක් එවන අපිට කතාකරන්න දන්නෙත් නැහැ සමහරු (නි)
අපි ඉතින් සංදර්ශන දැකලා පුරුදු මිනිස්සුනේ (නි)
තීරුබදු රහිත වාහන මොනවටද සිරි? රටවිරුවො කියලා නමක් දීලා තිබුනේ. ඇයි ස්ටාර් තරඟත් තිබුනේ. ඒ මදැයි. (නි)
රාජපක්ෂලාගේ හැටි විතරක් නොවෙයි, අපි ඔය හැමෝගෙම හැටි දන්නවා (නි)
ස්ටාර් තරඟ තියලා මුදල් නාස්ති කළ අය, ප්‍රශස්ති ගි කියමින් වාසි ගත් අය තාම ඒ පුටු වලමද? (නි)
රාජපක්ෂලා ගැන කියවනකොට මට හිතෙන දේ මෙහෙමයි. ටොයෝටා සහරා කියන්නේ ප්‍රාඩෝ අඩි සුඛෝපභෝගි වාහනයක්. මේවා අරගෙන කොහේ යන්නද? ජනතාවට තවත් කොකා පෙන්නන්න හදන්න එපා (නි)
මේ රටේ තණකොළ කන මිනිසුන්ටයි මම මේ කියන්නේ. එහෙම අය ඉන්නවා නම් පිළිගන්න. (නි)
තමන්ගේ ධනයෙන් හරි තීරුබදු නැතුව කාර් ගෙනා එක වහන්න නේද මේ දඟලන්නේ. (නි)
රාජපක්ෂලාට පවා දඬුවම් ලැබුනත්, දෙපැත්ත කන නිලධාරින් නම් කවදාවත් දඬුවම් ලබන්නේ නැහැ. ඒ තමා අපේ රටේ හැටි. (නි)
මෙතුමිය තමන්ගේ ධනයෙන් ගෙන්වා ගත්තේ. මම ඒක අගය කරනවා මොනවා නැතත්. (නි)