මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට කැමති දූෂණයට අකමැති බුද්ධිමත් ජනතාව යළිත් ඒකාධිපති පවුල් පාලනයකට බලයට ඒමට ඉඩ නොදෙතියි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම පැවැති ජනමුවකදී පැවසීය.
විජයවර්ධන මහතා පේරගස්හන්දිය, බණ්ඩාරවත්ත, සාම මාවත, බොරලුවල යන ප්‍රදේශවල පැවති ජනහමුවලට සහභාගිවිය.
‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම නිසා මේ රටේ සැබෑ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව කම්පාවට පත්ව සිටිනවා. පසුගිය පාලනයෙන් ජනතාවට නිදහසක් තිබුණේ නැහැ. රටට ජනතාවට ආදරය කරන, එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා ජාත්‍යන්තර රටවල් පවා අපේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටිනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ නිර්භීත කතාවලට මම කවදත් කැමතියි (නි)
රුවන් මහතාණෙනි, අපි ඔබ සමඟයි (නි)
දවල් හීන (බ)
රාජපක්ෂලා එන්නෙත් නැහැ. රනිල් අගමැති වෙන්නෙත් නැහැ. නියම සිංහල බෞද්ධයෙක් හැටියට ඔබ අවශ්‍යනම් ඉදිරියට ඇවිත් රට බේරගන්න! (බ)
සිංහලයනි එකතු වෙයල්ලා . මහින්ද දිනවමු (බ)
අපි කවදත් ඔබතුමා සමඟයි. මම බොහොම ගරුකරන චරිතයක් (නි)
රාජපක්ෂ යුගය දැන් අවසානයි (නි)
මාන්කුලම් පොලිස් කොට්ටාසය ඉවත්කළේ මොකද ? (බ)
ත්‍රිකුණාමලේ නාවුක කදවුරෙන් හාරසියයකට අධික නාවුක හමුදා භටයන් බූස්සට මාරු කළේ මොකද? (බ)
රටෙත් ජාතියෙන් ආරක්ෂාව පිළිබඳව ඔබතුමාගේ මතවාදය මොකක්ද ? (බ)
කිසිම වරදක් නැතුව උතුරේ ආන්ඩුකාරතුමත් , ත්‍රිකුනාමලේ දිසාපතිතුමත් සේවයෙන් ඉවත් කෙළ් මොකද? මේ දෙදෙනාම විශ්‍රාම ගිය යුධ හමුදා නිලධාරීන්ය (බ)
යුද්දේ දිනුව කියල මුළු රටම සූරා ගෙන කන්න මහින්දට දෙන්න පුලුවන්ද? (බ)
මෙවර සිංහලයින් එකතුවේ බලය පෙන්විය යුතුයි (බ)
ජනතා මනාපය කුමක්ද කියා අපි බලාසිටින්නෙමු (නි)
ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් ගන්න ලොකු හේතුවක් තිබෙන්න ඕනෑ. ඒක එතුමා ළඟදීම හෙළිකරාවි. (නි)
රටට ජනතාවට සෙතක් වෙනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)
මේ අදහස් වලින්ම පේනවනේ ජනතාවගේ මතය. (නි)
නියම කතාව. ජයවේවා මැතිතුමනි ඔබට! (නි)
මහත්මයාණෙනි, ඔබ වැනි කෙළින් කතාකරන අය තමයි අද රටට අවශ්‍ය. ඔබට ජයවේවා! (නි)
ඔබතුමා කියන්නේ ඇත්ත. ජයවේවා ඔබට! (නි)
ජය වේවා! ඒක ඇත්ත. දැන් පවුල් පාලනය අවසාන වෙලා තියෙන්නේ. (නි)
ඇත්ත ලාල්. මෙවර ජනතාව සියල්ල තීරණය කරාවි. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ යුග පුරුෂයෙක්. ජයවේවා! (නි)
ඡන්දෙන් දිනුවොත් රටේ ආරක්ෂාව සදහා ගන්න පියවර මොනවාද? (නදී)
උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක කල දේවල් මහජනයාට වසන් කරන්නේ මොකද ?(නදී)
ජනතාව සියල්ල තීරණය කරනු ඇත (නි)
රාජපක්ෂලා ගැන යළිත් අපි බලාපොරොත්තු තියාගන්නේ නැහැ (නි)
ලාල් කියන එක ඇත්ත. විජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔහුගේ කතාවට මමත් හිස නමා ආචාර කරනවා. අපිට නැවත පෙර පැවති ඒ අඳුරු අතීතය අවශ්‍ය නැහැ (නි)
රනිල් තමයි නියම රාජ්‍ය තාන්ත්‍රික දේශපාලන නායකයා. ඔහු තමයි උපක්‍රමශීලීව එල්.ටී.ටී.ඊ එක දෙකඩ කළේ. ඒ නිසා තමයි ප්‍රබාකරන් උතුරේ ඡන්දය වැලක්වුයේ. ඒ උනාට එතුමා ඒවා කියමින් ලකුණු ගන්න උත්සහකරන් නැහැ ජාතිවාදී මිනිසුන්ට ඒවා තේරෙන්නේ නැහැ (නදී)
" රටට ජනතාවට ආදරය කරන, එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි" එහෙනම් මොකද හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය, මනෝ ගනේෂන්ගේ පක්ෂය එක්ක සන්ධාන ගත වුනේ? ‘(නදී)
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය බලයෙන් පහකිරීම සඳහාද යොදා ගත්තේ මෙම පවුල් බලය සහ ඥාති සංග්‍රහය යන මන්ත්‍රයම තමයි. එමගින් බලය ලබා ගත් පසු වසර 17ක් උපක්‍රමශීලීව බලය රඳවාගෙන ඊළාම් රාජ්‍ය මතවාදයකට ලංකාව තල්ලු කර දැමු හැටි අපට හොදට මතකය. එම අවුලෙන් රට බේරා ගත් රාජපක්ෂ ජනාධිපති තුමාටද එම මඩ පහරම තමා එල්ල කරන්නේ. (නදී)
මේගොල්ල කොහෙද හිටියේ මහින්ද කොටියත් එක්ක ෆයිට් කරන වෙලාවේ? දැන් ලොකු වීරයෙක් වෙලා මහින්දට චැලේන්ජ් කරනවා. (නදී)
අපි නැවත කවදාවත් මෝඩ තීරණ ගන්නේ නැහැ. අපිට නැවත ඒ අඳුරු යුගය ඕනෑ නැහැ.අපි ඔබ සමඟයි (නි)
දැන් ජනතාව බොහොම බුද්ධිමත්. (නි)
මෙතුමාගේ කතාවට මමත් එකඟයි (නි)
මෙවර සිංහලයින් එකතුවෙලා රට ගිනිතියන දේශපාලුවන් සදහටම ගෙදර යවමු. (නි)
අපි නිවැරදි තීරණයක් ගන්නවා මේ පාර නම් (නි)
අනිවාර්යයෙන්ම ඔබතුමා සමඟ අපි ඉන්නවා (නි)
අපේ රට බේරගන්න සිංහලයෙනි එකතුවන්න මහින්ද දිනවමු. (බ)
එතකොට යුද්දේ දවස් වලද මේ රටේ නිදහස තිබ්බේ. එක්සත් ජාතික පක්ෂේ මොනාද කළේ ජනතාවට. (බ)