‘කොටි මුහුණු දාගත්තු ප්‍රභාකරන්ගේ ටීෂර්ට් ඇඳ ගත්තු ආපු පිරිසක් මලයාසියා මහ කොමසාරිස්ට පහර දුන්නා. ඔවුන් ලංකාවේ අයද කියන්න මම දන්නෑ. ඔවුන් ඉන්දියා සම්භවයක් තියෙන අය. රාජපක්ෂ රාජපක්ෂ කියමින් තමයි ඔවුන් මහ කොමසාරිස්ට පහර දුන්නා‘ යැයි මහින්ද රාපක්ෂ මහතා අනුරාධපුරයේ දී ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගැනීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
නාමල් රාජපක්ෂ ගේ ෆෝඩ් මස්ටන්ග් කාරය සම්බන්ධයෙන් විමසූ විට එය මන්ත්‍රී වරප්‍රසාද යටතේ මිලට ගත් එකක් බවත් එය දැන් විකුණා ඇති බවත් රාජපක්ෂ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හුඟ දෙනෙක්ට ඉක්මනටම මුල අමතක වෙලා. සිංහලය එදත් පාවලා දුන්න අදත් එසේමයි. (අ)
නාමල් රාජපක්ෂ ගේ ෆෝඩ් මස්ටන්ග් කාරය විකුණලා තියෙන්නේ ලක්ෂ 80 කටලු . අනේ මම දන්නවා නම් ගෙවල් ඉඩකඩන් විකුණලා හරි ඒ ගානට මම ගන්නවා , මොකද ඕක සාමානයෙන් ලක්ෂ හත් අට සීයක් නිසා (අ)
අනේ මන්දා මේවට මොනවගේ උත්තර දෙන්නද කියලා (නි)
රාජපක්ෂ කියලා විතරමද කිවුවේ? (නි)
මලයාසියා - රාජපක්ෂ චිත්‍රපටියේ, කතාව, දෙබස්, තිරනාටකය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය හා පුර්ණ අයිතිය රාජපක්ෂ මහතාම සතු ඇති (නි)
අන්සාර් මහත්තයාත් මහින්ද මහත්තයාත් ශ්‍රි ලාංකිකයි. එ් දෙන්නට සිදුවුණ කරදරේට කුහක විදියට සතුටු වෙන්න එපා. (නි)
අපි කොණ්ඩය බැඳලා නැහැ රාජපක්ෂ මහත්තයෝ (නි)
ඔව් ඔව් අර එංගලන්තේ හිටපු මහා කොමසාරිස් ක්‍රිස් මහත්තයට ගහනකොටත් රාජපක්ෂ රාජපක්ෂ කිය කියා වෙන්න ඇති ගහලා තියෙන්නේ. (නි)
ආදී කාලේ රජවරු රට එක් සේසත් කරලා රට ඉදිරියට ගෙනිච්චා, මෙයා රට එක් සේසත් කරලා හෙන්චියන්ට රට හූරන් කන්න ඉඩදුන්නා. රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්නට අපි ඔබට ණය ගැතී, නමුත් වැරදිවැඩ හොඳ නෑ (බ)
මෙයා දීපු සල්ලි මදි කියල වෙන්න ඇති. ඡන්දෙ දිනන්න කෝටි ගණන් දුන්නනේ. (බ)
ෆෝර්ඩ් මස්ටන්ග් එකක් ගන්න පුළුවන් ඩොලර් පනස් හය දාහට 2012 මොඩල්. ඕනේ කෙනෙකුට ගන්න පුළුවන්. බොරුනම් ඒකේ වෙබ් එක බලන්න,(බ)
කරුණාකරලා ඔය පන්සල් වලට ගිහින් දොඩවන්නේ නැතුව උගතුන් පිරිසක් එක්ක එකතුවෙලා ප්ලෑන් එකක් හදලා කුරුණෑගල ටවුම මිනිසුන්ට හිරිහැර වෙන එක නවත්තලා වැඩක් කරලා පෙන්වන්න. එතකොට යහපාලනයට ඔබගෙන් යමක් ඉගෙනගන්න පුළුවන්. නිල් බලකාය ගෙනල්ලා පටන්ගන්න ශ්‍රමදානයක්. (නි)
අල්විස් සහ බණ්ඩාර මහතුන්ගේ අදහස් බැහැර කළ නොහැක. එය කාටත් සිතෙනු ඇත. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා... (නි)
සංචාර අඩුකළොත් තමයි හොඳ. (නි)
ඔන්න බළලා මල්ලෙන් එළියට පැනලා (නි)
එයාගේ කටින්ම එළියට පැනල තියෙන්නේ මේක ඒ අයගේ වැඩක් කියලා. එයාගේ කේන්දර බලන සුමනදාසවත් කිවුවද දන්නෙ නැහැ ගුටිබැට දුන්නේ ඉන්දියන්කාරයන් බව. ජනාධිපතිවරණයට පෙර තවත් මෙවැනිම සුපිරි කාර් ශ්‍රී ලන්කන් ගුවන් යානාවලට පටවන පින්තූර සමහර දේශීය පුවත්පත් වල පළකර තිබුණා වගේ මට මතකයි. ඒවා ගොඩබෑවේ මොන රටවල් වලටද? ඒවා කාගේ කාර්ද? එවකට රටේ ජනපති හැටියට හිටපු මහින්ද ඒවාට පිළිතුරු දේවිද? (නි)
සමහරුන්ට නම් ඕනෑ කාගේ බෙල්ල දීලා හරි බලය ගන්න (නි)
දැන් එන්න එන්නම කළගුණ අමතක කිරීම වැනි බොහොම සාමාන්‍ය ගුණධර්මත් අපේ මිනිසුන්ගෙන් ගිලිහී යනවා. (නි)
ලංකාවෙ හැම තැනම බෝම්බ තිබ්බෙ මහින්ද.දෙමළ ළමයිගෙ කරේ සයිනයිඩ් එල්ලුවෙත් මහින්ද,අද හැමෝම නිදහසේ පාරෙ යන්නෙ ප්‍රභාකරන් නිසා.මහින්දගෙ වැරදි නිසා අහිංසක ප්‍රභාකරන් වෙඩි තියාගෙන මැරුනා...(බ)
මේ සම්බන්ධව විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතාගෙ ප්‍රකාශය ප්‍රශංසනීයයි. (නි)
දර්ශන, මේ අර හොයපු ලැම්බෝගිනිය නොවේ. නිකන් ෆෝර්ඩ් ස්පෝර්ට්ස් වගේ කාර් එකක්. දැන් ඉන්න අය නම් ගන්නේ ලක්ෂ හත් අටසියේ වාහන. දැක්කනේ ලිස්ට් එක. (නි)
අපේ මිනිසුන්ට මුල මතක නැහැ. අනෙක කෙනෙකුට කතාකරනකොට සංවර භාෂාවකින් කතකරන්න. එතුමා නිසා තමයි අද අපි මේ වගේ බයක් නැතුව යන්නේ එන්නේ මහපාරේ. අපේ සිංහලයන්ගේ හැටි මෙහෙම තමයි (නි)
බලලෝභී දේශපාලකයන් බලයෙන් විසිවුණවිට එම බලය ලබා ගැනීමට ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹෙනු ඇත (නි)
මේකේ අදහස් දක්වන සමහරුන්ට වැසිකිළි යාමට බැරිවුණාමත් එ්ක රාජපක්ෂලගේ කොන්ත්‍රාත්තුවක් කියාවිද දන්නේ නැහැ. එතුමාගේ කාලයේ වැරදි සිදු වුණා තමා. නමුත් අද වගේ මේ රට කොටි හිතවතුන්ගේ පාරාදීසයක් නොකර, සෑම මිනිසෙකුටම නිදහසේ පාරේ යන්න අවස්ථාව උදා කළේ එතුමාගේ නායකත්වයෙන් බව සමහර කෙළෙහිගුණ නොදත් අමනයෝ දන්නේ නැහැ. (නි)
මහින්දට ලොකු කරදරයක් වුණත් මේ ගුණමකු මිනිස්සු කියයි එ්ක එයාගෙම ප්ලෑනක් කියලා (නි)
රාජපක්ෂ, රාජපක්ෂ කිය කියා ගැහැවුවා කියලා මහ කොමසාරිස්තුමා ප්‍රකාශයක් කළාද? කොහොමත් මේගොල්ලන් අදාළ බලධාරීන් පරීක්ෂණ කරන්නත් කලින් තීන්දු දෙන්න හරි දක්ෂයෝ බව කවුද නොදන්නේ (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
ජයන්ත, එතුමාට ගහන්න පහසුවුණේ කරුණා වෙන්කළ නිසා කියලා ඔයා දන්නවද? (නි)
අපි අද නිදහසේ මෙහෙම ඉන්නේ මහින්ද මැතිතුමාට පින්සිද්ධ වෙන්න (නි)
අපි කොණ්ඩය කපාගත්තේ එතුමා රට බේරාගත්තට පස්සේ නේද සිල්වා. (නි)
එතුමාට ගහන්න පහසුවුණේ කරුණා වෙන්කළ නිසා කියාත්, වෙන්කිරීම කළේ කවුද කියාත් අපි දන්නවා (නි)
දැන් මේ කතාව ඇති අපේ අයට කාලයක් යනතුරුම... (නි)
මෙතන අදහස් දාලා තියෙන සමහරු දැක්කාම හිතෙනවා ලංකාවේ අයද කියලා. දැන් යුද්ධයක් තිබ්බද කියලාවත් මතක නැහැ. රාජපක්ෂට වෙන රටකදී ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් එතුමාගේ බලය ගැන අපි සතුටු වෙන්න ඕනෑ. ඕවා නිකම් සීනිබෝල කතා.. (නි)
සුරනිමල, බලයේ ඉන්න අය බලය තියාගන්න එහෙම කරන්නේ නැද්ද? (නි)
ෆෝර්ඩ් සපෝර්ට් වර්ගයේ වාහනයක්. ඔය දැනීම නම් හොඳටම ප්‍රමාණවත් රාජපක්ෂට ඡන්දය දීමට. බලාපොරොත්තු වූ තරමට ප්‍රතිඵල නම් නැහැ වගේ.... (නි)
අල්විස්, චන්න, අර්ජුන , බණ්ඩාර , විද්‍යා ඔච්චර මෝඩද , කොටි රාජපක්ෂට විරුද්ද යුද්දේ ඉවර කරපු නිසා කියල තේරෙන්නේ නැද්ද. හමුදා නිලධාරින්වත් ඉවත් කළා නේද තානාපති කාර්යාල වල හිටපු. ලැජ්ජාවක් මෙහෙම මිනිස්සු (බ)
අන්තිමට අහක හිටපු තානාපති අන්සාර් මහත්තය ගුටි කෑව රාජපක්ෂලා කරන කුමන්ත්‍රණවලට ලංකාවේ නෙවෙයිලු ගහපු කට්ටිය මම හිතන්නේ මැලේසියාවේ පොලිසිය දැනගන්න කලින් මෙයා දැන ගෙනද කොහෙද ගහපු කට්ටිය ගැන .(බ)
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ටත් ඒ දවස්වල පහර දුන්නලු නේද? (අ)
මහින්ද මහත්තයාට අමුතුවෙන් නාට්‍ය පෙන්වන්න ඕනද කියලා ඡන්දයක් තියලා බලන්නකෝ (බ)
සුරනිමල ගේ කතාව හරි. (බ)
මේකේ කමෙන්ට් දාල තියෙන සමහර අයට බොහොම ඉක්මනට මතක නැතිවෙලා නැට්ට පස්සේ ගහගෙන කොටින්ට බයේ හිටපු කාලේ. උඩු බුරපල්ලා බොහොම (බ)
එකියන්නේ රාජපක්ෂ ලාගේ කොන්තරත්තුවක් යන වගයි (අ)
නිලුපුල්, ඒ කියන්නේ රනිල් සැලසුම් කරලා අනේ ඔයාල වගේ මිනිස්සු ඉන්න තාක් කල් මෙරට ගොඩ ගන්න ලැබෙන්නේ නැහැ. පුදුම ගුණමකු මිනිස්සු. අම්ම තාත්ත කරපු කියපු දේවල් වත් අමතක වෙන මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ. කනගාටුයි. (බ)
රටේ ජනතාව නොමග යවන්න... රාජපක්ෂගේ කොන්ත්‍රාත් එකක් බව පැහැදිලියි .එකනේ රාජපක්ෂ කියා කියා පහරදුන්නේ ..(අ)
ඇයි නිකමටවත් නොකියන්නේ ඔහු ගුටි කෑවේ මන් හින්ද කියල. එතරම්වත් මහත්මා ගුණයක් කොයිද මට (අ)
නිලුපුල්, මම මගේ දේශපාලන දැනුම ගැන ඔයාට කියල දෙන්න ඕනේ නැහැ.. මම කියපු දේ ඉතාම සරල මිනිසෙකුට තේරුම් ගත හැකිය. ඔයාට බැරි වුනාට. (බ)
ද්‍රවුඩයෝ රාජපක්ෂ නමටත් බයයි (අ)
මෙයා කොහොමද ඉන්දියා සම්භවයක් තියෙන අය කියල මෙච්චර ඉක්මනට දන්නේ. ගේම ප්ලෑන් කලේ මේගොල්ලෝ වගේ (අ)
ඉන්දික, ඔයාට වඩා මම වාහන ගැන දන්නවා. ලැම්බෝගිනියක් ගැන මම කිව්වේ නැහැ. මේක නිසාන් ජීටීආර් 2 2 කූප් 3.8 L ට්වින් ටර්බෝ ස්පෝර්ට්ස් කාර් එකක්. 2012 දී බදු රහිතව ඩොලර් 111,585ක්. එතකොට බදුත් එක්ක කීයක්ද? මෙය විකුණුවේ ලක්ෂ 80 කටලු. පව් නේද? (නි)
චන්න මහත්මයාණෙනි ඔහෙට වඩා උසස් කෙනෙකුට කතා කරන්න ඉගෙන ගන්න ඔබලා බෝම්බ වලින් බේරිලා යහතින් ඉන්නේ ඒ නායකයා නිසා නේද (අ)