ඉදිරි මහ මැතිවරණයේදි කිසිවෙකු රාජපක්ෂ භීතිකාවෙන් පෙළිය යුතු නැතැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
විධායක බලය, පාර්ලිමේන්තුව,පළාත් සභා, ප්‍රාදේශිය සභා සියල්ලේ බලයත් , සහෝදරවරුන්ට දුන් තනතුරු වල බලයත් තිබියදි පැරදුණු රාජපක්ෂ කෙනෙක් කිසිම බලයක් නැති අවස්ථාවක කෙසේ දිනන්න දැයි ලේකම්වරයා ප්‍රශ්න කළේය.
රාජපක්ෂ කළ විනාශය අමතක කළ යුතු නැති වුවත් , ඔහු ගැන කිසිවෙකු භිතිකාවක් තබාගත යුතු නැතැයි කී ටිල්වින් සිල්වා මහතා ,ඔහුට දේශපාලන අනාගතයක් නැතිබව ස්ථිර යැයි ද කීවේය.
මන්ත්‍රීකමක් ලැබුණත්,ඔහුට එරෙහිව ඇති මුල්‍ය වංචා ගැන පරික්ෂණ ඇරඹුණු විට මන්ත්‍රිකම ද අහිමි වනු ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වු සිල්වා මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. අපි ජන්දයටයන්නේ ඉතාම හොඳ පිරිස් සමඟයි. අපේ මතය දුෂිතයන් පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි කියන එකයි.අපේ කණ්ඩායම් නායකයින් අති බහුතරය උපාධිධාරින් වේ.
බලය ඉල්ලන කණ්ඩායම් දෙක විසින්ම රටට කර ඇත්තේ හානියක්.අපේ අරමුණ ජනතාවට මඟ පෙන්විමයි. ඒ බලය අපට දෙන ලෙස අප ඉල්ලා සිටිනවා යැයි ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාර එජාපයට කඩේ යන්නේ. විජේදාස රාජපක්ෂගෙන් සල්ලිත් අරන් . රට බේරා ගත් නායකයට අපි. (බ)
ජවිපෙ හැමදාම විරෝධය විතරයි. වැඩක් වගකීමෙන් කරන්න දන්නේ නැහැ. විරුද්ධ මතයකට ඇහුන්කම් දෙන්නේ නැහැ. පහුගිය කාලෙටම එක තීරණයක් තියනවද හරි වෙලාවට හරි පැත්තට ගත්තු? දැන් බොර දියේ මාළු බානවා. අපේ මිනිස්සු අහුවෙන්න දක්ෂනේ... (ර)
ඔබ තුමලටවත් මේ සැරේ දීල බලනවා .ඔබතුමලත් අපිව රවටයිද.? (ර)
නිමල්ගේ කතාව මල් හතයි (නි)
නිලාන් - කටාර් ඔහේට වැරදිලා. මාගම්පුරේට ඇවිත් තියෙන්නේ ඔහේගේ වංසයේ කට්ටියක් කියලයි ආරංචිය. රාජපක්ෂලානේ මාගම්පුර වරායේ බාරකාරයෝ. ඒ අය ගෙන්වන්නෙත් ඒ අය වෙනුවෙන් බර අදින්නෙත් ඔහෙලා වගේ අයම තමයි. අඩුවකට තියෙන්නේ අං නැති එක පමණයි. (නදී)
එහෙම කියන්න එපා එතුමා අපට කුරුනෑගලට වරායක් හා ගුවන් තොටුපලක් දෙන්න ඉන්නේ.(නදී)
ජවිපෙටත් මෙදාපාර මම දිලා බලනවා. හැමදාම ප්‍රධාන දෙකට දුන්නා. දෙගොල්ලොම ආත්මාර්ථය සඳහායි වැඩ කළේ. මැතිනියගේ කාලේ 72 මිනි මැරුනා. ප්‍රේමදාස කාලෙත් මිනි මැරුනා. 89 ජවිපෙත් මිනි මැරුනා. නමුත් දැන් තත්වය වෙනස්. ලෝකේ දියුනුයි. තාක්ෂනය දියුනුයි. මෙ නිසා දැන් පත් කරගන්න ඕනේ උගත් කමක් තියෙන, හොරකම් නොකරන අළුත් පරම්පරාවක්. සම්ප්‍රදායික කඳ බඩ මහත අය රට කලා හොඳටම ඇති. (ස)
හා. (ස)
මම ජිවිතේ පළමු වතාවට මෙවර ජවිපෙට ඡන්දය දෙනවා (බ)
එහෙම කියන්න එපා එතුමා අපට කුරුනෑගලට වරායක් දෙන්න ඉන්නේ (බ)
සහෝදරයා, ඒ සඳහා ඔබට පීඩිත ජනයාගේ බලය හිමිවේවා (බ)
ඔව් අපි ජේවපේ එකට ඡන්දේ දෙමු (හේ)
අප මෙවර ජවිපෙ ගැන බලාපොරොත්තු තබා ඇත. අපේ ඡන්දය ජවිපෙට. (ස)
ජ වී පෙ දිනුවොත් අන්තරේට වැඩක් නැතුව යනවා. විශ්ව විද්‍යාල හැමදාම ඇරලා තියන්න පුළුවන්. රටේ වැඩ වර්ජන තියලා බිලි ඉල්ලන්න කට්ටිය නැතුව යනවා. ඒ ටිකම මදිද. (හේ)
දැන් තියෙන්නේ මහ මැතිවරණයක් ජනාධිපතිවරනයක් නෙවෙයි. හැම එකාම මහින්ද ගැනම කියවනවා .තව කී දෙනෙක් ගැන කතා කරන්න තියෙනවද.? තමන්ගේ ප්‍රතිපත්ති කොච්චරනම් කියන්න තියෙනවද ? ඒ මොකවත් නැතිව මහින්දට බනින එකෙන්ම තේරෙනවා නේද.? (ර)
අපේ ඡන්දේ මහින්දට. (ර)
ජවිපෙ මෙවර ප්‍රධාන විපක්ෂය වේවා....! (ස)
ඔයාල මහින්ද කරපු විනාශය ගැන කතා කරන්න කලින් ඔයාල අපේ රටේ දුප්පත් අම්ම තාත්තගේ දරුවන්ගේ ජීවිත විනාශ කරලා , මහජන දේපොළ විනාස කරලා රටේ ආර්ථිකය ආපස්සට ගෙනියල කරපු විනාශය ගැන කතාකරන්නේ නැද්ද? අපේ රනිල් මහත්තය නොහිටින්න ඔයාලට යන එනමං නැහැ. (ස)
ඔබලාගේ මිනීමරු ත්‍රස්තවාදය අමතකද? (ස)
මේ රට ගොඩනැගිය හැක්කේ ජවිපෙට පමණයි (නදී)
බිය වීමට කිසිම හේතුවක් නැත. රාජපක්ෂ රෙජීමය නැවතත් පැමිණෙන්නේ සුපුරුදු පාදඩ, කුඩු, මැර සහ පිස්තෝල කල්ලිය සමගය. (ස)
තිත්ත වුනත් ඇත්ත. (ර)
බලය ලබපු හැම රජයකම උපාධිධාරීන් සිටියත් සිදුවුනේ නම් එකම ව්‍යාපාරික දේශපාලනයි. දුෂිතයන් තුරන් කිරීමේ ජ.වී.පෙරමුණේ උත්සාහයට නම් දුෂිත විරෝධී ශ්‍රී ලාංකිකයන් ඔබලා සමඟ බවට සැක නැත. පක්ෂය පිරිසිදුව තබා ගැනීම මෙතුමන්ලාගේ වගකීමය. (ර)
මේ අය රට නිදහස් කරදුන් නායකයට කරන අපහාසවලට හොදක් වෙන්නම එපා (නදී)
88/89 කට්ටියද මේ (නදී)
මහින්ද ආවොත් පුතාලට ලම්බෝගිනි ජනතාවට බඩගිනි. ලෝක වෙළදපලේ මිල ඉතා පහල වැටිලා තිබියදී පෙට්රෝල් ඩිසල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු වලින් සහගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙව්වා, මාලිගා හැදුවා ආයෙත් හොර පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන යහපාලනයකට සහය දෙනවද ? හම්බන්තොට පැත්ත වනසල නැව් එන්නේ නැති වරායවල් හැදුවා. ගුවන් යානා එන්නේ නැති තොටුපොළවල් හැදුවා. ගුවන් යානා වල වැදිලා මොනරු මැරුණා රාජපක්ෂ රෙජීමයට දැන් කතරගම දෙවියන්ගේ සාපේ වැදිලා තියෙන්නේ. ඉතින් කුරුණෑගල මනත්‍රී වෙලා කුරුණෑගලට මොන විපතක් කරාවිද දෙවියෝ තමා දන්නේ. (නදී)
මම දෙන්නෙත් ජේ ව් පි එකට මෙදා (හේ)
ජයලාල් ඔයා හරියට හරි මමත් ඔයාගේ මතයට ගරු කරනවා (නදී)
ඔක්කොම හොරු ජේවිපී එකේ බහුතරයක් පාර්ලිමේන්තු යවමු.(හේ)
මහින්දට දුන්නොත් සුපුරුදු පින්වත්තු වැඩ පටන් ගනීවි. ලැම්බෝගිනි, එතනෝල්, කැසිනෝ, කසිප්පු, පගා, කප්පම් කාරයින්ට හොඳයි. මෙදා අපේ ඡන්දය ජනතා විමුක්ති පෙරමුණටයි. අනුරටයි. (බ)
අපේ පවුලම ජනතා විමුක්ති පෙරමුණටයි..(බ)
අපක්ෂපාති ඡන්ද දායකයෝ දැන් ඉන්නේ දෙලොවක් අතර තනිවෙලා. ඡන්ද දවස එනකම් කල්පනා කරනවා කාටද ඡන්දේ දෙන්නේ කියලා. පහුගිය කාලේ ආණ්ඩු කරපු ප්‍රධාන පක්ෂ දෙකේම හිටියේ හොරු. ජවිපෙ තමයි තියෙන විකල්පය නමුත් පහුගිය කාලේ ජවිපෙ කරපු අපරාධ මතකයේ තියෙන නිසා හිතට එකඟව ඡන්දෙ දෙන්නේ නැහැ. එනිසා මේ පාවෙන ඡන්ද දිනාගන්න අරමුණින් ජවිපෙ තමන්ගේ ජන්ද ව්‍යාපාරය කල යුතුයි. (නදී)
මෙවර ජවිපෙට ඡන්දය දෙනවා (බ)
අතිතයේ කරපු වැරදි ගැන දැන් කතා කිරීමෙන් පලක් නැත. (ම)
ජවිපෙට ජය (ම)
උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ජ වි පෙට රටේ එක ගෙදරකින් එක ඡන්දයක් වත් ලබාදෙන්න කාරුණික වන්න.(ම)
අනාගතය කලින් දකින, එඩිතරව තීරණ ගතහැකි, මිල මුදලට තනතුර පාවා නොදෙන, එක ප්‍රතිපත්තියක සිට අදහස් ප්‍රකාශ කරන ලංකාවේ එකම පක්ෂයට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම රටේ ජයග්‍රහණයක් බව අමතක නොකරමු. (නි)
මෙයා මේ අනියමින් කියන්නෙ රනිල් අගමැති කරන්න කියලා. අනේ ජවිපෙට ගිය කලක් (නදී)
අනේ පව් මෙදා පාර රතු මල්ලිලා අන්තර්ජාලෙන් ඡන්ද හිඟනවා. කට්ටිය හිතනවා ඇත්තේ මේ එසැන පුවත් බලන්නේ තුම්පනේ කට්ටිය කියල වෙන්න ඇති. (නදී)
ජේවීපී එකට දීල බලමු. (ර)
මේ පාර මාත් ජ.වි.පේ ට දෙන්න හිතුවා.(හේ)
ටයර් වල මනුස්සයන් පිච්චෙන සංස්කෘතිය නැවත ගෙන එයිද?(හේ)
මන්ත්‍රී දුරයට සුදුසුකම පිළිගත් විස්වවිදයලකින් උපාධිධාරයකු වීම, උපරිම වයස් සීමාව අවුරුදු 65. මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කළ යුතුය. අපේ රටේ කවදද මේවා හදුන්වා දෙන්නේ. (හේ)
ඒ කතාව හරි.බලය තිබු කාලයේ පැරදුනාම දැන් ආයේ දිනයිද?(හේ)
විදෙස් ගත බොහෝ දෙනෙක් මෙවර ජවිපෙට ඡන්දය පාවිච්චි කිරීමටම ලංකාවට එනවා. රටින් පිට ජිවත්වෙන බොහෝදෙනා ජවිපෙ ජයග්‍රහණය පතනවා. ඒ දුෂණයෙන් හා තක්කඩි පාලකයින්ගෙන් තොර මවුබිමක් වෙනුවෙන්. ජවිපෙට ජයම වේවා...! (ර)
මම මෙවර ජවිපෙට ඡන්දය දෙනවා. (ර)
"නිමල් ඔය කියපු එක හරි " අද ඔස්ට්‍රලියාවෙන් මී හරක් නැවක්ම ලංකාවට එවල තිබුණා(මාගම් වරයට ). මම හිතන්නේ ඡන්දෙට වෙන්න ඇති . අපට දිගටම ගවපාලනය කරගෙන යන්න පුළුවන් (බ)