අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600ක් පමණ තමා වැඩ බාර ගන්නා මොහොත වන විට කාර්යාලයයේ ගොඩ ගසා තිබුණු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
ඇය එලෙස කීවේ කොමිසමට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි යට ගසා ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇය කීවේ ඒවා යට ගසා නැති බවයි.
වැඩ බාර ගන්නා අවස්ථාව වන විට කාර්යාලයයේ ගොඩ ගැසී තිබූ පැමිණිලිගොනු වලින් දින හයක් ඇතුළත ගොනු 427ක් පරීක්ෂා කර අවශ්‍ය අංශ වෙත යොමු කළ බව ද ඇය කීවාය.
2015 ජනවාරියේ සිට මේ වන විට පැමිණිලි 521ක් ලැබී ඇති බවත්, ඒ අතර විදුහල්පතිවරුනට එරෙහි පැමිණිලි 31ක් ඇති බවත් ඒවා කඩිනමින් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු තමාගේ දෙවැනි නිවස බවත්, මුලින් තමන්ගේ ගෙදර පිරිසුව තබාගෙන පසුව අනෙත් ගෙවල් පිරිසිදුදැයි බැලිය යුතු නිසා කොමිසමේ නිලධාරියකුට එරෙහිව චෝදනා ඇත්නම් 076 70 11 954 අංකයට දැනුම් දෙන ලෙසත් පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනත් අයට ඇති පැමිණිලි සම්බන්ධයෙන් එම අංකයට දැනුම් නොදෙන ලෙස ද ඉල්ලා සිටියාය.
විමර්ශන අංශයේ නිලධාරීන් 49 දෙනකුගේ පුරප්පාඩු ඇතැයි ද කියැවිණි.
අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසද්දී ඇය කීවේ ඒ ගැන තමා නොදන්නා බවයි.
මාධ්‍යවේදියෙක් - දේශපාලනඥයන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කරන්නේ මන්දගාමීව නේද?
අධ්‍යක්ෂ ජනරාල් - නැහැ. එහෙම දෙයක් නෑ
මාධ්‍යවේදියෙක් - දැනට විමර්ශන පවත්වන දේශපාලනඥයන් කවුද?
අධ්‍යක්ෂ ජනරාල්වරිය - ඔවුන්ගේ රහස්‍ය භාවය රකින්න අප බැඳී සිටිනවා. නඩු පැවරූ පසු ප්‍රකාශ කළ හැකියි.
මාධ්‍යවේදියෙක් - ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එල්ල වුණු චෝදනා ගැන අධිකරණයට වාර්තා කරන්නට පෙර කොමිසමේ සභාපති මාධ්‍යයට ලබා දුන්නා නේද? ඇයි ඔබට බැරි?
අධ්‍යක්ෂ ජනරාල් - ඔහු එසේ ලබා දුන්නාදැයි මා දන්නේ නෑ. ඒත් මට බෑ ඒ නීතිය කඩන්න.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆයිල් යට ගැසුවේ නැති වුනාට ඒවාට පවන් ගසමින් දුම් අල්ලමින් ජාතික පුරා වස්තු වගේ තියාගෙන ඉන්න බවද මේකෙන් හැඟවෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ සැමට සාධාරණයක්. (හේ)
එතකොට අර සමහරු ඡන්දෙට කලින් අරගෙන ගිය ෆයිල් මේ ගොඩට අයත්වෙලා නැහැ වගෙයි (නි)
මෙතුමිය හොඳ පැහැදිලිකිරීමක් කළා.සියලු කරුනු කාරණා ඒ ආකාරයෙන්ම සිද්ධ වී දුෂිතයන්,පල්හොරුන් නීතිය ඉදිරියට පමුණුවා, ආණ්ඩුවේ බෝඩිමට යැවීමට හැකිවේවා !! (නි)
කොළ පාට කට්ටිය මොකද නිල් පුටු වල ?. (නදී)
අපි නොදන් ෆයිල් කතාව (අ)
වැඩක් නැත (අ)
කිසිදෙයක් සිදුනොවේ (අ)
සර්පයෝ කාපු අයගේ පයිල් දැන් තියෙනවද දන්නේ නැහැ ? (නදී)
ඉක්මනටම ඔය හිටපු රජයේ කෙරුමන්ගේ ලිපිගොනු උඩට ගත්තොත් හොඳ නේද ලෝකේ නෝනේ ? අර පාස්පෝර්ට් එකේ නම් උපන්දින මාරු කරපු දේශප්‍රේමියාගේ බිරිඳගේ ලිපිගොනුව එහෙම අස්ථාන ගත වෙන්න දෙන්න එපා. මිනිහ ලෝකේ හදන්න ගියාට ගේ ඇතුලේ වෙන දේවල් නොදන්නවා වගේ. ඒ නිසා මිනිහට නියම සිහිය ගන්න නියම වෙලාව දැන් තමා. තවමත් මිනිහ ඉන්නේ මවාගත්තු සිහින ලෝකෙක. ඒ නිසා ඉක්මනට මිනිහව ඒ සිහිනෙන් නැගිටවා ගමු. (නදී)
ඔය කියන ඒවා ඔය විදියට සිද්ද වෙයිද.? (ර)
ඔබතුමිය ඔහොම කිය කියා ඉන්නකොට වැඩේ කෙරෙයිද ? කෝ අර පාස්පෝට් එකේ වැරදි තොරතුරු දීපු බලපුළුවන්කාර නෝනා? ඒ මදිවාට අර වැරදි ජාතික හැඳුනුම්පත් අංකයක් දීලා රාජ්‍ය බැංකුවක ගිණුමක් ඇරපු ලොකු නෝනා ගැනත් කිසිම වගවිභාගයක් නැහැ. (නි)
සමන්, ජනක හරියටම හරි. ඒ වගේම අර නැවු කිහිපයක් තියෙනවා කියපු වර්තමාන ආණ්ඩුවේ කියවන ඇමතිතුමාගේ ෆයිල් එකයි තව අර විනිමය වංචා තියෙනවා කියපු ඇමතිතුමාගේ ෆයිල් එකයි කියන දෙකත් එළියට ගන්න කියමු නේද? (නි)
ඇය ලොකු උසස් පවුලක නෝනා කෙනෙක් බව පෙනෙනවා (නි)
හරියට හරි.හොරු ටික ඉක්මනට හොයලා දඬුවම් දෙන්න. (නි)
අනිවාර්යයෙන් වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනෑ. නමුත් මේ වගේ දවසෙන් දවස මාධ්‍ය සංදර්ශන නොතියා. (නි)
තීරණය ඔබ අතේය (නි)
සෑහෙන්න ෆයිල් ඇති.(හේ)
අර ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න හදනවා වගේ මෙයාල හදන්නේ දින 100 ඉවර වෙනකන් මේක ඇද ඇද ඉන්න (අ).
හොර වැඩ කරන කට්ටියට දැඩි දඩුවම් දෙන්න ඕනේ. (ර)
සුබ පැතුම් මැඩම් (බ)
නියමයි !
රටේ විනිමය වංචා නඩුවකදී මේතාක් කල් දඬුවම් නියම වුනේ සිරිමා බණ්ඩාරනායකගේ පාලනය තුලින් පමණයි. එය මුක්තාර් තහගේ වන්චාවටයි. ඉන්පසු කිසිම දුෂණ ප්‍රබලයෙකුට විරුද්දව කිසිම පියවරක් අරගෙන නැහැ. නමුත් මොවුන්ට විරුද්දව ෆයිල් නම් යනවා අල්ලස් කොමිසමට. යන යන ෆයිල් යන්නේ හමස් පෙට්ටියටද කොහෙද. මේ අල්ලස් දෙපාර්තමේන්තුවේ තනතුරු දේසපාලන තනතුරු නිසා දේසපාලන බලවතුන්ට විරුද්දව ක්‍රියා කරන්න ඔවුන්ට ශක්තියක් නැහැ. පුදුම කාරණය අල්ලස් ලොක්කත් දුෂණයන්ට පැටලී තිබීම තුලින් එහි ක්‍රියා පටිපාටිය කෙබඳුද කියා සිතෙනවා.(නදී)