පහුගිය කාලේ හිටපු හොරුන්ට, මිනීමරුවන්ට, කුඩුකාරයින්ට නාම යෝජනා දීමෙන්ම පෙනී යන්නේ රාජපක්ෂ බලවේගය තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ විදියටම ක්‍රියාත්මක වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා බාර දීමෙන් අනතුරුවය.
‘‘පක්ෂ වලට වඩා අපිට රටක් තිබිය යුතුයි. අපි දන්නවා ජනතාව එදා වගේම අදත් ඒ වෙනුවෙන් පෙළ ගැසී සිටිනවා. පහුගිය කාලේ මේ රටේ හැමෝම පක්ෂ බදාගෙන හිටියා. පක්ෂය ආරක්ෂා කරනවා, පක්ෂය විනාශ වෙන්න දෙන්න බැහැ කිය කිය රට විනාශ කළා.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තට පස්සේ ඉල්ලා සිටියා පහුගිය කාලේ හිටපු හොරුන්ට, මිනීමරුවන්ට, කුඩුකාරයින්ට නාම යෝජනා දෙන්න එපා කියා. අද අපිට පෙනෙනවා ඒක වෙනස් වෙලා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂගේ බලවේගය තාම ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. සල්ලි තියෙන මිනිස්සුන්ට නාම යෝජනා දෙනවා හොඳ මිනිස්සුන්ට නාමයෝජනා දෙන්නේ නැහැ.
ගම්පහ දිස්ත්‍රික්කය ගත්තම ගම්පහ දිස්ත්‍රික්කය විනාශකරපු, හොරකම් කරපු, කප්පම් ගත්ත කෙනාට දෙන්නේ නැතුව එයාගේ නෝනට දීලා තියෙනවා. ඒක මහ විහිළුවක් බවට පත් වෙලා. කුඩුකාරයින්ට, මිනීමරුවන්ට නැවත දීලා තියෙනවා.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත් කොලය ලකුනෙන් එන බොහෝ අය පහුගිය කාලේ හොරකම් කරපු අයයි. ඉතින් මේ තත්වය වෙනස් කරන්න නම් සියළු බලවේග එකතු විය යුතුයි. එදා පක්ෂ පාට භේදයකින් තොරව ජනවාරි 8 වෙනිදා ලබා දුන් ජයග්‍රහණය අදත් පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ලබා දෙන බව අපිට විශ්වාසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපි අද එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී ඇත්තේ ජනවාරි 8 වෙනිදා ලබපු ජයග්‍රහණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයත් රටේ ඉදිරි වැඩ කොටස ඉදිරියට ගෙනියන්න හදපු ක්‍රමවේදයට ශක්තිය ලබා දීමටයි.
අද අපි රට එක් තත්වයකට ගෙනත් තියෙනවා. ජාත්‍යන්තර ඉදිරියේ අද අපේ රට යම් තැනකට ඇවිත් තියෙනවා. රට ඇතුලේ නිදහසේ ජීවත්වෙන්න තත්වයක් ඇති වෙලා තියෙනවා. හොරකම නැති වෙලා, නාස්තිය, දුෂනය අඩුවෙලා තියෙනවා. මේ සේරම ඉදිරියට ගිනියන්න පුලූවන් වෙලා තියෙන්නේ මෛත්‍රී - රනිල් එක ගමනක් ගියොත් පමණයි. ඒකට තමයි අද අපි මේ නාම යෝජනා බාර දුන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔයාගේ දේශපාලනය (බ)
මෛත්‍රී ලක්ෂ 62 කගේ පැතුම් විනාශ කළා. මහින්ද ඇතුළු පිරිස හොරු යැයි කීවත් නාම යෝජනා දීලා (බ)
අනාචාරේ හැසිරිමට මැඩම්ගෙන් කනේ පාර කාපු අයට ? (බ)
අනේ අර්ජුන මතක නැද්ද ඔයාගේ රනිල්ද චන්ද්‍රිකාද මහින්ද රාජපක්ෂද රට බේර ගත්තේ කියලා. මතක නැද්ද ඔය රනිල් කොටිත් එක්ක ගිවිසුම් ගහල ඒ පැත්ත කොටින්ට බාර දීල තිබුන කාලේ. ඔය කව්රුත් දැන් කටවල් ඇරලා සද්ද දාන්නේ රාජපක්ෂල රට බේරාගත්තේ හින්ද නේද? (බ)
ඇත්තටම දැන් නම් හොල්මනක් වගේ තමයි...(බ)
කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුනලු. කී පාරක් එහෙට මෙහාට වුනාද. මෙයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාට ජාත්‍යන්තරය අපිට ආදරේ ඇයි කියල තාම දන්නේ නෑ. ජාත්‍යන්තරය කියන්නේ ඇමෙරිකාව සහ එංගලන්තය නෙමේනේ. (බ)
අපි මහින්දට. තොපි කවුද? (බ)
කෙටි කාලයක් තුල පක්‍ෂ ගණනවකට මාරැ වූ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක් අනියම් පෙම්වතියක් සමග සිටියදී කලෙක බලවත්ව සිටි තැනැත්තියකගේ අතටම හසු වී තිබේ. අදාල බලවතියට ලද දුරකථන ඇමතුමක් මත කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකට කඩා වැදී ඇති අතර එහිදී ඇදුම් කිසිත් නැතිව පෙම් සුව විඳිමින් සිටිනු අතටම අසු වී ඇත. එහිදී දැඩි කෝපයට පත් ව ඇති හිටපු බලවන්තිය පරුෂ වචනයෙන් ඇමතිවරයාට බැණ වැදී කණ හරහා පහරවල් කිහිපයක්ද එල්ල කර ඇතැයි පැවසෙයි. මූලාශ‍්‍ර – දේශය, ඬේලිමිරර් (බ)
අර්ජුන මහත්මයා, ඔබ හරි. සමහරුන්ට ඕක තේරෙන්නෙ නැහැ. (නි)
ඔය කතා පහුගිය කාලය පුරාම අපි ඇහුවා. අහිංසක මිනිස්සු රැවැට්ටුවා ඇති. දැන් කතා අහන්න කවුරුත් නැහැ. (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ! (නි)
සුදුසු නුසුදුසු කවුද යන්න මහජනතාව තීරණය කරාවි (නි)
මෙයා පොඩි කාලේ මෙයාගේ ගේ ගිනි තිබ්බේ කව්ද කියල දැන් මතක නැද්ද ? (බ)
දිල් හැමදාමත් රට බේරගත්ත පදේම ගහන්ඩ් එපා. රටත් ජනතාවත් ආරක්ෂා කිරීම රජයක වගකීම. (ර)
හොල්මන් මෙවර මැතිවරයෙන් අයින්කරමු. ඔබට ජයවේවා.! (ර)
ඇයි හොල්මන් වලට බයවෙලා ද ? ගොඩක් අය බවවෙලා... (ර)
ඉමල්ක, ඔබට පෙම්වතියක් නැති වීම ගැන අපගේ බලවත් කණගාටුව. අර්ජුන මැති තුමනි, ගල් ගසන්නේ පල ඇති රුකකට පමණි. සියලු බාධක මැදගෙන ජය ගන්නට ඔබට ශක්තිය ලැබේවා.! (ර)
හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් රට බේරාගනිමු. බුද්ධිමත් ජනතාව ඔබ සමඟයි. ඔබට ජය නියතයි! (නි)
කවුද හරි කවුද වැරදි කියලා අපි තීරණය කරන්නම්කෝ! (නි)
අර්ජුන කියන කතාවේ ඇත්තක් තියෙනවා . අර්ජුන ජනතාව ඔබ සමග සිටිනවා. (ර)
ක්‍රිකට් පිටිය තේරුනට දේශපාලන පිටිය අමාරුයි මහත්තයෝ. එතුමාට කවුරුවත් බනින්න එපා. (නි)
රාජපක්ෂට තමයි අපි නම් අපේ මනාපය දෙන්නේ (නි)
කෙටියෙන් කියන්නම් මේගැන හිතපල්ලා මහින්ද ආවොත් පුතාලට ලම්බෝගිනි ජනතාවට බඩගිනි – සියාතු සීයා සියාතු සීයා කියපු කතාව හරියට හරි පෙට්රෝල් ඩිසල් ඇතුළු අත්‍යවශ්‍යය බඩු වලින් සහගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙවුවා මාලිගා හැදුවා ආයෙත් හොර පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන චම්පික ඇමතිතුමා වගේ අයට රට බාර දෙනවද දෙසැරයක් හිතපල්ලා අපිට තෙල් මිල අඩු කරලා සහන දුන්න චම්පික ඇමතිතුමනි ඔබ මොන ලකුණෙන් ආවත් රටේ කොල්ලෝ කෙල්ලෝ ඇතුළු සියලු ජනතාව රතන හාමුදුරුවන්ට වගේම ඔබතුමාටත් ඡන්දෙ දෙනවා ඒක සිකුරුයි . ඔබතුමා මහින්දගේ ආණ්ඩුව අයකළ සහගහන තෙල් මිල අඩුකළා කියන දෙය කරන ඔබ වගේ අය රටට අවශ්‍යම මොහොත. ඔබතුමා උඩින්ම ජයගන්නවා ඔබ වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් දුගද හමන පාර්ලිමේන්තුවකට නෙළුමක් වන බව එ්කාන්තයි !(බ)
අර්ජුන මහතා ඔබ නිවැරදියි ඔබට රටට ජය වේවා (බ)
ඈ මලෝ ,අයිය කොහි. (බ)
අර්ජුන ඔබ ගත්තේ නිවැරදි තිරණයක් (බ)
තමන්ගේ සහෝදරයන්ගේ මනාපයවත් මෙයාට නැහැනේ..(බ)
තමන්ගේ පියා ගිය අඩි පාරෙත් යන්න බැරිනම් ,,,තමන්ගේ වැඩිමල් සහෝදරයත් එක්ක එක්සිත් වෙන්නත් බැරිනම් , තමන්ව දේශපාලනයට ගෙනාව කෙනත් එක්කත් හාද කමක් නැත්නම්,තමන්ගේ බිරිදගෙන් සෑහීමකට පත්වෙන්න බැරිවෙලා අනාචරෙත් යනවනම්, නොදන්නා කෙහෙල්මල් යහපාලනයක් ගැන බුරන්න එපා ..(බ)
අර්ජුන ඔබට සදා ජය (බ)
මට අර්ජුන කියන්නේ දේශපාලන පිසාචයෙක්..නමුත් මේ කියන සිදුවීම ගැනනම් පුදුමයි..වැඩියෙන්ම පුදුම මේ අහක ඉන්න බලවතියකට මොන කුලප්පුවකටද අනුන්ගේ පුද්ගලික ජිවිත කියන එක ගැන ..අම්මප මට ඔහොම ගැහුවනම්(බ)
මෙයාට දැන් ක්‍රිකට් ගහන්න බැරි නිසා හොඳ නායකකමක් ගන්න දගලනවා (නදී)
ඇමතිතුමනි, ඔබ හරි. (නි)