‘සිංදුවක් කිව්වාම එක එකා එනවා ගහන්න. විහිළුවට වගේ සිංදුවක් කිව්වාම බෝතල් අරගෙන එනවා ගහන්න. රජතුමාට අපහාස කළා කියනවා. රජවරුන් හිටියේ ඒකාලේ. ළඟදිත් මට මන්ත්‍රීකෙනෙකු තර්ජනය කර තිබුණා. අපේ මල්ලිට කියලා ‘උඹලගේ අයියගේ කට පරිස්සම් කර ගන්න කියපන්‘ කියලා. මෙවැනි මැරවරයන්, හැදියාවන් නැති අය එවන්න එපා. ඔවුන් සත්තුවත්තකටවත් දාන්න බැහැ. මොකද සත්තුවත්තට දැම්මොත් සතුන් නරක් වෙනවා. වෙනම කූඩුවක් හදා කූඩු කරන්න ඕනෑ අය ඔබ පාර්ලිමේන්තුවට එවනවා.‘ යිය ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා ‘පුරවැසි බලය‘ රැස්වීමක දී කීවේය.
ඔහු එහි දී ගීත කිහිපයක් ද ගායනා කළේය. ඔහුගේ අයි ඩෝන්ට් නෝ වයි සින්දුව ඔහු ගායනා කළේ පැවැති රජය ගැන කියමිනි.
ඕනෑම කෙනකුට අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක් විවේචනය කරන්න. ගහන්න යන්න එපා. ඇති වෙනකම් විවේචනය කරන්න.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් පෙරේරාට විතරක් නොවෙයි ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක් විවේචනය කරන්න අයිතියක් තියනවා?(ම)
නියම කතාව! (නි)
නියම කතාව තමයි. මමත් එකඟයි (නි)
එයාගේ ප්‍රකාශයෙන් පෙනෙනවා නව දේශපාලන මතයක් ඇති බව. (නි)
උක්කුබණ්ඩා, විරාජ් කියපු දේවල් අහලාවත් හැදෙන්න බලන්න (නි)
ඔබේ කතාවට මමත් එකඟයි (නි)
රෝයල් එකේ සිද්ධියත් විවේචනය කරන්න කාටත් අයිතිය තියෙනවා. හැබැයි ඒකට සුනිල්ට ගහන්න අපිට බෑ (ම)
මාළුවා නහින්නේ කට හින්දලු සුනිල් පෙරේරාගේ රාජකීය නැටුම් අපට අමතක නැහැ (ම)
අයි නෝ වයි සුනිල් පෙරේරාට ඔහොම ගැයෙන්නේ. කට විතරක් ඇති සුනිල් අයියට බල්ලොත් කන්නේ නැති ඩොලර් යුරෝ පෙනිලා ඇති. (බ)
නියමයි සුනිල් අයියා... (ර)
සුනිල් පෙරේරා කරන දෙය අගය කළ යුතුයි. (බ)
කට කෑවත් ඇත්ත කියන අපේ කෙනෙක්! ආඩම්බරයි .... (නි)
කලා කරුවන්ගේ කොන්ඩ කපපු අය ගැනත් ගයන්න (ම)
අපිත් ඉතින් "වී ඩෝන්ට් නෝ වයි" තමයි (නි)
පිට රට මිනිස්සුන්ට වෙන වැඩ නැනේ මෙහෙ අයට ඩොලර් යුරෝ බෙද බෙදා යන්න ,මොනා හරි රාජපක්ෂට විරුද්ධ මතවාදයක් දැක්කොත් උබල කියන්නේ එන්ජීඕ සල්ලි එනවා කියලයි, මිනිස්සුන්ට විරුද්ධ මතයක් දරන්න සල්ලි ඕනමද, අනේ උක්කුවෝ උඹල දන්නේ දේශපාලකයෝ කියන කියන දේ උඩ තියන් කියව කියව යන්නනේ, උන් නලාව ගහනවා උබල නටනවා, උබල වගේ මැටි හරක් ඉන්න කන් උන්ට මගුල් (බ)
සුනිල් මහත්තයට අයි ඩෝන්ට් නෝ වයි කියල 18 වැනිදා උදේට ඔය තඩි ඇස් ගෙඩි දෙක එලියට දාගෙන තමන්ටම කියාගන්න වේවි වුනේ මොකක්ද කියල හිතා ගන්න බැරුව (බ)
සුනිල්, ඔබට මගේ ප්‍රණාමය! (නි)
නියමයි (බ)
උක්කුබණ්ඩාට රිදෙනවද සිංදුවකින් හරි ඇත්ත කියනකොට. සුනිල්ට ඩොලර්, යුරෝ හම්බකරන්න දේශපාලනයට යන්න ඕනේ නැහැ. දෙවියෝ දීල තියෙන හැකියාවම ඇති. (නදී)
විරාජ්, අනේ මේ ළිං මැඩියෙක් වගේ කතා කරන්න එපා. (නි)
එයාම තමයි ඕවා දන්නේ අයි ඩෝන්ට් නෝ වයි! (නි)
අයි ඩෝන්ට් නො වයි.? (ර)
මෙතුමා ජනවාරි 8 ලබාගත් නිදහස උපරිම භුක්ති විදිනවා (ම)
රෝයල් එකේ මොකද එකත් අයි ඩොන්ට් නො වයි ද? (ම)
ඕස්ට්‍රේලියාවේ අගමැති වෙළද සංකීර්ණයකදී හැමෝටම කතා බහ කරමින් යන අතරේ එක් අයෙකුට "කොහොමද මහත්මයා " කියා අසු විට ඔහුට බැනවැදුනා. සෑම විකට වැඩසටහනක්ම පාහේ ඔහුව ඉලක්ක කරමින් නම සදහන් කරමින් උපහාසයට ලක් කරනවා. ඔහු කාවවත් මරන්න යන්නේ නෑ . ඔහුගේ පක්ෂයේ මන්ත්‍රී වරු ඒවාට කිපී මිනිසුන්ට ගහන්න යන්නේ නෑ . (ර)