අසනීප තත්ත්වයෙන් පසුවන රායප්පු ජෝසප් මන්නාරම රදගුරු බැහැ දැකීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද ගියේය. පැයක පමණ කාලයක් ආණ්ඩුකාරවරයා රදගුරුතුමා සමග සාකච්ඡා කළේය.
මන්නාරම දිස්ත්‍රික්කය දියුණු කරන ලෙසත්, මන්නාරම වැසියන්ගේ ප්‍රශ්න විසඳන ලෙසත් රදගුරු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය. උතුරු පළාත් ධීවර ඇමැති පී ටෙනීස්වරන් ද ආණ්ඩුකාරවරයා සමග එහි ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරාන් ඔබේ අදහසට දහස් වරක් පින්, දන්නෝ දනිති කෙරුවාව.(බ)
රායප්පුගේ බෙදුම්වාදී අදහස් ඉවත් කරන්න පුළුවන්නන් එපමණයි (බ)
බොහොම හොඳ කාලෝචිත හමුවක් (නි)
බලන්න යන්නම වටිනා කෙනෙක්නේ. (නි)
කාලෝචිත හමුවීමක්. රෙජි ධනාත්මකව මේ දෙස බලනවා. මා පළාත්සභා විරෝධියෙකු වුවත්, රෙජී මේ තනතුරට සුදුසුයි. බෙදුම්වාදී අදහස් ඇති මේ රදගුරු වෙත මහා ජාතිය වන අප මිත්‍රත්වයේ හස්තය දිගුකළ යුතුය. ඔවුන්ගේ ප්‍රදේශ අවසංවර්ධිත නිසා බෙදුම්වාදී ප්‍රවණතාවන් ඇතිවීම පුදුමයකුත් නොවේ. අතීතයේ සිටම ඌන සංවර්ධනයෙන් පෙළුණු උතුරු, නැගෙනහිරට සංවර්ධනයේ ප්‍රමුඛත්වය ලබාදිය යුතුමයි (නි)
ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය ඇතිවුයේ සංවර්ධනය නොවූ නිසා නොවේ. ඈත අතීතයේ සිටම එදා සොළීන් සහ අද ද්‍රවිඩයන් සමහරකගේ එකම සිහිනය වුයේ මේ රට අල්ලාගැනීමයි. කාලිංග මාගලා එළාරලා පැමිණියේත් සංවර්ධනය නොවූ නිසාද? (නි)
සමහරු උඩින් සත්ගුණවත් විදිහට හැසිරුනාට යටින් ගිනිකෙළි. හැබැයි කතාවේදී හැදියාව, විනය උතුරනවා. මේවට මිනිස්සු රැවටෙනවා. (නි)