දෙවැනි එලිසැබෙත් මහ රැජන සිහසුනට පත්වී හැට වසරක් පිරීම සැමරීමේ ආගමික වතාවත් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ පැරණිතම ථෙරවාදී පන්සල ලන්ඩන් බෞද්ධ විහාරයයි.
බකිංහැම් මාලිගේ ප්‍රධාන පාලක එයාර් වයිස් මාර්ෂල් ශ්‍රීමත් ඩේවිඩ් වෝකර් එම වතාවත්වලට රැජනගේ නියෝජිතයා ලෙස සහභාගී විය. විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියෝ රැජිනගේ නියෝජිතයා පිළිගත්තේය. විහාරයේ දායකයෝ සියයක් පමණ මේ අවස්ථාවට එක්වූහ. රැජනගේ ස්වර්ණ ජුබිලියේදී සීලවිමල නාහිමියෝ බෞද්ධ ප්‍රජාව නියෝජනය කළහ.
රැජනගේ සහකාර ප්‍රවෘත්ති ලේකම් ෂැකි කූපර්, එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ද ආගමික වතාවත්වලට එක් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් එන්නත් ඕනි..
එයද හොඳ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්..
සතුටයි....
බලන්න බ්‍රිතාන්‍ය යේ ඉන්න එයාර් වයිස් මාර්ෂල් කෙනෙක් පන්සලට ආවම ආගමික වතාවත් ටික කරගෙන ලස්සනට පිට වෙලා යනවා. ඒකටත් එක්ක අපේ රටේ ......
කොහොම කොහොම හරි කමක් නැහැ දෙවැනි එලිසැබත් රැජිනවත් මහන කෙරුවොත් හොදයි නේද? මොකද කලවයසත් ගෙවිලානේ තියෙන්නේ.
රැජිනගේ ජුපිලි සැමරුමට ශාන්ත ශාන්ත පෝල් වල තිබුණ උත්සවයකට එංගලන්තයේ සිටින බෞද්ධයන් වෙනුවෙන් ලන්ඩන් බෞද්ධ විහාරයේ හාමුදුරුවන්ට ආරාධනා කරල තිබුණා. මේක ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයේම බෞද්ධ ප්‍රජාවට කරපු ගෞරවයක්.