ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝගයක් පැනවීය.
ඇය විදේශගත කිරීමේ සූදානමක් ඇතැයි ඇගේ මව්පියෝ උසාවියට කරුණු දැක්වූහ.
ඇමැති සේනාරත්න ඇතුළු 14 දෙනකුට එරෙහිව දියණියගේ භාරය ඉල්ලා හබයාස්කෝපූස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ළමයා කැමැත්තෙන්නම් ඉන්නේ පොලිසියට වෙන කාටවත් මොකුත් කරන්න බැහැ (බ)
ඕනෑම කෙනෙක් නීතියෙන් පිට බලෙන් රඳවාගෙන සිටින එක වරදක් නේද? (නි)
අපරාදේ ලංකාවේ පොලිසිය උසාවිය නඩත්තු කරන්න වියදම් කරන්නේ. රටේ නීතිය පුරවැසියගෙන් පුරවැසියාට වෙනස්. කොළඹ එකක් කුරුණෑගල එකක් යාපනේ තව එකක් වන්නියේ වෙනම එකක්. නමුත් කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා.මේවා දැක දැකත් වලිගෙ උස්සලා ගිහින් ඡන්දෙ දෙනවා අපේ මිනිස්සු. (බ)
ඒ රජය තිබෙත්දිත් රාජිත බලගතු ඇමති කෙනෙක්. (ම)
මෙය යහපාලනය ඇතිවීමට බොහෝ කලකට පෙර වූ සිද්ධියකි. නමුත් අඩුතරමින් නීතිය ඉදිරියට දෙමාපියන් ගියේ ජනවාරි 08 න් පසුවයි. (නි)
පතිරණ, අඩු වයස් දරුවන්ට තම කැමැත්ත බලපාන්නේ නැ.බටහිර රටවල නම් මෙයට හිර දඩුවම්. (අ)
කෙල්ලගේ කැමැත්තෙන් කෙල්ල ඉන්නේ.එයාට 18 වැඩි .එයාම උසාවියේ කීවා .දෙමාපියන්ගේ කරදර නිසා තමයි කෙල්ල ගිහිල්ල තියෙන්නේ.(අ)
යහපාලනය තුළ සියල්ලටම උඩින් නිතිය ඇත. එය සැමට සාධාරණය. (අ)
,මොකක්ද මේ නිතිය මේ ගොල්ල යහ පාලනය කියල සිල්රෙද්ද දා ගත්තට සම්පුර්ණ බලය දුන්න නම් කොහොම තියෙයිද, ඇයි දරුවා දෙමාපියන්ට නොදෙන්නේ, නිතිය පාලනය කරන්නේ කව්ද කියල හිතාගන්න පුළුවන්නේ, මොලයක් තියනවනේ. (බ)
මේවා යහපාලන ගුණාංග ළමයෝ. ඔයාලට තේරෙන්නේ නැහැ. කොහොමහරි මේගොල්ලන්ට ඡන්දය දෙන්න. එතකොට බලාගන්න පුලුවන් (නි)
ඔබ ඉතා නිවැරදියි හසන්ත (නි)
පද්මිනී, මේ රටවල බාල වයස්කාර දරු දැරියන් නිදහසේ ජීවත් වෙනවා තමාය, නමුත් නීති විරෝධී මෙවන් පටලැවිල්ලක් , ඔහු හෝ ඇය සම්බන්ද පාර්ශවයකින් පැමිණිල්ලක් ගොනු වුවහොත් , ඔහු හෝ ඇය ළඟ තබාගත් සියලු පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක වේ . නීති විරෝධීව කව්රු හෝ තමන් ළඟ තබා ගැනීම, එවැනි දේ කට අනුබල දීම , නීතිය මග හැරීමට කුමන්ත්‍රනය කිරීම , බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබ තුමිය , ඇසින් දකින දේට පිටතින් වෙන දේවල් ගැන අධ්‍යනය කරන්න. (බ)
ලංකාවේ නීතිය අනුව අවුරුදු 16 ට වැඩි ගහැනු පිරිමි දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බාදාවක් නැහැ මම හිතන්නේ. (නදී)
පද්මිණි, පරණ රජය හෝ වේවා, අලුත් රජය හෝ වේවා, නීතිය සමස්ත පොදු ජනතාවටම එක හා සමාන විය යුතුයි. මෙතන සිද්ද වී ඇත්තේ නීතිය උල්ලංඝණය කිරීමක් . ඕනෑම පොඩි ළමයකුට තේරෙන දෙයක් ! (ම)
අනේ අපි හිතාගෙන හිටියේ දත් දොස්තර මහත්තය කෙල්ලව බාර දුන්න කියල. අපේ රටේ නීතිය ඇයි මේගොල්ලන්ට බලපාන්නේ නැත්තේ? ඇයි පොලිසියට ගිහිල්ල දොස්තරගේ ගෙදරින් මේ කෙල්ලව නිදහස් කරගෙන දෙමව්පියන්ට බාරදෙන්න බැරි? (බ)
මේ ළමයා රාජිතගේ පුතා එක්ක යන්නේ 2013 අවුරුද්දේ . දෙමව්පියෝ පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ 2015 මද භාගයේ .. මෙතන කුමක්දෝ සැඟවුණු දෙයක් තියෙනවා,,(ම)
අනේ අපි හිතාගෙන හිටියේ කෙල්ලව බාර දුන්නා කියලා. නීතිය ඇයි මේගොල්ලන්ට බලපාන්නේ නැත්තේ? (ර)
යහ පාලනය... (ර)
රාජිත කියන්නේ මම අකමැති දේශපාලකයෙක් .. නමුත් ඇත්ත කියන්න ඕනේ .. මේ කෙල්ලට වයස 18ට වැඩි .. අනික එයා නැවත දෙමව්පියන් ලඟට එන්න අකමැති .. ඒක අපි ප්‍රසිද්ධියේම දැක්කා .. එහෙම තියෙද්දී කොහොමද නීතියක් ක්‍රියාත්මක කරන්නේ ? නීතියට අනුව මෙතන වැරද්දක් නෑ (බ)
මේ ගැණු ළමයා ඡන්ද ගුන්ඩුවක් වුනාද ඒ සැරේ. (ර)
මේකත් හොද යහපාලනයක් (බ)
විජේ සුන්දර_ ප්‍රංශය, ඔබ මොනවද මේ කියන්නේ ? බටහිර රටක නම් පවුලම හිරේ කියල. මේ රටවල තරුණයින්ට කොපමණ නිදහසක් තියෙනවද තමන් කැමති විදියට ජිවත් වෙන්න. හසන්ත කියූ ලෙස මේ සිද්ධිය වෙලා තියෙන්නේ පරණ රජය කාලේ. (බ)
දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. (ර)
ෆොන්සේකා මහත්මයා....ඔබේ ගෙදරට බාලවයස්කාර ගැහැනු දරුවෙක් ඇවිත් කිවොත් දෙමාපියන්ගෙන් කරදරේ කියලා.ඔබ ඔබේ පුතාට එයත් සමග පවුල් කන්න සලස්වනවද. නැත්නම් නීතියට බාර දෙනවද (බ)
මේ ප්‍රශ්නය ගරු අධිකරණයෙන්වත් විසදුනේ නැති හැටි (බ)
කෙල්ලට 18 වෙනකන්ම නඩුව අහයි මන් හිතන්නේ (බ)
ප්‍රශ්න ගැන ඔබ නෑසූ කන් ඇතුව නුදුටු ඇස් ඇතුව සිටින්නන් හට අපි දෙන්නම් හොඳම පිළිතුර (නි)
ඔය මුකවාඩම් දමාගෙන කතානකරන අය මේ දැරිය දෙමවුපියන්ට ලබාදී තමන්ගේ දරුවන්ට සත්‍ය අවබෝධකර දෙන්න. ළමයාට 18 වුණත් ඇයගේ දෙමවුපියනට සහනයක් වන සේ කටයුතු කරන්න.මේ සෑම කෙනෙකුටම යහපතක් ලබාදෙන්න. මොකද? අහෝ! මේකද ධර්මද්වීපේ බුදුන්ගේ (නි)
මේක බාල අපචාරයක් නොවන්නේ දේශපාලන හේතුවක් මතද නැතිනම් නීති හේතුවක් මතද? මට තේරෙන්නේ නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලිකිරීමක් කරන්න. (ර)
මහත්තයෝ,අසරණ දෙමව්පියන්ගේ දරුදුක දන්නේ නැද්ද? මේ අසරණ ළමයාගේ හිත හොඳයි. (නි)
ඇයි මේ ළමයව කාන්ත හා ළමා කාර්ශ්‍යංයට බර ගන්න බැරි පාසල් සිසුවියක් බලෙන් තබා ගැනීම නීති විරෝදී ඇයි එකට මේ ගොල්ල මැදිහත් නොවන්නේ වයස 18 අඩු ගැහැණු දරුවෙක් කොහොමද බලෙන් තියාගන ඉන්නේ (අ)
මම හිතන්නේ රාජිත ඇමතිතුමා කලින්ම දැනගෙනවගේ මැතිවරණ ප්‍රතිපල එකනේ වේලාසනම රටයවන්න දඟලන්නේ (අ)
යහපාලනය ගෙදරින්ම පටන් ගන්නවා නම් හොඳයි. (නි)
රාජිතයි පුතායි ගැන අපි බලාගන්නම්, ඡන්දෙදි (නි)
ඡන්දයට පෙර සමීපතමයන් රට පටවන්නේ අනාගතය ගැන කලින්ම දන්නා නිසාද? (නි)
මේ කෙල්ල වයස 18ට වැඩි බාලවයස්කාර ගැහැනු දරුවෙක්! රාජිතගේ පුතා එක්ක යන්නේ 2013 අවුරුද්දේ, දෙමව්පියෝ පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ 2015 මද භාගයේ! (ම)
ඉන්දික, නීතියද දේශපාලන හේතුවකි (අ)
අපේ රෝසිනෝනා ඔයානේද ළමා හා කාන්තා පිළිබද ඇමති තුමිය දින සියෙදී මෙන්න මේ අහිංසක දරුවා දිහා බැලුවේ නැති වුණාට කුරුණෑගල ගෙයින්ගෙට බෙදන්නනම් යනවා .අපි මෙලමයාගේ දෙමවුපියන් අරගෙන ඔබතුමියගේ වේදිකාවට ගොඩවෙනවා (අ)
මම යහපාලනයට පක්ෂ කෙනෙක්. එත් රාජිත මහත්තයා ඡන්දෙ ඉල්ලගෙන එන්නකෝ. එයාටත් අපි පෙන්වනවා යහපාලනය කටේ තිබුනට මදි ආදර්ශයෙන් පෙන්නන්න ඕනෑ කියලා. (නි)
දේශපාලකයන්ට නීතිය වලංගු නැද්ද? අර 'බලය ' මේ 'බලය' කියන සංවිධාන වල කන් අඟුල් වැටිලාද? ගමේ කොල්ලෙකුට මේ දේ වුණා නම්? (නි)
පොඩි මිනිහෙක් සුලුවරද්ක් කරත් කුඩුවේ ,ලොක්කෝ ලොකුවරදී කරත් නිදැල්ලේ,අපේ පොලිසියට මේවා පෙන්නේ නැහැ,(අ)
බටහිර රටක මේ දේ වුණා නම් , පවුලටම හිරබත් කන්න තමයි වෙන්නේ (නි)
බරපතල චෝදනාවක් තියෙද්දී අපේ පොලිසිය. (අ)
කාන්තා හා ළමා කාර්යංශයට මේ සම්බන්ධයෙන් යමක් කරන්න බැරිද? (නි)
අනුන්ගේ දරුවෙක් තවත් පාර්ශවයක් රටින් පිටකිරීමට උත්සාහ කළොත් එය බරපතල වරදක් (නි)
අපේ රටේ නීතිය ගැන ඇතිවෙන්නේ කළකිරීමකි (නි)
ඒ කාලේ නම් මොනවා වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)
බලාගෙන යනකොට අපියි අන්තිමේදී රැටවිලා තියෙන්නේ (නි)