(තිළිණි ද සිල්වා)
විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වත්මන් රජයේ වංචා හා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද(24) කැඳවා තිබේ.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සිදුව ඇතැයි කියමින් කොමිසමට ඉදිරිපත්ව තිබෙන පැමිණිලි විභාගයට අදාළව සාක්කි ලබා ගැනීම සදහාය .
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්‍රිකාවකට ලබා දුන් නිරීක්ෂණයක් පදනම් කර ගනිමින් මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.
එම නිරීක්ෂණයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත්තේ, විදුලිය මිලදී ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2කට අධික පාඩුවක් සිදුව ඇති බවයි.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් මීට පෙර විදුලිබල අමාත්‍යංශයේ වත්මන් ලේකම් සුරේන් බටගොඩ මහතා ද ජනාධිපති කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබා දුන්නේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd