දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටද සැළකෙන රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය වන සෞන්දර්යා ආර්. අශ්වින් දික්කසාද වූ පුවතක් දකුණු ඉන්දීය සිනමා වෙබ් අඩවි වාර්තා කර සඳහන් කරනවා.

31 වැනි වියෙහි පසුවන රජණිගේ වැඩිමහල් දියණිය වන සෞන්දර්යා මෙසේ දික්කසාද වී ඇත්තේ 2010 වසරේ විවාහ වූ අශ්වින් රාමුකුමාර් නමැති කෝටිපති ව්‍යාපාරිකයා වෙතින් බවද සඳහන්. සෞන්දර්යා මේ වන විට එක්දරු මවක බවද මෙම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සෞන්දර්යා මේ වන විට දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුව සිටින අතර, ඇය අවසන් වරට අධ්‍යක්ෂණය කරනු ලැබූ "කෝචාඩියන්" චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් අසාර්ථක විය. මෙහි සෞන්දර්යාගේ පියා වන රජණි හා දිපිකා පදුකෝන් රංගනයෙන් දායක වූහ.

 

2016-09-20-ent-03