තමන්ගේ කෙනකු ජනපති ධුරයට පත් වුවහොත් තම ජීවිත සැපවත් වේ යැයි සිතා ඡන්දය දුන් හම්බන්තොට ජනතාව කන්ද පාමුල තබා මහින්ද රාජපක්ෂ සිය පවුල ද සමග කන්ද මුදුනට නැඟ ඇති බවත්, එනිසා අතරමං වූ ජනතාවගේ ජීවිත සැපවත් කිරීම අගෝස්තු 17 වැනිදායින් පසු තමා බාර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වලස්මුල්ලේ දී කීවේය.
‘දකුණු අධිවේගී මාර්ගය ඉදි කළත් එම මාර්ගයේ ප්‍රවාහනයට කර්මාන්ත භාණ්ඩ කිසිවක් නෑ. එම මාර්ගයෙන් ලැබුණු පහසුවක් වන්නේ හදිසි රෝගියකු ඉක්මනින් කොළඹ රෝහලකට ගෙන යාමට හැකි වීම පමණයි.
හම්බන්තොට ගුවන් තොටුපොළක් ඉදි කර ඇතත් ගුවන් යානයක් එන තුරු තවමත් බලා සිටිනවා. කොළඹ නගර සභාවේ ත්‍රීරෝද ගාලේ පවා මීට වඩා ලාභ ලබනවා. හම්බන්තොට ඉදි කළ සම්මන්ත්‍රණ ශාලාව පාඩු ලබන අතර ඉඳ හිට සම්මන්ත්‍රණ වෙනුවට විවාහ උත්සව පවත්වනවා.
රාජපක්ෂ රෙජීමය සංවර්ධනය මැන්නේ කොංක්‍රීට් වලිනුයි. කොන්ක්‍රීට් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ අය සිතුවේ සංවර්ධනය වැඩි වෙන බවයි. නමුත් අප සංවර්ධනය මනින්නේ ජනතාවගේ අතමිට තිබෙන මුදල් වලිනුයි. රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි අංශවල දියුණුව අපේ සංවර්ධනයේ මිණුම් දණ්ඩයි.
රජ්ජුරුවෝ උඩයි උඩයි යනුවෙන් මෙතෙක් කල් කිව්වා. ජනවාරි අට වැනි දා රජ්ජුරුවෝ බිමට වැටුණා. ඒ රජ්ජුරුවො දැන් හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්නේ නැතිව කුරුණෑගලට ගොස් ඡන්දය ඉල්ලනවා. ‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසයි අහන්නේ ඔය බැඳුම්කර සල්ලි වලින් මොකද කළේ ? (බ)
අධි වේගී මාර්ගයේ දවසකට වාහන දහස් ගණනක් යනවා. ඒ යන්නේ ශ්‍රී ලංකා කාරයෝ හෝ මහින්දගේ ගෝලයෝ නෙමෙයි. එ්කේ යන අය දන්නවා මොන තරම් පහසුවක්ද, කාලය මොන තරම් ඉතිරි වෙනවද කියල. මාතර සිට කොළඹ ඇවිත් මහා ඉස්පිරිතාලේ ලෙඩෙක් බලල හවස් වෙන්න ඉස්සර ගෙදර යන්නත් පුළුවන්. අගමැති හැටියට ඔහොම කතා කියන්න එපා කියල උපදේශකයෝ කියල දෙන්නේ නැද්ද? එක නෙමෙයි මොකද සජිත් ආවේ නැත්තේ? (බ)
ජයවේවා.අපේ අගමැති රනිල් මහත්තයයි.(හේ)
මේ කවුද බොලේ මේ (බ)
මොකද දන්නේ නැහැ එහෙනම් දක්ෂිණ දෙවෙනි අදියරත් පටන් ගත්තේ? වරායේ දෙවන අදියරට වතුර පිරෙව්වේ? මේ ගොල්ලෝ සංවර්ධනේ කරන්නේ සල්ලි ගිලලා. අඩු තරමින් කොන්ක්‍රීට්වත් නැහැ. (බ)
අධිවේගී මාර්ගය නිසා ගමන් කිරීම පහසු වූ බව ඇත්ත. නමුත් රාජපක්ෂල අධිවේගී මාර්ග හැදුවේ ජනතාවට බොරු ෂෝ එකක් පෙන්නලා ඡන්දෙ ගන්නයි කොමිස් ගහන්නයි මිස රට දියුණු කරන්න නෙමෙයි. රට දියුණු කරන්න අවශ්‍ය නම් අධිවේගී මාර්ගයට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත කිහිපයක් හරි පටන් ගන්න තිබ්බා. ඒ වගේ දෙයක් එයාල කලාද? එහෙම නොකර ඔය අධිවේගී මාර්ගයට ගත්ත ණයවත් අඩුතරමේ ගෙවන්න පුලුවන්ද? (නදී)
මෙයා ඔලුව පීරාගෙන ඇවිල්ලා නැහැ (නදී)
අපේ මහින්ද ජනාදිපති තුමා සැදූ දේවල් බුක්ති විදිමින් එතුමාටම බනිනවා.(නදී)
එතකොට ඡන්ද දායකයට මොකද කියන්න ඕන මම ලබන සැරේ ඔයාල ළඟට එන්නම් කියලද? (බ)
මෙන්න මෙය තවත් ජන්ද ටිකක් අඩු කර ගත්තා. කට ඇරියොත් ඉවරයි. මෙය කට අරින්න නැතුව ඉන්න කම් හරිම හොඳ ළමයා. (ම)
සඳා, ඔබ මුලිනේ බැඳුම්කරේ පිළිබද ඉගනගෙන එන්න (නදී)
තවමත් බාහිර පෙනුමට රැවටෙන රාම් වගේ උදවිය ඉන්නවනේ පව් අනේ. මහින්දගේ වැඩ හොදයි එ්ත් කිසිම සැලසුමක් නෑ.ගසාකෑම වැඩි. කෙටිකාලින අදායම් නෑ. (බ)