පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඒකාබද්ධව රජගලතැන්න ඓතිහාසික පුදබිමේ කැණිම් ආරම්භ කර අවුරුදු 03 ක් පිරිම සහ මෙම පුදබිමේ ඉදිකරන ලද ගොඩනැගිලිවලට ගෙවදිම නිමිති කොටගෙන රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය ඓතිහාසික රජගල කන්දේ දී සර්වරාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විය.
මෙම පරිත‍්‍රාණ ධර්ම දේශනාව සමඟ අරියවංශ සුත‍්‍ර දේශනාවද පැවැත්විම සිදුවිය. ඈත ඉතිහාසයේ ද මෙම රජගල පුදබිමේ ආරියවංශ සුත‍්‍රය දේශනාකර ඇති බව සඳහන් වෙන බවද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍ය පි.බී.මණ්ඩාවල මහතා පවසයි. රජගල කන්දේ මෙවැනි පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් පවත්වනු ලැබුවේ වසර 1000 කින් පසුව බවද පැවසුවේය.
මෙම පිරිත් දේශනාවෙන් පසුදින උදේ මහා සංඝයා හට හීල් දානය පිරි නැමිමද සිදුවිය. මෙම පිංකමට සමගාමිව රජගලතැන්න කැණිම්වලදි හමු වු අතර පුරාවස්තු ප‍්‍රදර්ශනයක්ද පැවැත්විණි.
දැනට කරන කැණිම් වලදි දාන ශාලාව යැයි සිතන ශාලාවේ තිබි ගලින් කරන ලද ඔරලොසුවක් හමුවි තිබේ . අභයගිරි කැණිම් වලදි ද මේවැනි ම ඔරලොසුවක් හමුවි ඇති බව මහාචාර්‍ය මණ්ඩාවල මහතා කීවේය.
කි‍්‍ර.පු 119 පමණ සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජාතිස්ස කුමාරයා විසින් මෙම ඓතිහාසික පුදබිම ආරම්භ කළ බවට මහාවංශයේ සදහන්වේ. රජගලතැන්න පුදබිමේ ඇති ලෙන් වල තිබෙන ශිලා ලේඛන 08 ක පමණ ලජ්ජතිස්ස කුමාරයා පිලිබඳව සඳහන් ව ඇති අතර ලජ්ජාතිස්ස කුමාරයා විසින් මෙය ආරම්භ කළ බවට එය පැහැදිලි සාක්කියක් බවද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙටිටි ආරචිචි මහතා පැවසුවේය.

![1[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/12.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/211.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/311.jpg)
![16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1611.jpg)
![17[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1712.jpg)
![18[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1811.jpg)
![19[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/191.jpg)
![21[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2111.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් මහින්දම තමයි යන්තම් ගේම ඉල්ලලා කුරගල අපිට අායෙත් අරන් දුන්නේ (නදී)
ඉතා හොද පුවතක් ! මෙම ස්ථාන වැඩි දියුණු කිරීම රජයේ වගකීමක්.(ම)
අපගේ විශ්ව විද්‍යාලයෙන් මෙවැනි දෙයක් සොයාගැනීම අපට ආඩම්බරයක්.ලංකා ඉතිහාසයේ අලුත් තොරතුරු සොයායාමට මෙම පුරාවස්තු නව පිටුවහලක් වේවි. (නි)
මෙම ස්ථාන වලින් හෙළිකර ගන්නා ලද ඵෙතිහාසික පසුබිම ගැන විස්තර සියල්ල රටට හෙළිකරන්න. (නි)
මහින්ද මේ රටේ හැමදෙයකටම වැරදිකාරයා කරගෙන තමන්ගේ වැරදි යටපත් කරගන්න උදවිය තමා අද මුළු ලෝකයේම ඉන්නේ. ඵල තිබෙන රුකට තමා සියලු දෙනාම ගල් ගහන්නේ. (නි)
මෙලෙසින් පොළව යට තවත් කොපමණ උරුමයන් සැඟව ඇද්ද? (නි)
මෙවන් සොයාගැනීම් තුළින් බොහෝ වැදගත් කරුණු හෙළිකරගන්න හැකිවේවි (නි)
මෙවන් සොයාගැනීම් තව තවත් කරන්නට දිරිය ලැබේවා! (නි)
මහින්දත් වැරදි ඇති.බලය තියනකොට වැරැද්ද පේන්නෙ නැහැ.ඒ නිසා පොඩ්ඩක් විවේක අරගෙන හිතන්න.හැබැයි කවුරු කවුරුත් වැරදි කරන්න බලයට එන්න හදන්න එපා. අපි ඒ ගොන්නු විකුණලා ඉවරයි. (නි)
හෙළ විදු නැණ මහිම (නදී)
ලංකාව කියන්නේ පුරා විද්‍යාත්මක ද්‍රව්‍ය ඝනත්වය වැඩිම රට වෙන්න ඕනා. මහින්ද මහත්තයල , කැෂිනෝ ප්‍රවර්ධනය කරන්න හදන්නේ නැතුව, මේවා හරියට හොයල බලල කළා නම් එයත් ගොඩ අපිත් ගොඩ (නදී)
හොඳ සොයාගැනීමක් (නි)