ඇමරිකා තානාපති මිචෙල් ජේ සිසන් අම්පාර ඓතිහාසික රජගලතැන්න පුජා භූමියට පැමිණියාය.
ඇමරිකා රජය විසින් රජගලතැන්න පුජා භූමිය සංවර්ධනය කිරීම සදහා ඇමරීකා ඩොලර් ලක්ෂයක් (රුපියල් කෝටි 13100000 ) ලබා දෙන අතර දැනට රජගලතැන්න පුදබිමෙි කෙරෙන කටයුතු සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්‍ය එන්.එල්.පී කරුණාරත්න මහතා විසින් ඇය පිළිගත්තේය.
පසුව රජගලතැන්න කැණිමි කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව රජගලතැන්න කන්ද තරණය කරමින් එහි ඓතිහාසික ස්ථාන නැරඹු මිචෙල් මහත්මිය පැය 05 ක කාලයක් රජගලතැන්න කන්දේ ගත කළාය.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා අධ්‍යන අංශයේ මහාචාර්‍ය පි.බි මණ්ඩාවල මහාචාර්‍ය පත්මසිරි රත්නායක යන මහත්වරුද මෙම අවස්වට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේයන්ගොඩ, හැමෝම එහෙම ඇමරිකාවට යන්න දඟලන්නේ නැහැ. ඊට වඩා මිනිසුන්ට සළකන රටවල් ලෝකයේ තිබෙනවා. මෙයාල උදවු කරන්නේ මොනවා හරි හේතුවකට. මාධ්‍ය මේ ගැන හොයලා බලන්න.බල සේනාවටත් කියන්න. එයාලා විතරයි මේ විනාශ කෙරෙන සංස්කෘතිය ගැන යමක් කරන්නේ. (නි)
සතිස්, මෙයාලට තේරිලා මේ රටේ අතීත සිංහල බෞද්ධ උරුමය ගැන. ඇයි ඔයාලට මේවා තේරෙන්නේ නැත්තේ? (නි)
අපි සුද්දන්ගෙන් හිඟා කකා අතීත සිංහල බෞද්ධ උරුමය ගැන ඔවුන්ව දැනුවත් කරමු. (නි)
ලංකාවට අත්‍යාවශ්‍ය රටක් නම් අැමරිකාව සහ යුරෝපය අපේ රට නිෂ්පාදන 90% යවනේ මෙය රටවලට, මේක දන්නා මිනිසු ලංකාවේ ඉන්නවා නම් අපේ හොදම මිතුරා සොයන්න පුළුවන.(අ)
මේ මුදල ඉතා සුළු මුදලක්. මේ ප්‍රචාරය හා මේ පුරාවස්තු හුඟක් වටිනවා. (නි)
හරි පුදුමයි. අර ගලේ ලංකාදීප කියලත් ගහලා තියෙනවනේ? (නි)
තානාපතිතුමියට ජයවේවා! සුදු මිනිසුන් නිසා තමයි අපේ උරුමය රැකුණේ (නි)
මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහත්මයෝ,ඔබතුමාගේ දීර්ග විස්තරය කියවන්න පටන්ගත්ත ගමන්ම මට පොඩි කුකුසක් ඇති උනා. (ස)
විමසිලිමත් වෙමු අපි. (නි)
අපේ රටට ඇමරිකන් අධාර නැතුව මොකුත් කරගන්න බැහැ වගේ (නි)
මොනවා වුණත් චේතනාව හොඳ නම් ගැටළුවක් ඇති වෙන එකක් නැහැ (නි)
කල්පනාවෙන් සිටීම තමයි නුවණට හුරු (නි)
කියත වශයෙන්ම මෙහි යටි අදහසක් තිබෙනවා. අපට කෙනෙහිළිකම් කරන ඇමෙරිකාවට මෙහෙම වුවමනාවක් ඇති වුණේ කොහොමද? මෙය " කපන්න බැරි අත සිඹිමක් " විය නොහැකිද? (නි)
රජගලතැන්න යනු මුහුදු මට්ටමින් අඩි 1039 ක් පමණ උසින් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඝන වනාන්තරයකින් යුතු ප්‍රදේශයකි. මෙය මුල් යුගයේ රාස්සගල ලෙසින් හැඳින්වූ අතර පසුකාලයේදී රජගලතැන්න බවට පත්විය. මිහිඳු මහා රහතන් වහන්සේගේ ශ්‍රී දේහය මෙහි මිහිදන් කර ඇති බවට විශ්වාසයක්ද ඇති මෙම භුමිය අපගේ පෞරාණික උරුමයන් කියාපාන බෞද්ධ සිද්ධස්ථානයකි. මෙහි තවත් සුවිශේෂ වූ දේ බොහෝය. අප රටේ ආරම්භක යුගයේ අක්ෂර සහ නටඹුන් වී ඇති කලාශිල්ප වලින් යුතු මෙම සිද්ධස්ථානය ආරක්ෂා කිරීම ජාතික වගකීමකි. ඒ සඳහා ධනවත් රටවල් වලින් කරනු ලබන මුල්‍ය ආධාර අප අගය කළ යුතුය. අනිවාර්යයෙන්ම රජගලතැන්න අනාගතයේදී ශ්‍රී ලංකාවේ 8 වැනි ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කරනු ඇත. (නි)
දැන්වත් මෙයාලට තේරෙයිද දන්නේ නෑ මේ රටේ අතීත සිංහල බෞද්ධ උරුමය ගැන. (ස)
මේ වගේ දේවල් අපි අගය කරන්න ඕනේ ....රටේ නායකයෝ වැඩේ නෑවට කරන්න දෙයක් නෑ. (ස)
මහාචාර්ය මණ්ඩාවල මහතාට ස්තුතියි. ඔබතුමාගේ ප්‍රකාශය වැදගත් වන්නා සේම රජගල තැන්නේ දැනට ඇති වර්ධනය සහ අපට කළ හැකි ශ්‍රම දායකත්වය පිළිඹදව පින්තුර සහිත විස්තරයක් ලංකාදීපය මගින් මහජනයාට දැනගන්නට සලස්වනු මැනව.(ස)
බොහෝ අය අනන් මනං කියන අතරේ වැදගත් යමක් කියපු එකට මධුභාශිනිට ස්තුතියි, (ස)
ඇමරිකාව ලංකාවට අතීතයේ සිට උදව් කල මිතුරු රටක් . එදත් අදත් එකේ වෙනසක් නැහැ . අපේ සමහර දේශපාලුවන් ඇමරිකන් විරෝධී උනාට . (ස)
මධුභ්සිනී මහත්මියට ස්තුතිය් අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට. (ස)
සතිස්, පින්වත ඒක තේරුණා කියල ඇති වැඩේ මොකක්ද ?..ඇමෙරිකානු පුරවැසිකම තරම් මොකක්ද වටින්නේ? (ස)
කසාය බොන්න දෙනකොට හකුරු කෑල්ලකුත් දෙනවා ලංකික අය පිටරටක පුරවැසිභාවය ගන්නේ වාසියට .වාසියට ආගම මාරුකරන අයත් එහෙමයි (දී)
මීයක් කඩන්නේ අත ලෙවින්න නෙවීනේ.. (ස)
ජීවක හාමුදුරුවනේ, මට නම් ඇමෙරිකානු පුරවැසිකම අමුඩයක් තරම්වත් වටින්නේ නැ.(දී)
අපේ හාමුදුරුවොත් වැඩම කරලා...(දී)
මම රජගලා තැන්නට ගිහින් තියෙනවා . රහතුන් වහන්සේලා දෙනමක් සිටිනා විස්තරයකට අනුවයි එහි ගියේ ..? භාවනා කරන යෝගාවචර භික්ෂුන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් සිටියත් මෙහි සිදු වූ සහ සිදුවන යම් යම් නුසුදුසු දේ නිසා ඒ.. වහන්සේලා මේ තැන හැර ගොස් බුද්දන්ගල අරණේ වැඩ වසන බව ගම්මුන් මා සමග සදහන් කලා . (ස)
ඇමරිකාවටමයි බනින්නේ ලංකාවේ අය, ඇමරිකන් අධාර නැතුව මොකුත් කරගන්න බැහැ වගේ.කියුබාව වගේ කොන්ද කෙලින් තියන් ඇමරිකන් අධාර එපා කියන්න පුළුවන් කමක් ලංකාවේ අයට නැහැ. (දී)
එළකිරි, හොඳ සිතින් හොඳ දෙයක් කවුරු කලත් හොඳයි (ස)
මේ පාර මෙයා මොකාටද එන්න හදන්නේ ? විමසිලිමත්ව හිටියොත් හොඳයි, මන් හිතන්නේ. (ස)
පැල හිටෙව්වාට බලාගෙන්න කෙනෙක් නැහැ (දී)
ඔය අමෙරිකන් විරුද්ද අය සිංහල බාසාවට තැනදෙනවාද? තමන්ගෙ උජාරුව පෙන්නන්න ඉංගිරිසි කෑලි දාලයි කතාව ලංකාවට ගියාම මට හිතාගන්න අමාරුදෙයක් තමයි මෙ සිංහල මගෙ රටද කියල අදහස්දාන අය නම් අදහස් දානකොට,,මේ සිංහල බෞද්ධ රට. (ස)
ගන්දර සිමොන්, ඇමෙරිකාව කවදද අතීතයේ සිට අපට උදව් කලේ? (දී)
මෙතන හුඟක් ය ඇමරිකන් විරෝධය වැරදියට තේරුම් අරන් තියෙන්නේ. එක්කෝ ඒවගේ පෙන්නනවා. අපේ රටේ බහුතරයකගේ ඇමරිකන් විරෝධයක් තියෙන්නේ ඒගොල්ලොන්ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන මිසක්, ඒ රටේ මිනිස්සු ගැනවත් එහෙ පුරවැසිභාවය ලබා ගන්න එකවත් ගැන නෙවේ.(ස)
ඔය ඇමරිකන් විරෝදී කතා කියන ලියන සෑම කෙනාම . ඇමරිකාවට යන්න ලැබුනොත් යන්නේ . අම්මව තාත්තවත් එපා කියල . එහෙදි ග්‍රීන් කාර්ඩ් එක ගත්තම මේ ඔක්කොම විරෝදී කතා ඉවරයි . පාස් පොර්ට් එක ලැබුනොත් සිංහලත් අමතක කරලා සිංහලයටම බනිවි (දී)
මධූ, මේක ඉල්ලලා ගත්ත එකක්ද නැත්නම් දුන්න එකක්ද? දන්නවා නම් කියන්න! (ස)
ගාමින්, ඔයානම් ඇත්තම කියල තියෙනවා. මොකද සුද්දගේ කාලේ තමයි ඔක්කොම දේවල් විශේෂයෙන්ම පුරාවස්තු වගේ දේවල් ආරක්ෂා කරේ. වැඩි ආරක්ෂාවට ගොඩක් දේවල් එ් රටවලට අරගෙනත් ගිහිල්ල තියෙනවා!!!! (ස)
අපි අපේ උරුමය විකුණගෙන කනහැටි හා එම සලිවලින් පාසල්වලට ආධාර කරපුවහම හරි කියලා හිතන දේශපාලනාඡයින්ගේ එක්ක බලනොකොට ඔබත්මියගේ ඉදිරිපත්වීම හරි අගෙයි(අ)
මම විශ්ව විද්‍යාලයේ හිටිය දවස් වල සමාජ වාදය ගැන මහ ඉහලින් කතා කල අයගෙන් බහුතරයක් දැන් ඉන්නේ ඇමරිකාවෙ. කීප දෙනෙක් ලඟදි මාත් එක්ක කිව්වා, ඇමරිකන් පුරවැසිභාවයට අයදුම් කරනවා කියලා. දැන් ෆේස්බුක් එකේ සමාජවාදී අදහස් දාන්නේ හීනෙන් නැගිටලා වගේ. (දී)
මෙය නැගෙනහිර සිංහල උරුමය පෙන්වන හොඳම නිදසුනක්. (ස)
මේ ප්‍රධානය ඇමෙරිකානු තානාතිපති කාර්යාලය කතා කරලා දුන්න එකක් නෙමෙයි. පසුගිය 2013 ජනවාරි මාසයේ ඇමෙරිකානු තානාතිපති කාර්යාලය අයදුම්පත් කැදෙව්වා සංස්කෘතික සංරක්ෂණය පීළිබඳ තනාතිපති අරමුදලෙන් ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධයනංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙන මේ ව්‍යපෘතියෙනුත් යෝජනාවක් ඉදිරිපත් කලා. ඒ යෝජනාව ලෝකයේ රටවලවල් ගනාවකින් ඉදිරිපත් කරපු යෝජනා 58ක් සමග තරගයකින් පස්සේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක එනම් රුපියල් ලක්ෂ 13 ක ප්‍රධානයක් දිනාගත්තා. කිසිම කොන්දේසියක් නෑ. එකම කොන්දේසිය අපි යෝජනා කරලා තියන ස්මාරක වන ජන්තාඝරය, දනසාලාව, සන්නිපාතශාලාව, ගල්පාත්‍ර ගොඩනැගිල්ල, පෙත් මග, අසනඝරය 2017 අවසානය වෙනකොට සංරක්ෂණය කරලා අවසාන කරන්න ඔනේ. සියලුම සංරක්ෂණ කටයුතු කරන්නේ පුරාවිද්‍යා මුලධර්ම වලට අනුකුලව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධයනංශයේ මහාචාර්යවරුන් 3 දෙනෙකු හා ජේෂ්ඨ කතිචාරයවරයෙකුගේ මෙහෙයවීමෙන් වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීන නිලධාරී මණ්ඩලයකින්. ස්ථානයේ වැඩ කරන්නේ රජගලතැන්න හා අවට ගම්වල අය. ශ්‍රී ලංකාවේ තියන විශලතම පුරාවිද්‍යා රක්ෂිතය. අක්කර 1005. දැනට 3/5 ක් ගවේෂණය කරලා ස්මාරක 600 පමණ හොයාගෙන තියනවා. සැම ස්මාරකයක්ම ක්‍රිස්තුපුර්ව 1 වන සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ 10 වන සියවසට අයිතියි. දුටුගැමුණු රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමාගේ දෙටුපුත් ලජ්ජතිස්ස රජතුමා ඉඳිකර සාසනය පූජකරලා තියෙන්නේ. රහතන් වහන්සේලා හැට දහසකට පූජාකිරිමේ උත්සවයේදී තුන් සිවුරු පූජා කලා කියලා මහාවංසයේ තියනවා. මිහිඳු මහා රහතන් වහන්සේගේ හා උත්තිය රහතන් වහන්සේගේ ධාතු තැන්පත්කර තියනවා කියලා ලංකාවේ තියන එකම සෙල්ලිපිය තියෙන්නේ මෙහෙ. මෙහෙ තියන ස්මාරක හැමඑකක්කම නිදන් හොරු හාරලා විනාශකරලා. ස්තුප දෙකම මැදිමම්ම හාරලා. ගල්පාත්‍ර කුලුගෙඩිවලින් ගහලල කඩලා. මුලුමනීම් සංරක්ෂණය කරලා අවසන් කරන්න රුපියල් ලක්ෂ 3000 ක් යනවා. 2012 හා 2013 රුපියල් ලක්ෂ 220 වැය කරලා තියනවා. 2014 ඇසතමීන්තුව රුපියල් ලක්ෂ 240. 2015 ඉදලා 2019 දක්වා වසරකට රුපියල් ලක්ෂ 360 ක් ඔනී 2019 වැඩ අවසන් කරන්න. අපි වැඩ කරන්නේ අවම පහසුකම් මැද. සියලුදෙනාටම ආරාධනා කරනවා ඇවිල්ලා ඇස්දෙකෙන්ම දැකගන්න කියලා. සංස්කෘතික සංරක්ෂණය පීළිබඳ තනාතිපති අරමුදලේ විශාල ප්‍රධානය පළමුවන වරටයි ලංකාවට ලැබුනේ. මේ මුදල රුපියල් ලක්ෂ 1300 දක්වා වැඩි කරගන්නයි අපේ උත්සාහය. අපිට ලැබෙන හැම සතයක්ම අපි මෙහි සංරක්ෂණය සදහා වැය කරනවා. කිසිවක් නාස්ති කරන්න දෙන්නේ නැහැ. සංස්කෘතික සංරක්ෂණය පීළිබඳ තනාතිපති අරමුදලෙන් ලැබෙන හැම සතයකිනම ඉතිරිවෙන්නේ ලංකාවේ බදු ගෙවනාගේ සල්ලි. ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුළුවන් දිවයිනේ වෙනත් ස්මාරක සංරක්ෂණය වෙනුවෙන් වැය කරන්න. රජගල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ආධාර කරන කියලා ශ්‍රී ලාංකික ජනතාවගෙන් අපි ඉල්ලනවා. මුදල්, ද්‍රව්‍ය, ශ්‍රමය අවශ්‍යයි. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට හෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මුදල්, ද්‍රව්‍ය ලබා දෙන්න පුළුවන්. ශ්‍රමය ලබාදීමට 0113167977 න් ව්‍යපෘති කළමනාකරු අමතන්න. මේ වටිනා පුරාවිද්‍යා උරුමය මතු පරපුරට රැක දීමට අපසමග එක්වන්න. ඒ නිසා මේ ව්‍යාපෘතියේ අද්‍යක්ෂ ලෙස මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න එන්න කියලා. මේ පින්බිම රැක ගන්න උදව් කරන හැමටම පින් සිදුවෙනවා. (අ)
ඒ අැත්තෝ දැනටම රහත්භාවය ලබලා. ඒකයි ඒ වගේ වැඩ කරන්නේ (නි)
බුදුන් එදා දැන හිටියා සියලු දේම අනිත්‍ය නිසා මේ පුරාවස්තු පවා විවිද සංස්කරණයන් යටතේ - යට යමින් නැවත ඉස්මතු වෙමින් අවසානයේ නැති වෙලාම යන බව. කල හොඳ පමණි පවතින්නේ හැමදාම. (අ)
ජාන හොරකමෙවත් යන්නද කොහෙද හදන්නේ.(අ0
කෝ අර ඇමරිකන් සැම දේම එපා කියල විරෝදතා කරනඅය නිදිද? (අ)
පෙර රජ දරුවනුත් මෙවාගේම ඇමෙරිකන් ආධාර ගන්න ඇති. එකනේ අපිටත් ඒ සංසාර පුරුද්දම ඇවිත් තියෙන්නේ. (අ)
ලාංකිකයන්ට උරුම වූ ජාතික සම්පත් රකින්න විදේශිකයන් ගෙන් ආදාර .කෝ ජාතියට ආගමට රටට ආදරය කරන දේශය ආරක්ෂාකරන අය .කතාව දෝලාවෙන් ගමන පයින් ....ලාංකිකයන් සියලුම දෙනාම ලැජ්ජා වෙන්න ඕනේ මෙවෙනි දේවල්වලට .බුදු බණ දෙසුවා නිරන්තරේ ...බුදු බණ ඇසුවා නිරන්තරේ....ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ ...... (අ)
මෙතන රණ්ඩු කරපු අයට විවෘත ආරාධනාවක් මණ්ඩාවල මහත්තයා කරලා තියනෙවා. (ස)
සමන් රොහාන් රණසිංහ, මනුෂයෙක් චේතනාව හොඳ නම් මොනවා කලත් මොකද. ? (ස)
ඔය තැන කැලේට වැහෙන්නේ පින්වන්ත මිනිසුන් නැති කාලේ කයි. උදාහරණය රුවන්වැලි සැය. එක තමයි ධර්මතාව ය. නැත්නම් ඇමෙරිකාවේ තාත්ත එක ඩොසර් කරලා. දළදාවත් කිනිහිරේ තියල තලන්නේ හදපු පව්කාරයෝ. ඔය තැන තියෙන්නේ නිවන් දකින්නේ පින් ඇති යට අවශ්‍ය බුද්ධ ශක්තිය ලබා ගන්න. දැන් ඉන්නේ මෝඩයෝ ඔතනට මොන කරයි ද දන්නේ නේ. ඔය සල්ලි අරන්. අපේ රටේ නියම අතීතය හොයන්නේ නැති ඉතිහාස කාරයෝ. මුලින් ම කරන්න ඕනේ එකයි. එතකොට හරි දේ සිද්ද වෙයි. ඉන්දියන් කාරයෝ සුද්දෝ ලියල දුන්න ඉතිහාසයක් කරේ ගහගෙන ඉන්නේ නැතුව. අපේ රටේ විශ්වවිද්‍යාල වල එහෙම කරන්න උගතුන් නැද්ද. ලංකාවේ ඔවැනි තැන වලට සල්ලි දෙන්න ධනවතුන් නැද්ද. ඉන්නවා. ඒ යට මග පෙන්වන එක උගතුන්ගේ පරම උතුකමක්. උගෙන් ගත්ත දේ නේද දන්නේ. එතකොට කොහොමද ඇත්ත පෙනෙන්නේ. සිතීමේ ජාන කපල දාල. පව්. මීහරක්. ඇත්ත එලි උනාම ඕවට පව්කාරයන් ගේ සල්ලි ඕනේ නේ. මේ වගේ ලැජ්ජා නැති ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. රටේ ඉන්නේ ගෑනු විකුණලා ගන්න සල්ලි කාල ලංකාවම නපුන්සක වෙලා ද ????? (අ)
මම මොකුත්ම කියන්නේ නැහැ මේ ගැන ....වේයන්ගොඩ 2014-05-10 00:43:10 ඔබට මගෙන් මල් මිටක් ,,,,,, (ස)
කරන වැඩ ඇමෙරිකන් අධීක්ෂණය යටතේ කරන්න වෙයි. (නි)
මධුභාශිනිට ස්තුති කරන අතර එකතු කල යුතු දෙයක් තිබෙනවා. අපට බුද්ධ සාසන ඇමති කෙනෙක් ඉන්නවා. ඒකටම අමාත්‍යංශයකුත් තියෙනවා. අනේ අපොයි කියන්න කණගාටුයි. අපේ රටේ පෞරාණික දේවල අගය අපේ බුද්ධ සාසන අමාත්‍යංශයට කිසි වැදගම්මක් නැති උනාට ඇමෙරිකාවට ඒකෙ වටිනාකම තේරිලා. මේ ගැන කාටද ආඩම්බර ? කාටද ලජ්ජා ? ජාතියට කිරුළ පළදන්නට අපේ ජාතියට ආගමක් රැකිලා තිබිය යුතුයි. මෙවන් යටගියාවන් හාරා අවුස්සා කරන ගවේෂණ වලින් අපේ දරුවන්ගේ දැණුම දියුණුවට එය හේතුවනවාක් මෙන්ම විදේශිකයින් හෙවත් සංචාරකයින් මෙහි ගෙන්වා ගැනීමේ සාධකයක්ද වෙනවා. (අ)
මට තව කොටසක් කියන්න බැරි උනා. මෙහි රහතන් වහසේලා භාවනා කරපු ගල්ලෙන් 25ක් විතර අපි දැනට හොයාගෙන තියනවා. සමහර ගල්ලෙන් සීත ලෙන් කියලා සෙල්ලිපි තියනවා. මේවා ඇතුලට යනකොට ස්වභාවිකව වායුසමීකරණය කරලා තියන බව දැනෙනවා. දැනට අපි මීටර 1400 දිග කඳු මුදුනට නගින නැගෙනහිර පියගටපෙළ 90% පමණ සංරක්ෂණය කරලා ඉවරයි. අාසන ඝරය කැනීම් කරලා අවසානයි. සංරක්ෂණය පටන්ගෙන තියෙන්නේ. දානශාලාව කැනීම් කරන්න පටන්ගෙන තියෙන්නේ. එක ස්තුපයක කැනීම් කරගෙන යනවා. (ස)
වඩා විමසිල්ලෙන් සිටින තරමට රටට සුභය (නි)
හැම සිල්වා කෙනෙකුගේම වගේ පුතාලා පදිංචිය ඇමෙරිකාවේනේ? බොරුද මං කියන්නේ? (නි)
සතිස් මහත්තයෝ නරියත් කිව්වලු මිදී තිත්තයි කියලා , කඩා ගන්න බේරී වුනාම . ඔය මම නම් පුරවැසි බාවය දුන්නත් යන්නේ නෙහැ කිව්වට . උත්සාහය හොරෙන් හරි යන්නට . ලෝක ස්වභාවය ඔහොම තමා (අ)
එදා සිට ලෝක උරුමයන් රකින්නට ලෝකයේ දියුණු රටවල් එකතුවී සංවිධානයක් සැදුවා . යුනෙස්කෝ කියලා . ඒවාට වැඩියෙන්ම මුදල් යොදවන්නේ ඔය අපි බනින රටවල් ඇමරිකාව සහ බටහිර යුරෝපයත් ජපානයත් . එකෙන් තමා ලංකාවෙත් බොහෝ පැරණි අපේ උර්මයන් ආරක්ෂා කරන්නේ . එහෙම නොවන්නට සමහර බලයට එන නායකයන් ඕවාත් විකුනලා දෙනාටම . සමහරු කරුණු නොදෙන කතා කරන්නේ . අන්තවාදී විදියට සිතන විට සත්‍ය වටහා ගන්නට අමාරුයි (අ)
මට නම් හිතෙන්නේ මේක පසුපස වෙනත් යමක් තිබෙනවා. එස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න පුළුවන් ඇමෙරිකන් අය මී කඩන්නේ නැහැ අත ලෙවකන්න (නි)
මණ්ඩාවල මහත්තයෝ ඔය ඉස්සර රහතුන් වහන්සේලා භාවනා කරපු තැන් වලට අපේ ඔය සේනාවල් ගිහින් රණ්ඩු වෙන්නේ නැතිව . ඒ අයට ඔතන භාවනා කරලා සීල වලා රහත් වෙන්නට පුළුවන් නේද ? බල සේනාව සීල බලය රහත් බව ගෙන විස්වාසයක් නෙතුවද (ස)