IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජගලතැන්න පුරාවිද්‍යා රජ දහනක්

අමිපාර දිස්ත්‍රික්කයේ උහන ඓතිහාසික රජගලතැන්නේ  දාන ශාලවට ආසන්නයේ තිබු ගල් පාත්‍ර අසල කැණිමි මේ දිනවල සිදු කැරෙයි. පාත්‍ර දෙක ගොඩනැගිල්ලක තිබු බවට සාක්කි කැණීමි වලදි හමුවි තිබේ.  මෙම ගල් පාත්‍ර තිබූ ස්ථානයේ පැන් ගෙයක් වූ බවට විශ්වාස කල හැකි බව ඉතිහාසය හා පුරාවිද්‍යා මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කියයි.

මෙම කැණීම්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය පුරාවිද්‍යා අංශය මගින් සාර්ථකව කරගෙන යන බව ද මහාචාර්ය කන්නන්ගර මහතා පවසයි.

ප්‍රධාන පියගැට පෙළ පාදා සංරක්ෂණය කර තිබේ. මෙයට අමතරව ආසනඝර ගොඩනැගිල්ලක්ද හමුවූ අතර එහි සංරක්ෂණ කටයුතු සම්පුර්ණයෙන් අවසන් කර තිබේ.  මෙහි කරන ලද කැණිම් වලදි හදූනාගත් දාන ශාලා ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතු ද මේ වෙන විට ආරමිභ කර ඇත.

වැවිට උඩින් ඇති ස්ථාන වල කැණිමි කිරිමේදී දාන ශාලාව සහ වැව පැත්තට යෑමට සකස් කරන ලද ගල් පඩි පෙලවල්ද මතු කර ගැනීමට හැකි වී තිබේ.

දාන ශාලාව ආසන්නයේ තවත් කැනීමක් ආරමිභ කර ඇති අතර එම ස්ථානයේ ඕවලාකාර ගොඩනැගිල්ලක පාදමක් මතුව තිබේ. මෙවැනි ඕවලාකාර පාදමක් රජගල කැණිමි වලදි හමුවු ප්‍රථම අවස්ථාව මෙය බවද මහචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා සදහන් කලේය. ආසනගරය ඉදිරිපිට හමුවූ චෛත්‍යෙය් සංරක්ෂණ කටයුතු මේ වෙන වට ආරමිභ කර ඇත.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  ඉතිහාසය  පුරාවිද්‍යා අංශය මගින් රජගලතැන්න කන්දේ කරන සමික්ෂණ වලදි නව පුරා විද්‍යා ස්ථාන 300 ක් පමණ සොයාගෙන ඇත. මෙයට අමතරව සෙල්ලිපි 06 ක් පමණද සොයා ගෙන තිබේ.

1-asanagaraya-sanraksanayen-pasuwa-(1) 2-dana-salawa-sanraksanaya-karamin-tibena-auru 3-wawata-uda-pradesayae-sita-pamaineemat-ati-ga,-padipela 5-asanagaraya-asala-ati-chaittiya-sanraksanaya-karana-auru 6-owalkara-padamak-ati--godanagilla 7--adk-nima-karana-lada--budupilimaya 8--kudayak-lesa-ati-gal-lena 10-gal-pattarayata-watura-eana-gal-pilla



අදහස් (0)

රජගලතැන්න පුරාවිද්‍යා රජ දහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site