අම්පාර රජගලතැන්න පුද බිමේ ඇති පැරණි දාගැබෙහි සංරක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතින බවත් දාන ශාලාව සහ ගල් පාත්‍රය තිබූ ස්ථානයේත් සංරක්ෂණ කටයුතු නිමා වෙමින් පවතින බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පවසයි.
රජගල තැන්නේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භකර දැනට වසර තුනක කාලයක් ගත වී තිබේ. මේවනවිට රජගලතැන්න කන්දට නැගිමට ඇති නැගෙනහිර ප්‍රධාන පෙත්මග, වැව, වැවට බැසීමට ඇති ගල් පඩිපෙළවල්, ශානිකා උපාසිකාවගේ ලෙන, ගල් උළුඅස්ස ඇති සිංහමුඛ ලෙන හා තවමත් හදුනා නොගත් ගොඩනැගිල්ලක් සංරක්ෂණය කැර තිබේ.
මහාචාර්ය කන්නන්ගර මහතා පවසන්නේ භික්ෂූන් වහන්සේලා ස්නානය කළ ජත්තාගරය හා ඒ ආසන්නයේ ඇති තවත් හදුනා නොගත් ස්ථානයක කැණීම් කටයුතු ආරම්භ කැර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ආචාර්ය ඇලෙක්සැන්ඩර් යන මහත්වරු ද මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටිති. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ඔෂාන් වෙදගේ මහතා, රජගලතැන්න ව්‍යාපෘති භාර නිලධාරී ආර්.එම්.පී.රත්නායක මහතා ඇතුළු පිරිසක් ද මීට දායක වෙති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා පින්බිමක්
අපේ සැබෑ ඉතිහාසය ළඟදීම මතුවේවි. සැමට බුදු සරණයි !! (නි)
ඉතාම කුඩා කාලෙදි කැලේ මැදින් රජගලට ගිය ගමන ගැන සුන්දර මතකය තවමත් තියෙනවා. (ම)
අපේ දේවල් වල වටිනාකම ලෝකයට පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක්. උපකාර කළ සැමට ජාතියේ උපහාරය වේවා! (නි)
ගොඩක් පින් සිදු වෙන යහපත් වැඩක්. දායක වුණ සියලුම දෙනාට මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න චිරන් ජයතු. (ම)
අපේ ගම ගැන හරිම ආඩම්බරයි (බ)
අවුරුදු 40 කට පෙර මේ කන්ද නැගල පුර වස්තු බලන්න ගිය අතීතය සිහි උනා. පසුව සිදු වෙච්ච නිදන් මංකොල්ලය නිසා මේවා විනාස උනත් සංරක්ෂණය කරපු එක රටට කල ලොකු සේවයක්. ඔබ සැමට පින් මේ කාර්යයට. මම ගමේ කෙනෙක්. (කෞ)
මොන තරම් සුන්දර දසුන් ද , දැක්කත් හිතට හරි සතුටක් , පෙර රජවරු මොනතරම් දේවල් රට ජාතිය ආගම වෙනුවෙන් කරලා තියෙනවද, .අනේ බුදු පිලිමේත් කෙලින් කරලා හරි ගස්සන්න , (ම)