IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රජගලතැන්නේ පෙර සිරි අසිරිය

අම්පාර රජගලතැන්න පුද බිමේ ඇති පැරණි දාගැබෙහි සංරක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතින බවත් දාන ශාලාව සහ ගල් පාත්‍ර‍ය තිබූ ස්ථානයේත් සංරක්ෂණ කටයුතු නිමා වෙමින් පවතින බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පවසයි.

රජගල තැන්නේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භකර දැනට වසර තුනක කාලයක් ගත වී තිබේ. මේවනවිට රජගලතැන්න කන්දට නැගිමට ඇති නැගෙනහිර ප්‍ර‍ධාන පෙත්මග, වැව, වැවට බැසීමට ඇති ගල් පඩිපෙළවල්, ශානිකා උපාසිකාවගේ ලෙන, ගල් උළුඅස්ස ඇති සිංහමුඛ ලෙන හා තවමත් හදුනා නොගත් ගොඩනැගිල්ලක් සංරක්ෂණය කැර තිබේ.

මහාචාර්ය කන්නන්ගර මහතා පවසන්නේ භික්ෂූන් වහන්සේලා ස්නානය කළ ජත්තාගරය හා ඒ ආසන්නයේ ඇති තවත් හදුනා නොගත් ස්ථානයක කැණීම් කටයුතු ආරම්භ කැර ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ආචාර්ය ඇලෙක්සැන්ඩර් යන මහත්වරු ද මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටිති. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ඔෂාන් වෙදගේ මහතා, රජගලතැන්න ව්‍යාපෘති භාර නිලධාරී ආර්.එම්.පී.රත්නායක මහතා ඇතුළු පිරිසක් ද මීට දායක වෙති.

2 3 - Copy 4 5  Shamika lena Duering Conservation 1 (3)aa 6 7 13 14 15



අදහස් (0)

රජගලතැන්නේ පෙර සිරි අසිරිය

ප්‍රියාන් Thursday, 04 August 2016 02:47 AM

ඉතා වටිනා පින්බිමක්

:       0       0

අනුර Thursday, 14 January 2016 07:00 AM

අපේ සැබෑ ඉතිහාසය ළඟදීම මතුවේවි. සැමට බුදු සරණයි !! (නි)

:       0       0

සිරි අයියා Thursday, 14 January 2016 07:10 AM

ඉතාම කුඩා කාලෙදි කැලේ මැදින් රජගලට ගිය ගමන ගැන සුන්දර මතකය තවමත් තියෙනවා. (ම)

:       0       0

චන්දන Thursday, 14 January 2016 07:41 AM

අපේ දේවල් වල වටිනාකම ලෝකයට පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක්. උපකාර කළ සැමට ජාතියේ උපහාරය වේවා! (නි)

:       0       0

ඉසුරි Wednesday, 23 November 2016 05:08 AM

ගොඩක් පින් සිදු වෙන යහපත් වැඩක්. දායක වුණ සියලුම දෙනාට මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න චිරන් ජයතු. (ම)

:       0       0

වසන්ත Thursday, 14 January 2016 04:12 AM

අපේ ගම ගැන හරිම ආඩම්බරයි (බ)

:       0       0

වෙට් ඔටර් Thursday, 14 January 2016 04:42 AM

අවුරුදු 40 කට පෙර මේ කන්ද නැගල පුර වස්තු බලන්න ගිය අතීතය සිහි උනා. පසුව සිදු වෙච්ච නිදන් මංකොල්ලය නිසා මේවා විනාස උනත් සංරක්ෂණය කරපු එක රටට කල ලොකු සේවයක්. ඔබ සැමට පින් මේ කාර්යයට. මම ගමේ කෙනෙක්. (කෞ)

:       0       0

සුමිත් Thursday, 14 January 2016 05:01 AM

මොන තරම් සුන්දර දසුන් ද , දැක්කත් හිතට හරි සතුටක් , පෙර රජවරු මොනතරම් දේවල් රට ජාතිය ආගම වෙනුවෙන් කරලා තියෙනවද, .අනේ බුදු පිලිමේත් කෙලින් කරලා හරි ගස්සන්න , (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site