දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතරණ විදුහල්පතිට යම් රෝගී තත්වයක් ඇත්දැයි දැන ගැනීම සදහා තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයකට භාජනය කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක එස්.ඒ.කේ.ගමගේ මහතා කියයි.
අතුරුදන් වූ විදුහල්පතිවරයා ඉකුත් 23 රාත්‍රි නිවසට පැමිණිමට පැය කිහිපයක් තිබියදී ඔහුගේ සොහොයුරාට දුරකථන ඇමතුමක් ලබා දී පොළොන්නරුවේ සිට පැමිණෙන බව ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව එදින රාත්‍රී ඔහු නිවසට පැමිණීමෙන් පසු කොට්ටාව පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පොරමයක් ද ගෙන රෝහලට ඇතුළත් විය.
ඔහු කියනුයේ බොහෝ දේ ඔහුට අමතක බවයි.
විදුහල්පතිගේ ස්කෑන් හා ඊ සි ජි පරික්ෂණයකට ලක් කළ බවත් එකෝ පරික්ෂණයක් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.
පොලිස් කණ්ඩායම් දෙකක් ඔහුගෙන් ප්‍රකාශ ගත්තේය. දස දෙනෙකුගෙන් පමණ කටඋත්තර ලියාගෙන ආහ. ඔහුගේ යතුරු පැදිය සොයාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී මෙවැනි දෑ බහුල වෙන්න පුළුවන්. ලංකාවේ මේවා අලුත් දේවල් නෙවෙයි. මිනිසුන්ට තර්ජන බිය වැද්දීම් රට තුල දැන් වෙනවා නීතියක් නැති රටේ අපි කාට කියන්නද ? (නදී)
කෙනෙකුගේ යම්කිසි බලපෑමක් නිසයි මොහු මතක නැහැයි කියන්නේ..කාගෙන්ද ඒ (දිල්)
දුමින්ද සිල්වා මහතාගේ හිතවතෙක් වන්න ඕනේ . එයාගේ ලෙඩේම හැදිලා (අ)
අනේ අපොයි (නදී)
අනේ දෙවියනේ! (නි)
මතක නැත්නම් රස්සාව කරන්නත් බෑ නොවැ...... මිනිහට විදුහල්පති තනතුරක් දැරුවද කියලත් මතක නැතිව ඇති. ඒ ඉස්කෝලෙම කම්කරු පත්වීමක් දෙන්න. එතකොට මතක්වේවි......(අ)
කිසිම දෙයක් මතක නැහැ කියන්නේ මොලේ ආබාධයක්. එහෙමනම් මෙයාව කෙලින්ම අංගොඩ දැම්මනං ඉවරයිනේ? එක්කෝ මතකය ආපහු ලැබෙයි, නැතිනම් නිසි ප්‍රතිකාර ලැබෙයි.(අ)
"දුමින්ද සින්ඩ්‍රෝම් " එක දේශපාලකයින්ට ප්‍රයෝජනවත් උනාට අහිංසක විදුහල්පති වරයෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතන්න අමාරුයි. (ස)
අපරාදේ බැංකු ගිනුමත් අමතක වෙලා ඇති අසරණයට (නදී)
මේවා නැවත නැවත පළකිරීමෙන් වෙන්නේ මේවා බලන අපිට පිස්සු හැදෙන එකයි. (නදී)