දැදුරු ඔය රාජාංගනය වාන් දොරටු සියල්ලම විවෘත කර ඇති අතර අද උදේ 6 වන විට ඉඟිනිමිටිය පිටාර මට්ටමට අඟලක් පහතින් පැවතියේය.
දැදුරු ඔය ජල දොරටු අටම අඩි 4 බැගින් ඔසවා ඇත. රාජාංගනයේ ජල දොරටු 12 කි. දොරටු 2 ක් අඩි 6 බැගින්ද දොරටු 10 ක් අඩි 4 බැගින්ද ඔසවා ඇත. ඉඟිනිමිටිය ජලාශයේ පිටාර මට්ටම අඩි 202 කි.
අද උදේ 6 වන විට ජල මට්ටම 201 යි අඟල් 11 කි.
පුත්තලම මන්නාරම මාර්ගයේ එළුවන්කුලමේ දිය පැන්නුම වසා දමා තිබේ. එහි ජල මට්ටම අඟල් 32 කි.
ගල්ගමුව අඹකොළ වැවද වාන් දැමීමට ආසන්නය.
ඉඟිනි මිටිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් ඔසවා ඇත.
සංජීවනී ආරියරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd