IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජකීය - විශාඛා විදුහල් 17 න් පහළ හොකී ශූරතා දිනති

වයස 17න් පහළ ශ්‍රී ලංකා පාසල් හොකී තරගාවලියේ (2013) බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහල විසින්ද, බාලිකා ශූරතාව කොළඹ විශාඛා බාලිකා විදුහල විසින්ද දිනාගන්නා ලදි.

තරගාවලියේ අවසන් මහ තරග මාතලේ නන්දිමිත‍්‍ර ඒකනායක කෘත‍්‍රිම හොකී පිටියේදී පැවැත්විණි.

මෙම තරගාවලිය සඳහා බාලක හොකී කණ්ඩායම් 26ක් සහ බාලිකා හොකී කණ්ඩායම් 24ක් සහභාගී වූහ. දින හතරක් පුරා තරගාවලිය මාතලේ ක‍්‍රීඩාංගන තුනකදී පැවැත්විණි.

බාලක අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විදුහල් පිල විසින් මාතලේ ක‍්‍රිස්තුදේව විදුහල් පිල ගෝල 1-0කට පරාජය කරන ලදි. කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ මලිත් සාරංග ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේය.

බාලිකා අවසාන මහ තරගයේදී කොළඹ විශාඛා විදුහල් පිල හා කොළඹ මියුසියස් විදුහල් පිල අතර පැවිත්විණි. එහිදී නිතාන් සෙනෙවිරත්න ලබාගත් ගෝලයෙන් විශාඛා විදුහල 1-0කට තරගය ජය ගත්තේය. කොළඹ ආනන්ද විදුහල ගෝල 1-0කට පරාජය කරමින් මාතලේ සහිරා විදුහල් පිල බාලක තෙවැනි ස්ථානය ලැබීය.

බාලිකා තෙවැනි ස්ථානය මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල පිලට හිමිවිය. ඒ මහනුවර සීතාදේවී බාලිකා විදුහල පරාජයට පත් කරමිනි.

මෙවර තරගාවලියේදී මාතලේ හොකී දස්කම් දක්වන ප‍්‍රබල කණ්ඩායම් පරාජයවීම ගැන විමසීමේදී මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේ හොකී පුහුණුකරු ඉන්දික ජයවර්ධන මහතා ලංකාදීපයට කියා සිටියේ මාතලේ කෘත‍්‍රිම හොකී පිටියේ පුහුණුවීම් අවස්ථාව එහි පාසල් ක‍්‍රීඩකයන්ට නොලැබෙන බැවින් එයද පරාජයට හේතුවක් වූ බවය. හොකී ඇකඩමියක් එම කෘත‍්‍රිම හොකී පිටිය පාලනය කිරීමට උත්සාහ දැරීමෙන් එම තත්ත්වය උද්ගතව තිබෙන බවද ඔහු චෝදනා කළේය.

දක්ෂතම ක‍්‍රීඩකයෝ :
කොළඹ රාජකිය විදුහලේ සහිර් බාරී සහ මාතලේ ක‍්‍රිස්තුදේව විදුහලේ චතුරංග චන්ද්‍රසේනද

දක්ෂතම ක‍්‍රීඩිකාව :
කොළඹ විශාඛා විදුහල් කණ්ඩායමේ යෙලනි පෙරේරා

දක්‍ෂතම ගෝල් රකින්නිය :
කොළඹ මියුසියස් බාලිකා විදුහලේ අරුෂි බෝමුල්ලය.



අදහස් (0)

රාජකීය - විශාඛා විදුහල් 17 න් පහළ හොකී ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site