IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රාජකීය විදුහලට අලුත් මූණක් ?

කොළඹ රාජකීය විදුහලට පත්කරන නව විදුහල්පති කවුදැයි තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි. විදුහල්පති උපාලි ගුණසේකර අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කර ඇත.

අධ්‍යාපන ලේකම් අද එම ලිපියට අත්සන් කළ බව අමාත්‍යංශය කියයි.

IMG_7961 IMG_7967

ජායාරූප හා විඩියෝ ළහිරු  හර්ෂණ



අදහස් (0)

රාජකීය විදුහලට අලුත් මූණක් ?

ජනිත් Tuesday, 12 January 2016 07:10 PM

ලංකාවේ හොඳම පාසලේ සම්ප්‍රදායන් විනාශකරලා, විදුහලේ විනය සහ වටිනාකම නැති කරන්න හදනවා නම් එහෙම අය ඉවත්කරන එක හොඳයි. (නි)

:       0       0

සුනිල් Saturday, 16 January 2016 05:21 PM

ගම්පහ පාසල් වලටත් පරීක්ෂණ කරන්න (නි)

:       0       0

නයෝමි Wednesday, 13 January 2016 12:43 AM

අවාසනාවකට අපේ රටේ අනාගත පරපුරේ 90% පාසල් වල විදුහල්පතිවරුන්ගේ ක්‍රියාපටිපාටිය මේ වගේ. දුප්පත් දෙමවුපියන් කොච්චර නම් අසරණ කරනවද? පුළුවන් කෙනාට විදුහල්පතිත් උදවු කරනවා. අසරණයින්ට සද්දේ දානවා. හැම විදුහල්පතිවරයෙක් ගැනම මේ වගේ හොයලා බලන්න. (නි)

:       0       0

චාමික Tuesday, 12 January 2016 02:44 PM

නියම වැඩේ (බ)

:       0       0

කිත්සිරි Wednesday, 13 January 2016 03:22 AM

මේක ශ්‍රී ලංකාවනේ. අපි වගේ රටක වැරදි ටික අමතක කරලා, කළ වැඩ ගැන සළකන එක හොඳයි. මේ වගේ පාසලක විදුහල්පතිවරයෙකුට කැමති වුණත් නැතත් මුල්‍යමය ප්‍රතිලාභ ලැබෙනවා. හොරකම් කරන අය ඔක්කොම ඉවත්කළොත්, අපේ රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තුව එහෙම හිස්වෙලාම යයි. (නි)

:       0       0

සේනක Wednesday, 13 January 2016 04:14 AM

බල තුලනය කරගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මකයි. (බ)

:       0       0

අබේරත්න Wednesday, 13 January 2016 04:16 AM

නීතිය හරි හැටි ක්‍රියාත්මක කලෝතින් රටේ ඉන්න දේශපාලකයොයි නිලධාරියි ඔක්කොම ඇතුලේ. පිටරටින් තමයි පාලකයෝ ගෙන්නන්න වෙන්නේ. (බ)

:       0       0

මුණසිංහ Tuesday, 12 January 2016 10:33 AM

හෙට අනිද්දා තවත් පාසල් ගොඩකට මේ දේ වෙයි. මේ පාසල් තව අවුරුද්දක් මේ විදියට ගියොත් දෙයියන්ගේම පිහිටයි. ජාත්‍යන්තර පාසල් ගොඩ ගැනීමේ නවතම උපක්‍රමය තමා මේ. (ම)

:       0       0

රමණි Wednesday, 13 January 2016 04:43 AM

කළුතර ප්‍රදේශයේ තිබෙන ලොකුම බාලිකාවක් ගැනත් හොයන්න. ජාතික පාසලක් නිසා ජාතික වැඩ සිදුවෙන්නේ. (ම)

:       0       0

ගමගේ Tuesday, 12 January 2016 10:30 AM

මොනවා වුණත් පාසලට හොඳ සේවයක් කරපු , පාසල ලංකාවේ උසස්ම තැනට ගේනාපු විදුහල්පතිවරයෙක් මෙතුමා (ම)

:       0       0

අබරන් Tuesday, 12 January 2016 10:40 AM

ගමේ මහා විදුහලක ගුරුවරයෙක් විදුහල්පති කරලා දමන්න. නලින් ද සිල්වා මහත්තයා කියන විදියට මහා විද්‍යාලයෙයි රෝයල් එකෙයි වෙනසක් නැහැ. (ම)

:       0       0

සුනිල් Tuesday, 12 January 2016 10:56 AM

මෙතන ලොකු කුමන්ත්‍රණයක් තිබෙන බව පෙනේ. මෙතුමා පාසලට මහත් සේවයක් කළ කෙනෙක්. නීතියට වැඩ කළ නිසා තරහ කාරයන් ඇති. සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඇමති තුමා ගෙන් ඉල්ලා සිටිනවා. (ම)

:       0       0

රණසිංහගේ Tuesday, 12 January 2016 10:58 AM

ඇත්තටම මෙතුමා පාසලට හොඳ සේවයක් කළා. මේක දේශපාලන පලිගැනීමක් වෙන්න පුළුන්න (ම)

:       0       0

මහේෂ් Tuesday, 12 January 2016 11:21 AM

ඉන්න අනික් හොරුත් යවමුද? (හේ)

:       0       0

රන්ජිත් Tuesday, 12 January 2016 11:58 AM

මොනවා වුණත් එකම සේවා ස්ථානයක වසර 14 ක් එක දිගට සේවය කරන කොට අකටයුතු දේවල් සිදුවෙන්න පුළුවන්. රජයේ සේවකයන්ගේ ස්ථාන මාරු රෙගුලාසි මෙයාට අදාල නොවුන එක ලොකු ප්‍රශ්නයක් (බ)

:       0       0

ලෝගේස්වරන් Tuesday, 12 January 2016 12:09 PM

ඩී.එස් විදුහල්පති හා රාජකීය විදුහල්පති මාරු කළා. හෙට මොන විදුහලද ? (බ)

:       0       0

බුද්ධී Tuesday, 12 January 2016 12:31 PM

ආදී ශිෂ්‍යයන්ගේ දරුවන්ට තැනක් නොදී මුදල් ගසා කාපු හොරා මාරු කරපු එක ගෙන සතුටු වෙනවා (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site