පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) පස්වැනි සතියේ තරග අවසන් වන විට කොළඹ රාජකීය විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. ආරම්භයේ සිටම පෙරමුණේ සිටි බම්බලපිටිය ශාන්ත පීතර විදුහල දෙවැනි ස්ථානයට පත්විය. රාජකීය විදුහල පස්වැනි සතියේ තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව උත්සාහක දිනුම් හයක් සම්පූර්ණ කරමින් අතිරේක ප‍්‍රසාද ලකුණු 0.5 හිමිකර ගත්තේය. ශාන්ත පීතර විදුහල එම සතියේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව උත්සාහක දිනුම් පහක් සම්පූර්ණ කිරීමට සමත්වීමෙන් අතිරේක ප‍්‍රසාද ලකුණු 0.5 හිමිකර ගැනීමට නොහැකි විය. රාජකීය විදුහල ප‍්‍රසාද ලකුණු 27.5 ක් ද, ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු 27 ක් ද, හිමිකර ගනිමින් අපරාජිතව සිටියි. තෙවැනි ස්ථානයේ සිටින මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 23 ක් ලබා තිබේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd