කොළඹ රාජකීය විදුහලේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ සහ ගාල්ල සංඝමිත්තා විදුහලේ පී ඒ මධුෂානි චතුරිකා කුලතුංග අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමුවැනි තැනට පත්ව සිටිති.
‘විභාගය බරක් කියලා හිතන්නේ නැතිව ක්‍රීඩා ආදී බාහිර ක්‍රියාකාරකමුත් කරන ගමන් හොඳින් පාඩම් කර සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන්නොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි යැයි‘ 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගත් කොළඹ රාජකීය විද්‍යාලයයයේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ කියයි.
මේ විභාගයට දෙලක්ෂ හැත්තෑ දහසක් පෙනී සිටි අතර එක්ලක්ෂ හැත්තෑහත් දහසක් පමණ උසස් පෙළට තේරී සිටිති.
ගම්පහ ඉඹුල්ගොඩ සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන ඕෂධ කුඩා කළ සිටම අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට දක්ෂයෙකි. ඔහුගේ පියා ජේ ඒ ඒ ප්‍රභාත් ජයසිංහ මහතා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවෙකි. රූපිකා ජයසිංහ මව රැකියාවක් නොකරන්නීය.
ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් ගත් ඕෂධ එම විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හතර වැනියා සහ ලංකාවෙන් 16 වැනියා ද විය. ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත් වූ ඔහු කොළඹ රාජකීය විද්‍යලයයට ඇතුළත්ව හය ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබීය.
සිය ජයග්‍රහණය ඕෂධ මෙසේ කියයි.
‘මම මුළින්ම ගියේ ගම්පහ ශ්‍රීබෝධි කණිෂ්ඨ විද්‍යාලයයට. එහිදි ලකුණු 188ක් අරගෙන ශිෂ්‍යත්වය සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයයට ගියා. ශිෂ්‍යත්ව විභාගයෙන් මම ලංකාවෙන් 16 සහ ගම්පහින් හතර වැනියා.
හය ශ්‍රේණියෙදි ඉන්දුනීසියාවේ තිබුණු විද්‍යා ඔලිම්පියාඩ් තරඟයට සහභාගී වෙලා ලෝකඩ පදක්කමක් ගත්තා. සිංහල භාෂා තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවා. ක්‍රිකට් බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා කළා.
සාමාන්‍ය පෙළින් මට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අරමුණක් තිබ්බා. හැමදාම වගේ පාසල් ගියා. සමහර විෂයන් වලට අමතර පන්ති ගියා. ගෙදරදි පාඩම් වැඩම ඔළුවෙ තියාගෙන හිටියේ නෑ. විභාග බරක් විදියට හිතුවෙත් නෑ. සමබරව වැඩ කළා.
ක්‍රීඩා, සංගීත කළා. පත්තර කියෙව්වා. රූපවාහිනිය, පරිගණක භාවිත කළා. විභාගයට මම සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. හොඳ ප්‍රතිඵල බලා පොරොත්තු වුණා. ඒත් ලංකාවෙන් එක වෙයි කියලා නම් හිතුවේ නෑ. දැන් මම ලංකාවෙන් පළමුවැනියා වෙලා තියනවා. මට හරිම සතුටුයි.
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි , අක්කයි. තාත්තා ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවෙක්. අක්කා 2009 සාමාන්‍යපළ විභාගයෙන් ලංකාවෙන් පස් වැනියා වුණා. ඒකත් මට ලොකු පිටිවහලක් වුණා. පවුලේ අයගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා.
ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගොඩක් උදව් ලැබුණා මට මේ ජයග්‍රහණය ලබා ගන්න. මට අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා.
විදුහල්පතිතුමා දුරකතන ඇමතුමක් දීලා කිව්ව මා පළමුවැනි දහය අතර ඉන්නවා, ජනාධිපති තුමා හම්බෙන්න අරලියගහ මැදුරට යන්න කියයලා. අරලියගහ මැදුරට ගියාම තමා දන්නේ මම පළවැනියා කියලා. මට ලොකු සතුටක් දැනුණා. ජනාධිපතිතුමා අපිට ලැප්ටොප් පරිගණක සහ මුදල් තෑගි දුන්නා.
විභාගවලට මුහුණ දෙන්න ඉන්න සහෝදර සහෝදරියන්ට කියන්න තියෙන්නේ හොඳින් වැඩ කරන්න. ක්‍රීඩා ආදී බාරහිර දේවලුත් කරන්න. විභාගය බරක් කියලා හිතන්න එපා. හොඳ අරමුණක් තියාගෙන වැඩ කරන්න. සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන්න. එතකොට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.‘
රාජකීය විද්‍යාලයයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා ලංකාදීපයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මේ දරුවා අනිත් දරුවනුත් එක්ක බලද්දි කැපී පෙනෙන දස්කම් පෙන්නුවා යැයි පන්ති භාර ගුරුතුමිය මට දැන්නුවා. දරුවා පාසලට ගෙන දුන් කීර්තිය ගැන මා සතුටු වෙනවා. මට විභාග කොමසාරිස්තුමා සිකුරාදා උදේ 9ට විතර කතා කර කිව්වා දසුන් ඕෂධ සිසුවා ලංකාවෙන්ම පළමු 12 දෙනා අතර ඉන්නවා, ඒ නිසා ඒදරුවගේ දෙමාපියන්එක්ක හවස අරලියගහ මන්දිරයට එක්කන් එන්න කියා. එතැනදි දරුවන් පෝලිම් කරද්දී මේ පුතාව මුලින්ම තියද්දි මට හිතුණා පළවැනියා වෙන්න ඇති කියා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියද්දි තමයි හරියටම දන්නේ අපේ දරුවා පළමුවැනියා බව.
අපේ පාසලේ ඒ නවයේ සාමාර්ථ 141 තිබෙනවා. ඒ වගේම තමයි සිසුන් 319 දෙනකු ඒ හතට වටා ලබා ගෙන තිබෙනවා. ඒක සමස්ථයක් ලෙස ගත්තොත් සියයට පනහක්. අපේ ගුරුවරුන්ගේ දක්ෂතාවය තමයි මෙයින් පෙන්නුම් කරන්නේ. ‘
ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහ සිසුවා අධ්‍යාපනය ලැබූ 10 ‘කිව්‘ සහ 11 ‘කිව්‘ පන්ති භාර ගුරුවරිය ලෙස කටයුතු කළ ලීඩා එදිරිසූරිය මහත්මිය මෙසේ කියයි.
‘මම මේ දරුව බාර ගත්තේ 10 ශ්‍රේණියේදී. දහය ‘කිව්‘ පන්තියේ ඔක්කොම ළමයින් 42ක් හිටියා. ඒ අතරින් මේ දරුවාගේ දක්ෂතාවයන් පළමු මාසයේදීම හඳුනගත්තා. එදා දෙන වැඩ එදාම කළා. මම ගෙදරදි කරන්නත් එක්ක ප්‍රශ්න දෙනවා. ඒ අවස්ථාවන්වලදී මේ දරුවා පෙළපොතට පිටින් බොහෝ විස්තර හොයාගෙන එනවා. අනිත් ළමයින් 41 දෙනා එක්කම හොදින් හිටියා. බැරි දේ අනිත් අයට කියා දුන්නා.
අනිත් එක තමයි බාහිර වැඩත් කළා. ශාරීරික අභ්‍යාස කාලච්ඡේදයේදී පිට්ටනියට දුවන්න මුලින්ම නැගිටින්නේ මේ දරුවා. විවේක කාලයේත් අනිත් අයත් එක්ක සෙල්ලම් කළා. ගුරුවරුන් එක්ක හුඟක් හොදයි. අන්තිම වාරෙ සමස්ථ ශ්‍රේණියෙන්ම පළමු වැනි තැන ගත්තේ ඕෂධ. ඇත්තටම මම බලාපොරොත්තු වුණා මේ දරුවා හොඳ තැනකට එයි කියලා. ලබා ගත් ජයග්‍රහණය ගැන සතුටුයි.
ඕෂධගේ පියා වන ජේ ඒ ඒ ප්‍රභාත් ජයසිංහ මහතා මෙසේ කියයි.
‘පුතාගේ ප්‍රතිඵල ගැන ගොඩක් සතුටුයි. මුල ඉදන්ම වැඩ කළා. බාහිර ක්‍රියාකාරකමුත් කළා. ලංකාවේ පළමු තැන එයි කියලා පුතා හිතුවේ නෑ. ඒත් පිළිවෙළකට වැඩ කළ නිසා ලංකාවෙ පළමු තැන ලැබුණා.‘
.jpg)
‘අපේ විදුහල්පති මෑණියන් විශ්‍රාම ලබන මේ වසරේදී ඇය වෙනුවෙන් හොඳ තෑග්ගක් දෙන්න මට අවශ්‍ය වුනා. ඒ නිසා මම වඩාත් ධෛර්යමත්ව වැඩ කළා. මට දැන් බොහොම සතුටුයි.‘ යැයි 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශී්‍ර ලංකාවෙන් පළමුවැනියකු වූ ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේ පී.ඒ.මධුෂානි චතුරානි කුලතුංග ශිෂ්‍යාව කියන්නීය.
විභාගය පීඩනයක් කර නොගෙන ඉතාමත්ම සැහැල්ලූවෙන් සැළසුමක් සහිතව කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ජයග්‍රහණයක් ලබා ඇය පවසන්නීය.
‘බෞද්ධ හැදියාවෙන් හා බුදු දහම අනුව හැඩ ගැහුණු පරිසරයක් තමයි අපේ පාසලේ තියෙන්නේ. ඒ වගේම ගෙදර පරිසයත් ඒ වගේ . මගේ අක්කත් මීට ඉහත අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දහ වැනියා වුණා. අක්කගේ සහයෝගය මට ලොකු ශක්තියක් වුනා. ඒ වගේම අම්මා කරන ලද කැපවීම අති විශාලයි. අපි වෙනුවෙන්ම සෑම මොහොතකම කැපවී සිටින ඇය ගෙදර පරිසරය අපිට පාඩම් කරන්න හැකි ආකාරයට නිර්මාණය කර තිබුණා. එමෙන්ම විදුහල්පති මෑණියන් පාසලේ අධ්‍යාපනය නගා සිටුවන්න විශාල මහන්සියක් ගත්තා. මා කුඩා කාලයේ ඉදලම මට උගැන්වූ ගුරුවරුන්ටත් විශේෂයෙන්ම පසුගිය වසරේදී මා විභාගයට සූදානම් කළ විෂය භාර ගුරුවරුන්ටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වෙන දේවල් හැටියට ජිනීවා වලදී ලංකාවට පැරදිච්ච එක සාදාරනයි. සාමාන්‍ය පෙළ ඉහලම ලකුණු ලබා ගත් ළමයින් පැය 24ක් ඇතුල කොළඹට ගෙනත් උපහාර දැක්වුවා. කෝ දෙමල මාද්‍යයේ ළමයින්. ඉතින් රටේ සාදාරනයක් වෙනවා කියන එක හිතන්නත් .අමාරුයි.(නදී)
පරිඝනක තාක්ෂනය ආව නිසයි දක්ෂයෝ කරලිටයට එන්නේ. ඉස්සර මෙහෙම නැහැ. වැරදි කරන්නත් පුළුවන්. මෙම දියුණුව නිසා අපේ දරුවන්ට යහපතක වීම ආඩම්බරයි.(නදී)
ඔබලාට සුභ අනාගතයක් (දී)
සහතික ඇත්ත ගාමිණී.(නදී)
මෙවර අ.පො .ස. විභාග ප්‍රතිපල වලින් 5 වන තැන හිමි වුණු දරුවා ගැන බලන විට "සජී" ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. කෙසේ නමුත් මෙම දරුවන්ට එකසිතින් සුබ පතනවා!!! (නි)
නංගිටයි මල්ලිටයි රටට ලොකු සේවයක් කරන්න හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා.(නදී)
මගේ දරුවත් මේ වසරේ විභගේ ලිව්වා. එයත් විභාගේ පාස්. නමුත් මේ ළමයින්ගේ ප්‍රතිපල බලනකොට ගොඩක් සතුටුයි. මේ ළමය දෙන්නට මගේ ආදරණිය සුබ පැතුම්. ඔබ දෙන්නටම සුබ අනාගතයක්.(නදී)
සජී, කියන්නත් දුකයි. ඔයාට කොළඔ ඉස්කෝලෙකට එන්න බැරි වුණා කියලා ඊර්ෂ්‍යා කරන එක හොද වැඩක් නෙමෙයි. අනික ඒ ළමයි එයා රෝයල් ආවෙ කොහෙන්ද කියලා අමතක කරලා නැහැනේ. (නි)
ලකී, ඔයාට මීට වඩා පුළුල් විදියට හිතන්න පුලුවන් වුණා නම් මම කියන දේ තේරුම් ගන්න තිබුණා. මම කියන්න උත්සාහ කළේ හැම පාසලකටම එකම විදියේ සැළකීමක් තියෙන්න ඕනෑ. ජනප්‍රිය පාසල් කියලා කීපයක් තියාගෙන ඒවාට හැම පහසුකමක්ම දෙනවා, නමුත් මේ රටේ හරියට පන්ති කාමරයක් නැති, ගුරුවරු නැති, අවම පහසුකම්වත් නැති පාසල් තියෙනවා ඕනෑ තරම්. ඒ වගේ පාසල් වල අමාරුවෙන් ඉගෙනගන්න ළමයි ඔය ජනප්‍රිය පාසල් වලින් ඇද ගන්නවා. පාසැල මොකක් වුණත් ඉගෙන ගන්න එක තියෙන්න ළමයාගේ තියෙන උනන්දුව මත. දැන් තේරුම් ගන්න ඉරිසියාව, කුහකත්වය තියෙන්නේ මගේද ඔයගේද කියලා. (නි)
උත්සාහයේ උපරිම ප්‍රතිඵල ලද්දී.. සතුටුයි අසන්නට මේ වගෙ හොඳ සිද්ධී.. හමුවේ බොහෝ බාධක දිවි මග යද්දී.. මෙලෙසම ජයෙන් ජයවේවා ඉදිරියෙදී.(නදී)
සමත් සියලු දෙනාටම සුභ පැතුම්. පුතේ ඔයා ප්‍රාථමික අධයාපනය ලබාගත් පාසල මෙතනදී මතක් කල එක හරිම හොඳ දෙයක්. හුඟක් දරුවෝ මෙතනදී එය අතපසු කරනවා.(නදී)
සජි නිකන් ඉරිසියාවට ඔහොම බනින්න එපා. හොඳ දේ අගයන්න නරක දේට බනින්න. හොදක් කරත් නරකක් කරත් දෙකටම බනින්න එපා. ඔය ඉරිසියාව ඇත අරපල්ලා. ලංකාවේ උන්ට දියුණු වෙන්න බැරි ඔයාලා වගේ ඉරිසියාකාර අය හින්දයි.(නදී)
මේ ළමයින්ට මගෙන් සුභ පැතුම්! (නි)
ගූඩ් ලක් මල්ලි. ජය වේවා! කෝ එතකොට ගාල්ලේ නංගී ගැන විස්තර. එයත් පළමුවෙනිය නේද ?(නදී)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහලම ලකුණු ලබා ගෙන ඇත්තේ යාපනය ශිෂ්‍යන් දෙදෙනෙක්ද? (නදී)
දෙන්නටම සුභ පැතුම්. ඒ වගේම සියළු දෙනාම උසස් පෙළත් මේ වගේම සම්ත් වෙන්න. මම ශ්‍රී ලංකාවේ දරුවන් ගැන හරිම සතුටු වෙනවා.(නදී)
ඔය දරුවන්ට නිදහසේ ඉන්ට දුන්න නම් තමයි අගේ. ඔයාලට සුභ පතනවා. දුවේ, ඔයා දැන් ඔය ඔලුවේ බර නිදහස් කරගෙන ට්‍රිප් එකක් කාරිය ගිහිල්ල එන්න.(නදී)
විභාගයකින් සමත් උනාම ලැබෙන සතුට කොච්චරද කියල තේරෙන්නේ ප්‍රතිපල ආපුදාට, හැමෝටම තමන්ට සතුටු වියහැකි ප්‍රතිපලයක් ලැබෙනවනම් කොච්චර දෙයක්ද? (නදී)
දරුවන්ගේ උත්සාහයේ සතුටට මෙය කියවන ඕනෑම මවෙකුට පියෙකුට සතුටු කඳුළු වැටෙනවා. මේ දරුවන්ට ශුභ අනාගතයක්.(නදී)
ඒ කාලේ ලංකාවේ පළවෙනයි වුනත් අපි දන්නේ නැහැ. එච්චර පුචාරයක් දෙන්නෙත් නැහැනේ. (නදී)
අනාගත ශ්‍රී ලංකාවේ පීදෙන මල් කැකුලූ. ඔයාලගෙ ජයග්‍රහණයට අපගේ සුබ පැතුම්..! බුදුසරණයි.(නදී)
ඔබට දීප්තිමත් අනාගතයකට මාගන් සුබ පැතුම්.(නදී)
අපි සාමාන්‍ය පෙළ කරන කාලේ පාස් උනාට ගොඩක් තෑගි දුන්නේ නැනේ එහෙම නම් අපිත් පළවෙනිය වෙනවා.(නදී)
ඡයෙන් ජය ලැබේවායි ඔබේ අනාගතයට සූභ පතනවා...!!(නදී)
රාජකීය පුතෙක් වුනේ ශිෂත්වෙන් 188ක් අරගෙන අපු නිසානේ. ගම්වල ඉස්කෝලවල හොදම දක්ෂ ලමයි ටික ලොකු ඉස්කෝලවලට දාගන්නවා, ඒ ළමයි තමයි ඔය ලොකුයි කියන ඉස්කෝලවලට නමක් අරන් දෙන්නේ. අනිත් අය තමයි ගැහැණු ඉස්කොලවට පැනල පිස්සු නටන්නේ, පාරවල්වල මරාගන්නේ. මේ ළමය පරණ ඉස්කෝලෙම හිටියනම් එත් මේ ප්‍රතිපල එනවා, ඒ පොඩි ඉස්කෝලේ නමත් බැබලෙනවා.(නදී)