කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) උදෑසන පැවැත්විණ.
විද්‍යාල භූමියේ ඇති රණවිරු ස්මාරකයට අගමැති ඇතුළු ඇමැතිවරු පුෂ්පෝපහාර දැක්වුහ.
සජිත් ප්‍රේමදාස , රවි කරුණානායක,රවුෆ් හකීම් , ගයන්ත කරුණාතිලක , ඩී එම් ස්වාමිනාදන් , ලක්ෂ්මන් කිරිඇල්ල , ආචාර්ය හර්ෂද සිල්වා, එම් ඒ සුමන්දිරන් යන මැති ඇමැති ආදි රාජකීයෝ විදුහල්පති උපාලි ගුණසේකර ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුහ.
මෙරට තෙවරක් අගමැති වු රනිල් වික්‍රමසිංහ මහතාට විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම විසින් විශේෂ උත්මාචාර පෙළපාළියක් ද පැවැත්විණි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ ආර් බලයට පත්වූ විට තිබුන පිළිගැනීමේ උත්සවයේදී අපිට දවස් තුනක්ම නිවාඩු ලැබුනා. උත්සවය පැවත්වුවේ අඟහරුවාදා දිනකයි. අධ්‍යාපන ඇමති තුමාගේ කතාවේදී එතුමා බදාදා නිවාඩු දුන්නා. ජේ ආර් ගේ කතාවේදී එතුමා ඉතුරු දවස් දෙකත් නිවාඩු දුන්නා. මේ නිවාඩු ලැබුන කතාව මගේ අම්මා විශ්වාස කලේ නැහැ, නමුත් හොඳ වෙලාවට පසුදින පත්තර වල සම්පුර්ණ ප්‍රවෘත්තියම තිබුන නිසා පිළිගන්න සිදු වුනා. (නදී)
රාජකීයනි, උගනිව් -නැත පිටවෙනු. වැඩ කරනු-නැත ගෙදර යනු (නදී)
මම සාමාන්‍යයෙන් දේශපාලනය ගැන අදහස් ලියන්නේ ඉතා අඩුවෙන්. ඒත් පසුගිය දවසක ඉරිදා පුවත් පතක රනිල් මහතා ගේ පාසල් කාලය ගැන ලියවුන ලිපියක් කියෙව්වා. ඒක කිසිම දේශපාලන ලිපියක් තොරව කියවන්න පුළුවන් ලිපියක්. (නදී)
පොඩි එවුන් ටිකත් අපේ රනිල් මාමට හිනා වෙනවා (නදී)
කෝ අපේ දුමින්ද මලයා ? වෙනදා වරදින්නේ නැතිව ඉස්කෝලේ ඕනේ එකකට එනවනේ. (නදී)
විදායක ජනපති ක්‍රමය ගෙනල්ලා, ලාංකීය ඉරණම වෙනස් කලෙත් නැවත එය වෙනස් කරන්නෙත් රාජකීයන්ම වීම පුදුමයක් නේද ? (නදී)
මම කිව්වේ දුමින්ද (නදී)
පුන් සඳේ සරි දිනු - රන් පුතුන් බිහිකෙරු (නදී)
අද රනිල්ට හිනා වෙන අයගේ උගත්කම පේනවා. (පොඩි ළමයි නෙමෙයි). එයාල මහින්ද අයියත් එක්කම ඉන්න එක හොදයි. (නදී)
ඕක මොකක්ද සෑම් මහත්තයා. ජේ ආර් බලයට පත්වෙලා දවස් 3 ක් නෙමෙයි පොලිසියට සතියක්ම නිවාඩු දුන්න එකේ. (නදී)
දරුවනි දිනක ඔබටද ලෝකයේ නම තියන්න පුළුවන් හොදට ඉගෙන ගත්තොත්.(හේ)
අලුත් ආණ්ඩුවෙ සෑහෙන්න රාජකීය අයනේ ඉන්නේ. මට මතකයි රනිල් පළවෙනි පාර අගමැති වෙලා අපේ ඉස්කෝලෙට ආපු හැටි. ඒ කාලෙ නම් අපේ ශිෂ්‍ය භටයො තියාගෙන හිටියේ පරණ ඩමි රයිෆල්, දැන් ටී-56, සෑහෙන්න දියුණුයි. (නදී)
සමහරු කැමති ඇති කවුරු හරි මෙතන පොඩි එවුන් ටික වඩා ගෙන බුරුසු රැවුලත් ගාවලා තොත්තුවකුත් දීලා වැඩ පටන් ගත්ත නම්. (නදී)
අපේ පන්තිය, අපේ කම සුරැකීම, අපේ යුතුකමයි (නදී)
රාජකීය විදුහල කවදත් පෙරමුණේ- පුන්සඳේ සිරි දිනු රන් පුතුන් බිහි කෙරු රාජකීය විදුහල සිරි නංවනු! (හේ)
උණුසුම් සුභ පැතුම්.(හේ)
කව්රු කොහෙන් ඉගෙන ගෙන තිබුනත් කමක් නෑ රටට හොද වැඩ කරන්න. (ර)
අද පාර නොවසා මහජනයාට අවහිරයක් නොවන ලෙස කටයුතුකිරීම ගැන රාජකීයයෙක් ලෙස අගය කරනවා. (ර)
පුන් සදේ සිරි දිනු, රන් පුතුන් බිහිකෙරු, රාජකීය විදුහල් සිරි නංවමු. (ර)