ලබන ජුලි 19 වැනි දා ඇරැඹී අගෝස්තු පළමුවැනි දා අවසන් වන කතරගම ඇසළ උළෙලේ කප් සිටැවීම අද අලුයම 5.30ට සිදුවිය. දුටුගැමුණු මහා රජතුමන් විසින් නියම කැරුණු මේ චාරිත්‍රය නොකඩවා සිදු කෙරෙයි. කප් සිටුවා දින 45 ගිය පසු පෙරහර මංගල්‍යය සිදු කළයුතු බව එදා රාජ නියමය විය. ශෂින්ද්‍ර රාජපක්ෂ බස්නායක නිලමේ ද පාරම්පරික කපු මහත්වරු ද මේ චාරිත්‍රයට එක් වූහ. කතරගම දෙවියනට වෙන් වූ ගසකින් එක සමාන කප් ලී දෙක කැලයෙන් සොයා ගන්නා කපු මහත්වරු එම ගසේ නම රහසක් වශයෙන් තබා ගනිති. මුලින්ම වල්ලි අම්මා දෙවොලේ තබන කප් ලී මැණික් ගඟෙන් සෝදා හිරු නඟින්නට පෙර මහා දෙවොලට ගෙනවුත් සිටුවා ඉපැරැණි චාරිත්‍ර රකිමින් කතරගම පෙරහාරේ මුල්ම අවස්ථාව සහිටුහන් කරති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු රටටම කතරගම දෙවි පිහිටයි ,,,
අතිගරු ජනාදිපතිතුමා ඇතුළු අපි සියලු දෙනාටම කතරගම දෙවි පිහිට හා ආරක්‍ෂාව ලැබෙවා.
දේවප්‍රිය මහත්තයෝ විශ්ණු දේවාලේ නෙමෙයි කතරගම දේවාලෙයි කප් හිටවන්නේ...
මෙයින් අධිගමය ලබා ගත හැකිද?
කපු මහත්වරු මේ පාරත් මැරෙයිද ?
මුළු රටටම වාසනාව උදා වේවා.!!
ඔය නිසාන්ට පිස්සුද ?
මුළු රටටම කිරි ඉතිරේවා...!!
ප්‍රගීත් ගිය පාර මැරුනේ මොන කපු මහත්තයද ?