
(අංජුල මහික වීරරත්න)
මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් ඇරැඹූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගෙන ඇත.
මල්වතු ඔය ද්‍රෝනියට අයත් වන අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්ක වල එල්ලංගා පද්ධති 20කට අයත් වැව් 100ක් මේ යටතේ ප්‍රතිසංවර්ධනය කෙරෙයි.
ඒ අනුව අනුරාධපුර වැවි 37ක්, වව්නියාව වැව් 32ක්, හා මන්නාරම වැව් 31ක් ද වශයෙන් තෝරාගෙන මේ වනවිට එම කටයුතු ආරම්භ කර ඇතැයි කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතා පැවසීය.
මෙම ව්‍යාපාතිය යටතේ එක් වැවක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් එක් කෝටි පනස්පන් ලක්ෂයක් වෙන් කරන අතර ඒ වැව් යටතේ කිලෝමීටර් 1.4ක මාර්ග පද්ධතිය ද නවීකරණය කරන බව අමාත්‍යාංශය පවසයි.
මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 573ක්, වව්නියාව දිස්ත්‍රික්කයට හා මන්නාරම දිස්ත්‍රික්ක වලට එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 496ක් බැගින් වැය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජ දවස වැව් සීයකට පණ දෙන්න යයි
ලසන්ත Tuesday, 13 August 2024 10:42 AM
ඒකෙත් හැටි, මේවා මේ ඡන්ද කටේ හදිසියේමනෙ මතක් වෙන්නේ!
Nimal Tuesday, 13 August 2024 11:10 AM
මෙච්චර කල් හිටියේ ඇයි ?
Kule Tuesday, 13 August 2024 12:01 PM
අර වැව් 1000 වගේද?
කුමාර Tuesday, 13 August 2024 11:26 PM
මේවා අලුත්ම වැව් වෙන්න ඇති. නැත්නම් මේ අලූත්ම ඇමැති තුමෙක් වෙන්න ඇති. දෙකම පරණ ඒවා වෙන්න බැහැ. අන්තිම මොහොතේත් කීයක් හරි කඩාගන්න මොනවා හරි කරන්න එපැයි. පවු අපි.