IMG-LOGO

රඟපෑම මෙන්ම නිරූපණයට ආදරය කරන නිමේෂා

2016-09-12-ent-23

තවමත් යොවුන් වියේ පසුවන ඇය නිමේෂා සන්දීපනීය. නිරූපණයේ දිගු ගමනක් යෑමට සිහින මවන ඇය, ඇගේ කලා තොරතුරු හා නිරූපණ ක්‍ෂේත්‍රයේ ආගමනය පිළිබඳ පැවසීමට ‘සාරවිට’ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-09-12-ent-22මම නිමේෂා සන්දීපනී. මගේ වයස අවුරුදු 23යි. මගේ ගම මහනුවර. මං ඉගෙන ගත්තේ මහනුවර, හිල්වුඩ් විද්‍යාලයේය.

 

ඔබ රැකියාවක් කරනවාද?

ඔව්. මං ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් විදිහට වැඩ කරනවා.

 

නිරූපණයට අදහසක් එන්නේ කොහොමද?

නිරූපණයට, රඟපෑමට මං ගොඩක් කැමැති කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම ලොකු කැමැත්තක් තිබුණා. නිරූපණයට එකතු වෙන්න. ඒ නිසාම තමයි මං සියත මිස් ශ්‍රී ලංකා තරගයට එකතු වුණේ.

 

සියත මිස් ශ්‍රී ලංකා තරගය ගැන කතා කළොත්?

මෙවර තරගය ගොඩක් තරගකාරී. මෙවර තරගයට ඉදිරිපත් වී සිටි මගේ සහෝදර තරගකාරියන් හැමදෙනාම ඉතාමත් දක්ෂයි. ඒ හැමදෙනාටම විවිධ දක්ෂතා තිබුණා.

 

එහිදී ඔබට කිරුළ පැලඳීමට අවස්ථාවක් ලැබුණද?

නැහැ. මං අවසන් තරගකාරියන් 08 දෙනා අතරට තේරුණා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී රඟපෑමට සහ නිරූපණයට එකතු වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. දැනට මට නිරූපණට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අවස්ථා තුළින් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රඟපෑමට අවස්ථාවක් ලැබුණොත් රඟපෑමට එකතු වන්න කැමැත්තක් තියෙනවා.

 

මිස් ශ්‍රී ලංකා පැජන්ට් එක ගැන තව තොරතුරු කිව්වොත්?

මිස් ශ්‍රී ලංකා තරගය තුළින් මං ලබාගත්ත අත්දැකීම් ගොඩක් තියෙනවා. පහුගිය මාස තුන මගේ ජීවිතේ මං ගත කරපු සුන්දරම කාලයක්. ඒ වගේම සේනක ද සිල්වා සර් වගේ ප්‍රවීණයෙක් යටතේ ලබපු පුහුණුව මට ගොඩක් වැදගත්. මෙවර තරගයෙන් ලබා ගත් අත්දැකීම් එකතු කරගෙන ලබන වසරේදී මිස් ශ්‍රී ලංකා තරගයට අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

උදව් කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

ඔව් ඉන්නවා. මේ තරගය වෙනුවෙන් මං වගේම ලොකු කැපකිරීමක් කළ මගේ අම්මා. මගේ දෙමව්පියන් සේවය කරන්නේ ඉතාලියේ. අම්මා මේ තරගය වෙනුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණියා. හැම අවස්ථාවේදීම හෙවණැල්ලක් වගේ මගේ ළඟින්ම හිටියා. මගේ හොඳම මිතුරිය සචිනි ඒ වගේම, මගේ ‘beauty with a purpose’ ව්‍යාපෘතියට උදව් කරපු මගේ මිතුරන් හැම දෙනාටමත් ස්තූති කරන්න කැමති. මෙවර කිරුළ හිමිකරගත් අම්රිතා ද සිල්වා මගේ සහෝදරියටත්, අනිත් හැම සහෝදර තරගකාරියන්ටත් සුබ පතන්නවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - නිමේෂාගේ ෆේස්බුක් ගිණුම

 

2016-09-12-ent-25
2016-09-12-ent-24



අදහස් (0)

රඟපෑම මෙන්ම නිරූපණයට ආදරය කරන නිමේෂා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site