IMG-LOGO

රඟපාන්න ආසයි ඉදිරියේදී බලමු

20160711Irusha-1ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන ලද 'අවුරුදු කුමරිය' තරග හරහා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඉරූෂා හිරුණි සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ අපි ඇරඹුවෙමු. ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයටද පැමිණීමේ අපෙක්ෂාවෙන් පසුවන ඉරූෂා මේ වනවිටත් වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකට සිය දායකත්වය සපයා තිබේ.

 

20160711Irusha-2නිරූපිකාවක් වෙන්න හීනයක් පුංචි කාලේම තිබුණා කියන්නේ ඇත්තද?

ඔව්. ඒ පැත්තට යොමු වෙන්න පුංචි කාලේ ඉඳලාම මගේ කැමැත්තක් ආශාවක් තිබුණා. පුංචි කාලෙදී මම ජාතික රූපවාහිනි විකාශය වුණ 'මුතුහර' ළමා වැඩසටහනටත්, සිරස නාළිකාවේ විකාශය වුණ 'කිඩ්ස් වීඩියෝ' කණ්ඩායමෙත් සාමාජිකාවක් විදිහට කටයුතු කළා. ඉතින් පුංචි කාලෙ ඉඳලා මගේ හීනේ වුණේ. කවදාහරි නිරූපණය පැත්තට යොමු වෙන්න ඒ පැත්තෙන් ඉදිරියට යන්න.

 

ඔය හීනේ සැබෑ වුණේ කොයි කාලේද?

2012 අවුරුද්දෙ තිබුණ 'අයි.ටී.එන්' අවුරුදු කුමරිය තරගයට සහභාගී වීම හරහා තමයි නිරූපණය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. එම තරගයේ මම අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා.

 

දැනට ඔබ දායක වෙලා තියෙන කලා කටයුතු?

ගොඩක්ම පොටෝ ෂූට්වලට තමයි මම දායක වෙලා ඉන්නේ. පොඩි කාලෙ නම් ගොඩක් වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටියා. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ගොඩක් වෙළෙඳ දැන්වීම්වලට හිටියේ නැහැ. ඒත්, මම පෙනී හිටිය 'එළිෆන්ට් හවුස් වෝනඩර් බා' දැන්වීම් ජනප්‍රිය වුණා. ඊට අමතරව දැනට මම නවක ගායකයන් කිහිප දෙනෙකුගේම ගීත රූප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා. ඉදිරියේදීත් වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකටම දායක වෙන්න අවස්ථාව දැනට මට ලැබිලා තියෙනවා.

 

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයේ නමක් හදාගන්න ඔබට මේ කාලය තුළදී හැකි වෙලා තියෙනවාද?

මම හිතනවා. දැනට මේ ක්ෂේත්‍රය තුළ මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ හරහා යම් ප්‍රමාණයක පිරිසක් මාව හඳුනගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මම වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය තුළ යම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවා කියලා.

 

රඟපාන්න කැමතිද?

ඔව්. ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. නමුත්, මම තාම වයසින් අඩු කෙනෙක්. ඉතින් තව අවුරුදු දෙක තුනකින් වගේ රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ ගැන බලමු.

 

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

මම දකින විදිහට නිරූපණ ක්ෂේත්‍රය හොඳ තැනක්. නමුත්, අද බොහෝ දෙනෙක් දකින්නේ ඒ ගැන වැරදි අදහසකින්. කෙනෙක් දෙන්නෙක් වැරදි කළාහම හැම කෙනා දිහාම ඒ වැරැද්දෙන් මනිනවා. ඉතින් මම හිතන විදිහට අපි මේ ක්ෂේත්‍රය තුළ හොඳින් හැසිරිලා වැඩ කළොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.

 

කවුද උදව් කළේ?

අම්මා, තාත්තා දෙන්න තමයි ගොඩක් උදව් කළේ. අම්මා තමයි නිතරම මගේ වැඩවලට මාත් එක්ක එන්නේ. ඊට අමතරව මගේ නිරූපණ වැඩ වලට මගේ පෙම්වතාත් ගොඩක් උදව් කරනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම හෂාන් පන්නිලගේ අයියාව මතක් කරන්න ඕනා.

 

බුද්ධික සේනාධිර / ඡායාරූප - හෂාන් පන්නිලගේ 

20160711Irusha-3 20160711Irusha-4 20160711Irusha-5 20160711Irusha-6

 



අදහස් (0)

රඟපාන්න ආසයි ඉදිරියේදී බලමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 14 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site