රේගු සේවා කයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා පසුගිය වසර තුනක කාලය ඇතුළත සේවයෙන් විශ්‍රාම ගිය රේගු නිලධාරීන් නැවත සේවයට කැඳවීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අනුව විශ්‍රාමලත් රේගු නිලධාරීන්ට මේ මස 30 වැනි දා දක්වා ඒ සඳහා අයැදුම් කිරීමට ඉඩ සලසා දී ඇතැයි කී රේගු ප්‍රකාශකයෙක් කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කිරීම සඳහා අයදුම් කරන විශ්‍රාමික රේගු නිලධාරීන්ට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු සේවයෙහි යොදවන බවද පැවසීය.
යෝජිත රේගු පනතට විරෝධය පළකරමින් රේගු වෘත්තීය සමිති රැසක් මේ වනවිට අකුරට වැඩ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවේ හොරු දෙන්නෙක් තුන්දෙනෙක් ඇති. හැබැයි බහුතරය රට වෙනුවෙන් විශාල කාර්යබාරයක් කරනවා. අලුත් පනත අාවොත් බලපෑම වෙන්නේ මුළු රටටම. එතකොට ප්‍රමාද වැඩියි. ඊර්ෂ්‍යාවෙන් අදහස් දක්වන්න කලින් රේගුවේ අය කියන්නේ මොකද්ද, එ්කෙන් රටට සහ ජනතාවට වෙන පාඩු හෝ වාසි ගැනත් බලන්න (නි)
ඔබට ස්ථීරයිද දැන්, කියල තමා අහන්න ඕන වර්ජන කරන අයගෙන් (අ)
නියමයි ... නියමයි කියන්නේ කියලා වැඩක් නැහැ .. මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕන . (හේ)
ඇදගෙනම නාන්නයි හදන්නේ. මුළු රටේම හැමතැනම අවුල්. යහපාලනය මාරම මාරයි. (නි)
එච්චරයි අඩුවකට තිබුනේ... (නි)
වර්ජනය කරන සියලුදෙනාවම වර්ජනය කරමු. රේගුව කියන්නේ කුමක්ද යන්න කවුද නොදන්නේ? මේ රාජකාරිය සඳහා ඇමති උපදේශකයන් පිරිසක් යෙදවුවහොත් මහත් ආනිසංස ලැබෙන්න පුළුවන්! (නි)
ඇයි විශ්‍රාමිකයෝ ගන්නේ? තරුණයෙකුට අවස්ථාව දෙන්න බැරිද? ඉතින් ලංකාව එක තැන පල්වෙන එක අහන්න දෙයක්ද (නි)
මෙච්චරයි අඩුවෙලා තිබ්බේ. කට්ටිය එයි දැන් පැනගෙන. රේගුව විරෝධය දක්වන්නේ රට වෙනුවෙන්. ඒක තේරෙයි සුපුරුදු පරිදි ඉදිරියට. ඒ අතින් අපි හරි මෝඩයි. දෙයක් වෙන්නම ඕනෑ ඒකෙ වැරැද්ද තේරෙන්න. මේකටත් එච්චරයි (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මේවා නිකම් පුහු තර්ජන. වසර තුනක් ඇතුළත විශ්‍රාම ගිය අතළොස්ස නැවත කැඳවා රේගු සේවය සාමාන්‍යකරණය කිරීම සිහිනයක්. (නි)
ඔය විශ්‍රාම ගිය කීප දෙනෙක්ගෙන් පුලුවන්ද මුළු දෙපාර්තමේන්තුවක වැඩ කරන්න. රේගුව කියන්නේ එහෙම නොසළකා හරින්න පුළුවන් තැනක් නොවේ. (නි)
ඉතින් එයාලා වැඩකරන්න සුදුසු නම් ඇයි විශ්‍රාම යැවුවේ? (නි)
විශ්‍රාමිකයෝ දන්නවා වැඩ කරන අයුරු. රැකියාවක් කිරීම එතරම් ලේසි පහසු කාර්යක් නොවේ. ලබාගන්න වැටුපට උපරිමය කිරීමෙන් ලබා ගන්න විශ්වාසයයි රැකියාවක් කියල කියන්නේ. විශ්‍රාමිකයන් එම විශ්වාසය ගොඩනගා ගෙනයි තියෙන්නේ. (බ)
ඒ අය කියන දේ අහන්න කිසිම කෙනෙක් නැද්ද? (නි)
තරුණයන්ට රැකියා ලක්ෂ 10ක් දෙනවා කිව්ව දේ ඉටුකරනවා වෙන්න ඇති. අනේ මගේ කට .......! (නි)