
(යොහාන් භාසුර)
රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩතහනම් කළ නිලධාරීන් අතර සිටින බවත් නිලධාරිනික මෙවැනි බරපතල සිද්ධියකට සම්බන්ධ වීම වඩාත් කැපී පෙණෙන බවත් එම උසස් නිලධාරියා කීය.
මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති බවත් එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන අද (18) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැති වූ බවත් එම නිලධාරියා කීය.
එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බව කී එම නිලධාරියා රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බව ද සඳහන් කළේය.
රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩි දුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් එම නිලධාරියා කීය.
මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි බව ද රේගුව උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
මේක ඔතන කෙරෙන වැඩ වලින් පුංචි ඉඳිකටු තුඩක්.... ගණන් ගන්නවත් එපා... ඔතන තේ හදන මිනිහ හිටන් හිනා වෙනවා ඇති...
අපෝ ඕක චූටි දෙයක් නේ...
අහිංසක මිනිස්සුන්ට රට ඉඳලා එනකොට ලොකුවට ටැක්ස් ගහන නිලධාරීන් අන්තිම හොරු...
අකුරට වැඩ...
ඕවා මොනවද ස්විපින් ගේම්නේ, බැඳුම්කර වංචාව බිලියන 12 සීනි බදු වංචාව බිලියන 16 එතකොට සුදුළූණු වංචාව ඒවනේ ගේම්......
මුන්ට විරුද්ධව ඉතා ඉක්මණට නඩු අහලා හිරේ දැමිය යුතුයි... ඒ වගේම මුන්ගේ වත්කම් බැරකම් ළමයි ඉගෙන ගන්න පාසල්. විදේශ විශ්ව විද්‍යාල ගැනත් තොරතුරු අරගෙන ඒවාට කොහෙන්ද සල්ලි වියදම් කලේ කියලා ඉතා ඉක්මණට සොයා ගත යුතුයි. පට්ට හොරු.. රාජපක්ෂලාගේ ණය වෙන්ඩ ඇති.
රේගු නිලධාරීන්ගේ මෙන්ම ඔවුන්ගේ ආසන්නම ඥාතීන්ගේ ද වත්කම් පරීක්ෂා කරන්න. බොහෝ අයගේ වත්කම් තිබෙන්නේ පිටරට ඉන්න තම දූදරුවන්ගේ නම් වලිනුයි.
හොරු හැම තැනම. අනෙකාට හෙන ගැහුවත් තමන්ගේ මල්ල තර වෙනවානම් මොකද කියන දීන මානසිකත්වයෙන් ඉන්න අය කොතැනත් ඉන්නවා. හැබැයි කවදා හෝ අහු මෙනවා. විඳවනවා.
රේගුව අද නින්දෙන් ඇහැරිලා වගේ අද ද දන්නේ මේ වගේ වැඩ වෙනවා කියලා... බොහෝ රේගු නිලධාරින්ගේ ගෙවල් දොරවල් වත්කම් ජීවන රටාව පරික්ෂා කළොත් ඕන තරම් තොරතුරු හොයා ගන්න පුළුවන්
ලංකාවට භාණ්ඩ ගෙන්වන විට ඉතා සංකීර්ණ විවිධ නම්වලින් බදු විශාල ප්‍රමාණයක් ගහනවා , ප්‍රධාන ව්‍යාපාරිකයන්ගෙන් 95% ම මේවා නිතියනුකුලව ගෙවල බදු ගෙනත් ව්‍යාපාර කරන්නේ නැහැ , ඔවුන් කරන්නේ රෙගු නිලධාරීන්ට අල්ලස් දීල බදු දැලෙන් රිංග යන එක , එමනිසා ලෝකේ දියුණු රටවල කරන විදිහට 10%-20% අතර එක අඩු සරල එක බද්දක් ගහන්න , එවිට බොහෝ දෙනෙක් නිසි ආකාරයෙන් බදු ගෙවන නිසා ආණ්ඩුවට විශාල බදු අධයමක් රජයට ලැබේවි . සරල එක බද්දක් නිසා විශාල ලියකියවිලි ප්‍රමාණයක් පිරවීමට අනවශ්‍ය වේ , නැතිනම් පෝසත් වන්නේ නිළධාරින්
දවසකට රේගුවේ මේ වගේ හොර වැඩ කොපමණ වෙනවද ? මේ ඉතා සුළු එකක් වෙන්න පුළුවන් . රේගුවේ ඉන්න ය ගෙවන සුකුමාල ජිවිත දැක්කම තේරුම් ගන්න පුළුවනි ලැබෙන තෑගි මුදල් වලට අමතර තව කොපමණ ආදායමක් ඒ අයට ලැබෙනවද කියල . ඒ වගේම තමයි ආදායම් බදු එකේ උන් .
පවතින නීති සහ දඬුවම් සංශෝධනය කර හෝ මේ පුද්ගලයන් හට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්න.
මේ කම්බ හොරු රැළ තමයි තව ඉල්ලීම් ඉල්ලා වර්ජනය කරන්නෙත් කාලකන්නි
රේගුව ගැන කියලා වැඩක් නැහැ.හොර ගුහාවක්.. හොර වැඩ, වංචා වලට,දේසපාලුවන්ගේ මෙන්ම ,රේගුවේ උසස් නිලධාරීන්ගේත් පිහිට ලැබෙනවා.
එකක් විශ්වාසයි... මෙයාලට නම් දඬුවමක් නම් දෙන්නේ නෑ ඕක ඇතුළෙන් නම්..!
ඔය රේගුවේ එකේ සූරා බදු එකේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේ ආදායම් පරීක්ෂා කර බැලුවොත් අර පියුමිගේ බැලුවා වගේ 100ට 99ක් තඩි හොරු... ඔවුන්ගේ බහුතරයක් විදේශ රටවල් වලින් පදිංචිකාරයෝ. දැන් සල්ලි පොම්ප කරන්නේ පිටරට. ඒක තමයි මේ රටේ අවශ්‍ය වන්නේ ඩිජිටල් ආර්ථිකයක් ඕනේ. දේශපාලුවෝ හා රජයේ ඉහළ නිලධාරීන්ලා මේකට විරුද්ධයි.
රිමාන්ඩ් එකට යන්න ඕනෑ කට්ටිය ගෙදර යවලා..
ගෙදර යැව්වාම ඔක්කොම හරි ද?
මහබැංකු හොරකම, මග හොරකම, බෙහෙත් වංචාව, එව්වා ඔයිට වැඩිය ලොකු හොරකම්...
ඔයගොල්ලෝ දන්නෙ අදද මේ රේගු වැඩ වැඩ කරන මිනිස්සු හොරකම් කරනවා කියලා. අපි නම් ඉස්සර ඉඳලා දන්නවා ලොකු ලොකු මාල කරට එනකොට ලොකු ලොකු බේස්ලට් අතට එනකොට මේගොල්ලෝ හොරකම් කරනවා කියලා
ඔය එන සියලුම බාළුම් ක්ලියර් කරන්න ඕනේ එස්.ටී.එෆ් එක දාලා ඔය රේගුව ඉන්නේ ලෝකෝත්තර හොරු