ඉන්දියාවේ සිට හාල් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වා තිබූ කහ කිලෝ දස දහසක් රේගු අධීක්ෂණ අංශය විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
බහාලුම් දෙකක හාල් කිලෝ 37000ක් ඇතැයි සඳහක් කර තිබූ අතර බහලුම් පරීක්ෂා කරද්දී හාල් කිලෝ 27000ක් සමඟ කහ කිලෝ 10,000 තිබී ඇත.
හාල්වලට අය කරන බදු මුදලට වඩා කහ ගෙන්වීමේදී වැඩිපුර බදු අය කරයි. ඒ අනුව රේගුවට වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 56කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම සෑම බහාලුමක්ම හොදින් සම්පුර්ණයෙන්ම පරික්ෂා කර බැලීම තමා මෙයට එකම විසදුම. එවිට රජයට නියම ආදායම නිසි පරිදි ලැබෙනවා. හොර බඩු ඒමත් නවතිනවා (නදී)
හාල් වලට කහ කිව්වනම් කහ වලට මොනවා කියල ගෙන්වයිද දන්නේ නැහැ. හැමදෙයක්ම වයර් මාරුවෙලා වගේ කෙරෙන්නේ. හැබැයි මුදල් හෙවීමෙදී කිසිම වයර් මාරුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.(නදී)
කුඩු ගෙනාපු අයගෙන් රේගුවට කීයක් පාඩු උනාද? (නදී)
රේගුවට රුපියල් ලක්ෂ ගණක් ආවයි කියමුකෝ. ඒ මුදල් වලින් දුප්පත් ජනතාවට මොනවද ලැබෙන ප්‍රතිලාභ? රත්තරන් කොච්චර නම් අහුවුණාද? ඒවාට මොනවද වෙන්නේ? (නි)
අපේ ලංකාදීපේ දාන ශීර්ෂපාඨ නම් නියමයි. සුභ පැතුම්! (නි)
කුඩු කිලෝ ඵකකට රේගුව අයකරන මුදල කියද ? (නදී)
හාල් කිලෝවක උපරිම විකුණන මිල 80/=,85/= කියමුකෝ. නමුත් කහ ග්‍රෑම් 100 ක් 60/= - 65/= අතර කිලෝවක් රු:650/= ක් විතර. හොරෙන්ම පන්නා ගත්තානම් ... කහ උනත් කුඩු වගේම තමා මිල ගණන් (නදී)
කහ බත් උයන්න කහ ඕනැ වෙන නිසා ඒ ගමන්ම කහ ටිකකුත් ගේන්න ඇති. (නදී)
කුඩු වගේද කහ? මරණ දඬුවම දෙන්න ඕනේ මේ අපරාධ කාරයොන්ට. (නදී)
මොකද දන්නේ නැහැ මේ දවස්වල දේශපාලකයෝ මේවා බේරගන්න ඉදිරිපත්වෙන්නේ නැත්තේ (නදී)
කාගේද මේවා ? (නදී)