බ්රසීලයයෙන් මෙරටට ගෙන ආ කොකේන් තොගයේ අපනයනකරුවන් ගැන බ්‍රසීල තානාපති කාර්යාලයෙන් දින කිහිපයකින් දැන ගැනීමට හැකි වනු ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (15) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
රේගුව හරහා පිටරටින් එන කන්ටේනර් පෙට්ටි තුළ ඇති දෑ නිරීක්ෂණය සඳහා ස්කෑන් යන්ත්‍ර සවිකර රේගුව නවීකරණය කරන තවදුරටත් විධිමත් සුපරික්ෂාකාරී සේවයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද මුදල් ඇමැතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපනයනකරුවෝ මොකටද? ආනයනකරුවෝ ඉන්නේ, අල්ලාගෙන ප්‍රශ්න කරන්න (නි)
ඒ කියන්නේ ලංකාවට එන කන්ටේනර් පෙට්ටි ගැන දැනුම ප්‍රමාණවත් නැහැ කියන එක නේද? (නි)
නවීකරණය කලාටනම් කමක් නැහැ දේශපාලනීකරණය නොකොට. (ර)
රේගුව නවීකරණය කරන ගමන්ම ස්කෑන් එකේ නිලධාරින්වත් නවීකරණය කළොත් නේද හොඳ? (නි)
අපනයනකරුවන් ගැන හොයනවට වඩා ලෙහෙසි නැද්ද ආනයනකරුවන් ගැන හෙව්වා නම්? (නි)
මේක ආනයනය කලේ ලංකාවටනම් ආනයනකරුවගේ දත්ත දැනටමත් ලංකාවේ රේගුව සතු වෙන්න ඕනනේ. (හේ)
එ්ක හොඳ දෙයක් ඇමතිතුමා. එ්ත් ඔයතරම් නවීකරණය කළාට පස්සේ දැන් ටයි දාගෙන ඒසී කාමර වල ඉන්න සමහර රේගු නිලධාරී මහත්තුරු කෝට් දාගෙන බෝ එකකුත් ගැටගහගෙන වැඩට එයිද දන්නෙ නැහැ. දැන් වගේ කන්ටේනර් පෙට්ටි බල බලා ඉන්න ඕනෑ නැහැ, ශීතල කාමරේ ඉඳලම බඩුටික බලන්න පුළුවන්නේ (නි)
ආනයන කරුගේ නම් ගම් නැතිව කොන්ටිනේර් එන නිසානේ එවපු එක්කෙනා හොයන්නේ. (ර)
මොන නවීන උපකරණ ගෙනාවත් සමහර නිලධාරීන් ඉන්නකම් ඕවා නවත්වනවා බොරු. සමහර නිලධාරින් වැඩට එන්නේ 10.30 ට. අනික 10 දෙනෙක් ඉන්න තැන 5 යි වැඩට ඉන්නේ (නි)
අලුත් තාක්ෂණයත් භාවිතා කරමු. (ර)
අපිට ඕවා හොඳට හුරුයි. මීට කලිනුත් ටොන් ගණන් ඇල්ලුවා නේද.? (ර)
බොරු සෝබන එපා. ලකුණු දාගන්න හදනවා. දැන් කුඩුත් කන්ටේනර් එන්නේ(ම)
ආනයනකරුවෙක් නැති නිසාද පිට රටක ඉන්න අපනයනකරුවෝ ගැන \ හොයන්නේ (ම)
ඔන්න ඕවනේ කරන්න ඕනෑ වැඩ (නි)
අන්න ඒ යෝජනාව නම් නියමයි (නි)
ගෙන්නපු කෙනාව එපැයි හොයන්න. කෙහෙල් කැන් කපපු හෝරාව අල්ලන්නේ නැතුව කෙහෙල් කැන අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්නේ (නි)
රටේ පාලන තන්ත්රය හැමදාම දකින්න තියන එකත් දැන් මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ (නි)