කොළඹ වරායේ රේගු නිවාරණ අධ්‍යක්ෂ රංජන් කනගසබේ මහතා ඇපකරුවන් දෙදෙනකු ද සමග රුපියල් පන්ලක්ෂයක ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.
කන්ටේනර් පහකින් ගෙන ආ වාහන අමතර කොටස් මුදා හැරීමට රුපියල් ලක්ෂ පනහක් ඉල්ලා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි අල්ලස්හෝ දුෂණ කොමිසම ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල කර ඇත.
පැමිණිලිකරු මීගමුව තිඹිරිකටුවේ හර්ෂ ප්‍රභාත් නම් ව්‍යෘපාරිකයෙකි. ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා මහේස්ත්‍රාත් උසාවියේ පැවති මුලික නඩු විභාගයේදී පැවසුයේ රේගු නිලධරයා රජයට රුපියල් දස ලක්ෂ ගණනින් මෙවැනි සිද්ධිවලදී මුදල් උපයා දී ඇති බවයි.
පැමිණිලිකරු කැළැල් සහිත පුද්ගලයෙකිද ඔහු එහිදී කියා සිටියේය. සී ආර්ද සිල්වා මහතා පවසා ඇත්තේ කනගසබේ මහතා ළග තිබී මුදල් සොයා නොගත් බවයි එහෙත් මුදල් බිම තිබු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් කනකසබේ මහතා හරිම අවංක රේගු නිලධාරියෙක්. අපිත් ඔහුත් සමඟ රාජකාරි කරලා තියෙනවා. (ස)
රේගුවේ මහත්වරු හරි හොදයි. ඔහොමහරි පොහොසතුන් බිහිවෙන එක තමා හොඳ. රජය විසින් රාජ්‍ය සේවකයින්ගෙන් බදු අය කළ යුතුයි. (නි)
හරි අවංක මිනිහට කොහෙද තැනක් ලැබුනේ අද කාලේ ? (ස)
රේගු නිලධාරියා මීට පෙර රුපියල් දස ලක්ෂ ගණනින් රජයට මුදල් උපයා දී තිබෙන කෙනෙක් සහ ඔහු ගත්තේ යැයි කියන මුදල ඔහු අතේ නොව බිම තිබී සොයා ගත්තා නම්, මෙම සිද්ධිය ගැන සැකයක් ඇති වේ. (නි)
රජයේ ආයතන සමග බහුලව ගනු දෙනු කරන පුද්ගලයෙක් වශයෙන් මගේ පෞද්ගලික අත්දැකීමකින් කියන්නේ, සාමාන්‍යයෙන් රජයේ ඉහළ සේවයේ ඉන්නා දෙමළ මිනිස්සු හරිම අවංක හොද මිනිස්සු.පගාවක් කවදාවත් ඉල්ලන්නේ නැහැ. ඒ වගේම පගාවක් ගැසීමේ පරමාර්ථයෙන් කරදර ඇති කරන්නෙත් නැහැ. නීතිය සාධාරනව ඉටු කරනවා වගේම හැකිනම් උදවුත් කරනවා.මම හිතන්නේ වැරදි වැඩකට අකමැති වීම නිසා මේ මනුස්සයාව බොරු වරදකට පටලවන්න ඇති. (නි)
මට මතක විදියට කනකසබේ මහතා අවංක නිලධාරියෙක්. මෙය සැකසහිතයි (නි)
ප්‍රදීප් හරි. මම කිහිප සැරයක්ම කනකසබේ මහතා රාජකාරි කටයුතු සදහා හමුවී ඇත. ඔහු රාජකාරිය නිවැරදිව කරන අවංක අයෙකි (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට කස්ටම් ඔෆිසර්ලා? (නි)
පහුගිය දවස් වල රේගු නිලධාරීන් ගැන ගොඩක් හොඳ දේවල් අසන්න ලැබුනා. අද අසන්න ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. (ස)