රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිමේ කිසිදු සැලසුමක් නොමැති බවත් මෙය කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනිමේ උත්සහායක් පමණක් බවත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා ඊයේ 15 රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියන් හමුවේ කියා සිටියේය.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යංශ ලේකම් නන්දා වික‍්‍රමසිංහ මහත්මිය පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක අතිරේක ලේකම් විජිත නන්දකුමාර රසායන සංරක්‍ෂණ වැඩබලන අධ්‍යක්‍ෂ ඩබ්ලිව් වතුගේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්‍ෂ පුරාවිද්‍යා ඒ ගුණතිලක රසායන සංරක්‍ෂණ නිළධාරි යු ඒ විජේසිංහ කලාප භාර පුරා විද්‍යා නිළධාරි ජී නීලපේ‍්‍රම යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරිම පිළීබඳව රටේ පැතිර යන ප‍්‍රචාරය පිළීබඳව අදහස් පළ කරමින් කියා සිටියේ උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ඉදිකර ඇති ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමාවහන්සේ හෝ ඒ ආශ‍්‍රිතව ඉදිකර ඇති කිසිදු ඉදිකිරිමකින් රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වයට හානියක් නොමැති බවත් ඇතැම් පිරිසක් යුනෙස්කෝ සංවිධානයට යවා ඇති පැමිණිලි පිළිබඳව එරට පැවති විශේෂ රැස්වීමකදී තමන් ඒ බව පැහැදිලි කල බවයි.
බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරිම සඳහා විකල්ප ස්ථානයක් ලෙස උයන්වත්ත රජමහා විහාරය සංවර්ධනය වී ඇති බව තමන් විසින් යුනෙස්කෝ නිළධාරින්ට පෙන්වා දිමත් සමග ඒ අය තම ප‍්‍රකාශය පිළිගත් බවයි.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා කියා සිටියේ ස්වර්ණාලේපිත බුදු පිළිමය ඉවත් කරන ලෙස යුනෙස්කෝවට පෙත්සම් හා කරුණු ඉදිරිපත් කළ අය පිළිබඳව දන්නේ අස්ගිරියේ මහානායක හාමුදුරුවන් බවත් කෙසේ වෙතත් ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් කරන බවක් මේ වනතුරුත් අනාවරණය වී නොමැති බවයි.
විවිධ මාධ්‍ය ඔස්සේ මේ සඳහා විශාල ප‍්‍රචාරයක් රැගෙන ගිය ද එහි සත්‍යතාවයක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.
අමාත්‍යංශ ලේකම් නන්දා වික‍්‍රමසිංහ මහත්මිය මේ පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ යුනෙස්කෝ සංවිධානය හෝ අමාත්‍යංශය මෙතෙක් දඹුල්ල පිළිමය ඉවත් කිරිමට හෝ පුරාවිද්‍යා ස්ථාන විනාශ වී හෝ ඇති බවට තහවුරුකරගෙන නොමැති බවයි.
මෙහිදි ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහා නායක හිමිපාණන් කියා සිටියේ ලෝක උරුමයෙන් දඹුල්ල ඉවත් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදලට පුරා විද්‍යා දෙපාර්මේන්තුවට හෝ රංගිරි දඹුලූ රජමහා විහාරයට දැනුම් දී නොමැති බවත් ලෝක උරුම නාම ලේඛනයේ රංගිරි දඹුල රජමහා විහාරය භාරකාරත්වය ලෙස නම්කොට ඇත්තේ තමන් වහන්සේ බවත් පැවසුහ.
විවිධ අයගේ අවශ්‍යතාවයන් මේ හරහා ඉටු කර ගැනිමට උත්සහ දැරුව ද අවසානයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් රංගිරි දඹුල රජමහා විහාරස්ථානයත් ඒකාබද්ධව දඹුල්ල රජමහා විහාරස්ථානය ආරක්‍ෂා කරමින් එහි ඇති පිළිම බිතුසිතුවම් ආදි සියළු දෑ සංරක්‍ෂණය කළ යුතු බව ද පැවසුහ.
ලෝක උරුම ලැයිස්තුවෙන් දඹුල්ල රජමහා විහාරය ඉවත් කිරිමේ කථාබහෙන් පසුව රංගිරි දඹුලූ රජමහා විහාරයේ සංරක්‍ෂණ කටයුතු පිළිබඳ මෙම පිරිසේ අවධානය යොමුවිය.
ඒ අනුව මෙතෙක් දඹුලූ විහාරයේ සංරක්‍ෂණ කටයුතු සිදුකළමධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබ`දව සෑහීමකට පත්විය නොහැකි බව මහා නා හිමියෝ පෙන්වා දුන්හ.
ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයාත් දැනුම් දි සිටියේ මින් ඉදිරියට දඹුලු රජමහා විහාරස්ථානයේ සංරක්‍ෂණ කටයුතු විහාරභාරකාර හිමියන්ගේ අධික්‍ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පත්තොට සංරක්‍ෂණ කටයුතු සිදුකරන බවයි.
ඒ අනුව මුලික අවශ්‍යාතවයන් පිළිබඳ සොයා බැලිම සඳහා කාලරාමු වෙන්කර ගැනිමත් මාස දෙකකට වරක් සියළු නිළධාරින් එක මේසයකට පැමිණ සංරක්‍ෂණ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රගති සමාලෝචනයක් කිරිමටත් එකඟත්වය පළ කළහ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රංගිරි දඹුල්ල ලෝක උරුමයෙන් නොහැළේ
ගාමිණී ඇෆ්රික Tuesday, 15 July 2014 06:22 PM
කවුද මේ කීප දෙනා..........මේ ය ගැන රට දැනගන්න ඕනා.(ස)
නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 16 July 2014 05:46 AM
මේ අයගෙ නම් හෙලිකිරීම මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමක්. මේ රටේම ජීවත් වෙන ගමන් ආගම දහම රට ජාතිය පාවලා දෙන අය හෙලිකල යතුයි. (නදී)
වසන්ති Wednesday, 16 July 2014 02:33 PM
හොඳ ප්‍රවෘත්තියක් (නි)
pitigala Wednesday, 16 July 2014 04:17 PM
ඔය කීප දෙනා තමයි බෞද්ධයෝ ත්‍රස්තවාදියෝ කියා කියා ලෝකෙට කිව්වේ, ඒ උනත් ඒ ගොල්ල අද අපට වඩා බලවත්. අපේම අය තමයි ඒ ගොල්ලට මේ තරම් බලවත් වෙන්න පාර හදා දුන්නේ. ඉදිරියේදී තව තව දේවල් අපට පෙනේවි. දළදා මාලිගාව, ශ්‍රී පාද ස්ථානය, කතරගම දේවාලය වගේ තැන් ගැන. හැබැයි එතකොට පෙරහැර ගිහින්.(නදී)